Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
18
කොස්තාපල් හප්පලා බොනට් එක උඩ තියන් මහ රෑ ජාමේ කුරුඳුවත්තෙ රේස් ගිය සුරූපිනියන්ගේ චිකාගෝ ජවනිකාව

- කොස්තාපල් හප්පලා බොනට් එක උඩ තියන් මහ රෑ ජාමේ කුරුඳුවත්තෙ රේස් ගිය සුරූපිනියන්ගේ චිකාගෝ ජවනිකාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9 Views

‘‘මේ පාර වන් වේනේ කොහොමද ඔහොම යන්නෙ..“
රියදුරු ජංගම ගණිකා ජාවාරමක පාලිකාවක්...
වත්සුණු තැවරූ රූමතියන් හතර දෙනෙක්...


කොළඹ පාරවල් රාත්‍රියට පාළුයි. පහන් කණුවල ආලෝකයෙන් කොළඹ මංමාවත් අලංකාර වන්නේ එම පාළු ගතිය ටිකක් හෝ මකා දමමනි.

කොළඹ ඇතැම් මහත්තුරුන්ගේ විඩාව, පාළුව මකා දැමීම සඳහා නගර සොබනියන් ලක ලෑස්ති වන්නේද මේ කියූ රාත්‍රි කාලයේමය.

කොළඹ කළුවර වැටෙත්ම විවිධ ජාවාරම් ක්‍රියාත්මක වන්නට පටන් ගනී. ගණිකා ජාවාරම, මත්ද්‍රව්‍ය ජාවාරම ඒ අතර ජයටම කෙරෙන ජාවාරම් ලෙස හැඳින්විය හැකිය.


දවසේ රාජකාරි නිමවා අප නින්දට යන විට කොළඹ කේන්ද්‍ර කර ගනිමින් සිදුවන ජාවාරම් මැඬලීමේ අරමුණින් පොලිස් නිලධාරීහු කොළඹ මංසන්ධිවලට, මංමාවත්වලට පිවිසෙති.
කුරුඳුවත්ත පොලිසියට අනියුක්තව රාජකාරි කටයුතු සිදු කරන පොලිස් කොස්තාපල් උපුල් (71060) සහ පොලිස් කෙස්තාපල් ප්‍රදීප් (84770) දෙදෙනා නිදහස් චතුරස්‍රයට යාබදව පිහිටි ගෙග්‍රරි මාවතට පැමිණියේය.

එක් දිශාවකට පමණක් ගමන් කළ හැකි මාර්ගයේ මාර්ග නීති උල්ලංඝනය කරමින් හයිබ්‍රිඩ් වර්ගයේ කළු පැහැති සුඛෝපභෝගී මෝටර් රථයක් ඉදිරියට පැමිණෙමින් තිබිණි.

වහාම ක්‍රියාත්මක වූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා මෝටර් රථය නතර කරන ලෙසට සංඥා නිකුත් කළහ.

පොලිස් නිලධාරීන්ගේ අණ පරිදි සුඛෝපභෝගී මෝටර් රථය පොලිස් නිලධාරීන්ගෙන් මඳක් ඉදිරියට ගොස් නතර කෙරිණි.

"මේ පාර වන් වේනේ කොහොමද ඔහොම යන්නෙ. අපිට කරුණාකරලා ලයිසන් එක දෙන්න.“

මෝටර් රථයේ වීදුරු පහත් කිරීමෙන් අනතුරුව පොලිස් කොස්තාපල්වරුන් එහි රියැදුරු අසුනේ සිටි කාන්තාව ඇමතීය.

එහි ඉදිරිපස අසුනේ වත්සුණු තැවරූ රූමත් තරුණියකි. පසුපස අසුනේද එවන්ම වූ විවිධ වයස් සීමාවන්වල පසුවන රූමත් තරුණියන් සිවු දෙනෙකි.

මෝටර් රථයේ අංකය බැලීමට පොලිස් කොස්තාපල් උපුල් එහි ඉදිරිපසට ගියේය.

වාහන බලපත්‍රය ඉල්ලීමට උරණ වූ මෝටර් රථයේ රියැදුරු වූ කාන්තාව පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ඇසිපිය හෙළන පමණින් මෝටර් රථය රේස් කොට ඉන් පලා ගියාය.

අධික වේගයෙන් ඉගිළී ගිය මෝටර් රථය සිය සගයාද රැගෙන යනු දුටු ප්‍රදීප් මෝටර් රථය අල්ලා ගැනීමට එහි පිටුපසින් දිව ගියේය.

මෝටර් රථයද වේගයෙන් ඉදිරියට ඇදිණි.

මිනිස් පුළුටක් නැති එම ප්‍රදේශය පසු කරමින් රථය මෙට්ලන්ඩ් පාර ප්‍රදේශයට ඇතුළු විය.

අධික වේගයෙන් ඉදිරියට ඇදෙන මෝටර් රථයේ බොනට්ටුව මත සිට එය දෑතින් බදා ගෙන සිටි පොලිස් කොස්තාපල් උපුල් හට කටහඬක් ඇසුණි.

"සර්... සර්... උදවු ඕනෙද

මේට්ලන්ඩ් පාර දෙසට ගමන් කරමින් තිබූ වෑන් රථ රියැදුරකු සිද්ධිය දැක ඔහුගේ වෑන් රථය මෝටර් රථයට ළං කර විමසීය. "ඔව්... මාව බේර ගන්න"

ජීවිතයත් මරණයත් අතර සටනක නියැළෙමින් පණ බේරා ගැනීමට මෝටර් රථයේ බොනට්ටුව තදින් බදාගෙන සිටි පොලිස් කොස්තාපල් උපුල් එලෙස හඬ අවධි කළේය.

