Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
19
පණ වගේ ආදරේ කරපු සරෝජනී අවසන් ගමන් ගියාට පස්සේ ජයේ අතිනත ගත්තු මනෝරිගේ අනියම් පෙම අතටම මාට්ටු වුණු හැටි

- පණ වගේ ආදරේ කරපු සරෝජනී අවසන් ගමන් ගියාට පස්සේ ජයේ අතිනත ගත්තු මනෝරිගේ අනියම් පෙම අතටම මාට්ටු වුණු හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

මම දැනගෙන හිටියා මනෝරිට කොල්ලෙක් ඉන්න බව..
කළින් යාළුවෙලා හිටපු කොල්ලට තරුළුවෙලා ඇදේ නිදියගෙන ඉන්නවා දැක්කා..
මට උන්ගේ මරහඬ ඇහුණා...

ජයසිරි අලුතින් ගෙයක් හදාගත්තේ බිරිය මනෝරිත් එක්ක ජීවිතේ සතුටින් ගතකරන්න හිතාගෙන.

ඒත් ඒ සතුටු කඳුළු ගඟක් වන්නට වැඩි දවස් ගතවුණේ නැහැ. මේ ජයසිරිගේ සංවේදී කතාවයි.


මම මනෝරිව බැන්දේ අවුරුද්දකටත් අඩු යාළුකමකින් පස්ස්.

මනෝරි කියන්නේ මගේ නැන්දගේ දුව. නැන්දට දුවලා දෙන්නෙක් හිටියා.

මනෝරි තමයි පවුලේ බාලයා.

මනෝරිගේ අක්කා සරෝජිනී.

මම ඉස්සෙල්ලම යාළුවුණේ සරෝජි එක්ක. මනෝරිගේ අම්මා මගේ තාත්තගේ නංගි. අපේ තාත්තට යමක් කමක් තිබුණා.

මම තමයි පවුලේ එකම ළමයා.

අම්ම නම් කොහොමටවත් මේකට කැමතිවුණේ නැහැ.

තාත්තගෙ වචනයට පිටින් ගියෙත් නැහැ.

ඒ නිසා අකමැත්තක් හිතේ තිබුණත් අම්මා ඒ බව නොපෙන්වාම අපිට කැමැත්තක් කරගන්න දීලා හිටියා.

සරෝජි හරි ලස්සනයි. දිග කොණ්ඩයක් තිබුණා. ඒ වගේම එයා හොඳට ඉගෙන ගත්තා.

පුංචි කාලේ ඉඳලම මම ගෙදරට වඩා හිටියේ නැන්දලගේ ගෙදර.

සරෝජියි මමයි ලොකු වෙනකොටත් ඒ යාළුකම පුංචි සන්ධියටත් වඩා තදින් තිබුණා.

මනෝරි ලොකු වෙන්න ලොකු වෙන්න සරෝජිටයි මටයි ඉරිසියා කෙරුවා.

එයාට ඕනවුණා මට ලංවෙන්න. ඒත් මට ඕන වුණේ සරෝජිව බදින්න.සරෝජි මට හුඟක් ආදරේ කරපු බව ම දන්නවා.

එයා හරියට පුංචි ළමයෙක් වගේ. කාගෙවත් හිත රිද්දුවේ නැහැ. අපේ තාත්ත් සරෝජිට එයාගෙම දුවෙක්ට වගේ ආදරේ කළා.

මම රස්සාවක් ලැබිලා කොළඹ එන දවසේ සරෝජි හරි දුකෙන් හිටියේ. මම රස්සාවට ඇවිත් නතර වුණේ පුංචි අම්මගේ ගෙදර. හැම සතිඅන්තයේම මම ගෙදර ගියා.

ගෙදර යන්න කළින් මුලින්ම ගියේ සරෝජි බලන්න. ඇත්තම කිව්වොත් ඒ වෙනකොට අපේ යාළුකම අවුරුදු 10 ක් විතර ඇති.

තව කොච්චර කල් ඉන්නද පුතේ සරෝජිව මේ ගෙදරට ගේන්න.

දවසක් නිවාඩුට ගෙදර ගියාම අම්මා එහෙම කිව්වා.

මම තාත්තා අම්මා එදාම හවස සරෝජි බලන්න ගියා.

ඒ වෙනකොටත් අම්මලා හැමදේම සූදානම් කරලා තිබුණේ.

අපි ගෙදර ගියත් සරෝජි වෙනදා වගේ ඉස්සරහට ආවේ නැහැ. නැන්දා කිව්වා එයා අසනීපයෙන් ඉන්නේ කියලා. මනෝරි වෙනදාටත් වඩා උනන්දුවෙන් අපිට සැලකුවා.

මම අම්මට තාත්තට කතා කරන්න දීලා සරේජි ළගට ගියා.

ඒ යනකොටත් එයා හොඳටම නිදි.

මම හුඟක් වෙලා එයා ළඟට වෙලා හිටියා.

සරෝජි ඇහැරුණේ මම එයාගේ ඔලුව අතගාද්දි.

මගේ ඇඟට හරි නැහැ ජයේ.

සරෝජි මගේ උරහිසට හේත්තු වෙලා කිව්වා. අපි එදා සරෝජිලගේ ගෙදරින් ආවේ එයාට බෙහෙතුන් අරගෙන දීලා.

ඊට පස්සේ මම සුපුරුදු විදිහට වැඩට ගියා. මම වැඩියෙන් වැඩ කළා.

ඒ වෙනකොට මගේ එකම ප්‍රාර්ථනාව තිබුණේ ඉක්මනින්ම සරෝජිත් එක්ක එක වහලක් යටට එන්න.

මට ඕන වුණා සරෝජිටයි මටයි ගෙයක් හදන්න. මුලින් තාත්තා ඒකට කැමතිවුණේ නැහැ.

ඒත් පස්සේ කැමති වුණා.
මගුල් ගෙදරට කලින් ගේ හදන්න උවමනා නිසා හොඳ නැකතක් බලලා අපි අත්තිවාරම් දැම්මා.

අපි අපේ සිහින නිවස ඉදිකරන්න ගත්තා.

ඔය අතර තමයි දැනගන්න ලැබුණේ සරෝජි ලෙස වුණා කියලා.

මම ඒ පණිවුඩය ලැබුණදා හැන්දෑවෙම ගමේ ගියා.

අනේ පුතේ කෙල්ලව ඉස්පිරිතාලේ නතර කළා. බඩ රිදෙනවා. ඔළුව රිදෙනවා කියලා කිව්වා.

මගේ කෙල්ලට කාගේ ඇස්වහ කටවහ වැදිලද මන්දා. නැද්දා එහෙම කියලා අඩන්න ගත්තා.

මනෝරිත් කළුදු පුරවගෙන ඇවිත් මගේ අතේ එල්ලුණා.

පහුවදා උදේම සරෝජිව කොළඹ වෛද්‍යවරයෙක් ළඟට ගෙනියනවා කියලා.

ඒත් උදේ පාන්දර සරෝජිව බලන්න ගිය අපිට දකින්න ලැබුණේ එයාගේ අන්තිම හුස්ම පොද ගිලිහයිලා ගිය නිසල සිරුර.

මම දන්නේ නෑ මට මොනවා වුණාද කියලා.

අපි ඒ දවස් ටික කොහොම ගෙවා ගත්තද මන්දා.සරෝජි හැම වෙලාවකම මැවි මැවී මගේ ඉදිරියේ හිටියා.

හත් දවසේ පිංකම ඉවර වුණත් මට වැඩට යන්න හිතුනේ නැහැ. මනෝරියි නැන්දයි මාව බෙදාගෙන වැලපුණා.

අනේ අයියේ අපිව දාලා යන්න එපා.

මනෝරි මං ගෙදරින් එද්දි කෑගහලා ඇඩුවා. ඒත් මම හිතක් පපුවක් නති මිනිහෙක් වගේ එළියට බැහැලා ආවා.

සරෝජි ගැන මතකය මං කොහොම අමතක කරන්නද.?

අපි කවුරුත් දැනනෙ හිටියේ නැහැ සරෝජිට පිළිකාවක් තිබුණ බව.

මරණ පරීක්ෂණයෙදි තමයි එළිවුණේ සරෝජිගේ මොලයේ පිළිකාවක් තිබුණු බව.

මොකද පුතේ කරන්නේ..?

අම්මත් තාත්තත් මගෙන් එහෙම ඇහුවේ නැහැ. මම සතිදෙක තුන කොළඹට වෙලා හිටියා. සරෝජි ගැන මතකය කොහොම අමතක කරන්නද..?
මං බීමට ඇබ්බැහි වුණා.

පුංචි අම්මා ඒ බව අම්මට කියලා තිබුණා. අම්මා තාත්තා නැන්දා මනෝරි ඔක්කොම ආවා මාව බලන්න.

අනේ අයියේ බොන්න එපා.. ඔයාට මම ඉන්නවනේ.. මනෝරි මගේ ඇගේ දැවටි දැවටි කිව්වා.

මම දැනගෙන හිටියේ නැහැ අම්මලා මට මනෝරිව යෝජනා කරලා කියලා. ඒත් මම දැනගෙන හිටියා මනෝරි කොල්ලෙක් ඉන්න බව. නමුත් හැමදේම වෙන්න ඒ තරම් කාලයක් ගියේ නැහැ. 

සරෝජිගේ අවුරුද්දේ දානය දුන්නට පස්සේ මට මනෝරිය බදින්න වුණා.

තාත්තා මට කිව්වා ගමට මාරුවක් ගන්න කියලා.

ඒත් මම ඒකට හදිසි වුණේ නැහැ.