පොලිස් නිලධාරියා බේරා ගැනීමට සිය ගමනද අමතක කළ වෑන් රථ රියැදුරු මෝටර් රථයේ ගමන අඩාල කරමින් මෝටර් රථය පසුපස හඹා ගියේය.

එම ජවනිකාව හරියට මෝටර් රථ තරගයක් වැනිය. එසේත් නැතිනම් ත්‍රාසජනක චිත්‍රපටයක් වැනිය.

අධික වේගයෙන් ඉදිරියට ඇදුණු සුඛෝපභෝගී මෝටර් රථයේ ගමනට බාදා කරමින් වෑන් රථය ඉදිරිපසින් හරස් කොට නැවතීය.

වේගයෙන් ඉගිළී යන මෝටර් රථය මතට වැටුණු පොලිස් කොස්තාපල් උපුල්ද එහි වූ බොනට්ටුව දෑතින් බදා ගනු ලැබුවේද ජීවිතය බේරා ගැනීමටය.

පාළු මාවත් ඔස්සේ මෝටර් රථය තමන් ඉදිරියට ඇදුණේ නම් පොලිස් කොස්තාපල්වරයා එම මෝටර් රථයටම යටවී මරණයට පත්වීමට බොහෝ දුරට ඉඩ තිබිණි. එසේ නොමැති නම් මාරාන්තික තුවාල ලබන්නේය.

පොලිස් කොස්තාපල්වරයා බේරා ගැනීමට පැමිණියේ කොළඹ, බණ්ඩාරනායක මාවතේ පදිංචි මොහොමඩ් මන්සූර් මොහොමඩ් මන්සාර් මහතාය.

මෝටර් රථයේ ඉදිරි ගමනට බාධා කරමින් මඟ හරස් කර වෑන් රථය නවතනවාත් සමඟම මෝටර් රථයේ එන්ජිම සැණින් ක්‍රියා විරහිත විණි.

ඒත් සමඟම ඉන් බැසගත් රියැදුරු කාන්තාව ඇතුළු තරුණියන් හය දෙනා එම ස්ථානයෙන් පැන දුවන්නට වූවාය. රියැදුරු කාන්තාව පසුපස හඹා ගිය වෑන් රථ රියැදුරු ඇයගේ පය පැටලී බිමට වැටෙත්ම අල්ලා ගත්තේය.

එම මොහොත වනවිට මෝටර් රථයේ පිටුපසින් සිය සගයා බේරා ගැනීමට දුව ආ පොලිස් කොස්තාපල් ප්‍රදීප්ද මෝටර් රථය නැවතුණු ස්ථානයට පැමිණියේය. ඒ වනවිටත් සෙසු තරුණියන් පස් දෙනා පලාගොස් තිබිණි.

මෝටර් රථයේ රියැදුරු වූ කාන්තාව අනතුරුව පොලිස් අත්අඩංගුවට පත්විය.

ඇය 45 හැවිරිදි වියෙහි පසුවන කාන්තාවකි. ඇය කළුතර ඉසුරු උයන ප්‍රදේශයේ පදිංචි විවාහක තැනැත්තියකි.

සිද්ධිය සිදුවූ ඉකුත් 10 වැනි දින රාත්‍රි 11.30ට පමණ ඇය තරුණියන් පස් දෙනකු කුරුඳුවත්තේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවකට ලබා දීම සඳහා රැගෙන එමින් සිට ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සමාජ ශාලාවේ පුද්ගලයන් කිහිප දෙනකුගේ අවශ්‍යතා මත එම තරුණියන් පෙන්වීම සඳහා මෝටර් රථයට නංවාගෙන ඇය කොළඹට පැමිණ ඇත.

දුරකතනය හරහා සම්බන්ධ වෙමින් තරුණියන් සැපයීම ඇය විසින් කලක සිට සිදු කර ඇති බවටද විමර්ශනවලදී හෙළි වී තිබේ.

ඇය ජංගම ගණිකා ජාවාරමක පාලිකාව ලෙසත් කටයුතු කර ඇත. ඒ සඳහා එක් තරුණියකට රුපියල් 5,000, 4,000, 3,000ක මිලක් නියම වේ.

ඉන් හරි අඩක මුදලක් මෙම කාන්තාව විසින් ලබා ගන්නා බවද හෙළිවී ඇත.

ගණිකා ජාවාරම සම්බන්ධයෙන් ඇය මීට පෙරද අවස්ථා කිහිපයකදී කොල්ලුපිටිය, බම්බලපිටිය පොලිස් ස්ථාන මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල් උපුල් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය ඇතුළත් කෙරිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුඳුවත්ත පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මහේක සිල්වා මහතාගේ උපදෙස් මත එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපුල් ජයරත්න මහතා ඇතුළු කණ්ඩායම විසින් විමර්ශන කටයුතු මෙහෙයවනු ලබයි.

අදාළ කළු පැහැති හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයද කෝට්ටේ ප්‍රදේශයෙන් කුලී මුදලට ගෙන ඇති බවද විමර්ශනවලින් හෙළිවී ඇත. ඒ සඳහා අදාළ සැකකාර කාන්තාව දිනකට රුපියල් 3,500 ක මුදලක් ගෙවනු ලබයි.

සිද්ධියට අදාළව කරුණු සලකා බැලූ අධිකරණය සැකකාර කාන්තාව මාර්තු 17 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

මෝටර් රථයේ සිට පලා ගිය අනෙකුත් තරුණියන් පස් දෙනා සොයාද පොලිස් මෙහෙයුම් ආරම්භ වී ඇත.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top