අලුත් ගෙදර හදලා අපි ඒ ගෙදර පදිංචි වුණා. මහා ලොකු මගුලක් නොත්තට මම මනෝරිව බැන්දා.

බැඳලා සුමානෙකට විතර පස්සේ මම ආයේ කොළඹ ආවා.

හැම සති අන්තයේම පුරුදු විදිහට ගමට ගියා.

මහ ගෙයයි අපේ ගෙයයි අතර කිලෝමීටර් පහක විතර දුරක් තිබුණේ.

පුතේ උඹට ගමට මාරුවෙයන්. අරකෙල්ල තනියම. නැන්දට ඔයාගේ ගෙදර නතර වෙන්නත් බෑනේ. මල්ලිව ගෙදර දාලා.

අම්මා මට හැමතිස්සෙම කිව්වා.

මනෝරි මම නැති දවස්වල හිටියේ එයාගේ ගෙදර.

ඒත් මට ගෙදර එන්න හිතුනේ නැති තරම්. ඒ වෙනකොට සරෝජිගේ මතකය මගෙන් අමතකවෙලා යමින් තිබුණා. එහෙම වුණා කියලා සරෝජි තරම්ම මනෝරි මගේ හිතට ලංවුණේ නැහැ.

ඒකට හේතුව මමද මනෝරිද කියන්න මම දැනගෙන හිටියෙත් නැහැ.

ඒත් මම ගමට මාරුවක් ගන්නවට නම් මනෝරි කැමති නැති බව මට තේරුණා.

ඒ වෙනකොට අපිට දරුවෙක් ලැබෙන්න ඕන කාලේ. නමුත් මනෝරිගේ එහෙම වෙනසක් පෙනුනේ නැහැ.

පුතේ ඔයා ගෙදර එන්න..

අම්මයි තාත්තයි නිතර නිතර මට ගමට මාරුවෙන් කියලා බලකළා. ඒත් ඒ ඇයි කියලා කවදාවත් හිතුවේ නැහැ.

දවසක් හැන්දෑවේ මම ගෙදර එද්දි මගේ හොඳම යාළුවා හමුවුණා. අපි හුඟක් වෙලා ආගිය තොරතුරු කතා කළා. මචං උඹට මනෝරිව විශ්වාසද..?
යාළුවා මගෙන් ඇහුවා. මම දෙවරක් හිතන්නේ නැතිව ඔව් කියලා කිව්වා.

යාළුවා මගේ දිහා ටික් වෙලා බලාගෙන හිටියා.

කමක් නෑ.. උඹට විශ්වාස වුණාට ටිකක් කල්පනාවෙන් හිටපං.

යාළුවා එහෙම කිව්වට පස්සේ මට එක එක දේවල් හිතෙන්න ගත්තා.

මනෝරිගේ පුංචි වෙනස්කමක් වුණත් මට දැනුනා.

එදා ගෙදර ගිය මං මනෝරි ගැන සෙවිල්ලෙන් හිටියේ. සැක කටයුතු දෙයක් හොයාගන්න තිබුණේ නැහැ.

මම උදේම කොළඹ එන්න පිටත් වුණා.

ඒත් මට හිත එකලස් කරගෙන වැඩට එන්න පුළුවන්කමක් තිබුණේ නැහැ.

ටවුමට ආව මම දවල් වෙනතුරු ටවුමේ එහෙ මෙහෙ ඇවිද්දා. මගේ හිත විකාරවෙලා තිබුණේ. උදේ මං ගෙදරින් එනකොට මනෝරි කිව්වා එයා අම්මලගේ ගෙදර යනවා කියලා.

මම ආයෙමත් ගෙදර යන්න තීරණය කළා.

ඒ වෙනකොට මම ටිකක් බීලයි හිටියේ.

මම ගෙදර ගියේ සිහිවිකල් වෙලා නෙවෙයි.

මං යනකොට ගෙදර දොර වහලා. මගේ ළඟ තිබුණු යතුරෙන් දොර ඇරලා මම ගෙට ගියා.

ඒත් ගෙට යද්දිම මම දැක්කා නුහුරු නුපුරුදු ෂර්ට් එකක් පුටුව උඩ දාලා තියෙනවා.

මං කාමරේට ගියේ හොරෙන් වගේ. 

කාමරේ දොර අඩවල් කරලා තිබුණේ. හෙමිහිට දොරෙන් බලපු මම දැක්කේ මනෝරි මාව බදින්න කළින් යාළුවෙලා හිටපු කොල්ලට තරුළුවෙලා ඇදේ නිදියගෙන ඉන්නවා. මට ඉහිලුම් නැතිව ගියා.

කාමරේ දොර ළගින් එළියට ආපු මම ආයෙම ඒ පැත්තට ගියේ කැත්ත අරගෙන. මට උන්ගේ මරහඬ ඇහුණා. ඒත් මම නතර වුණේ නැහැ.

මම උන්දෙන්නවම මැරුවා. මිනිස්සු මොනවා කිව්වත් මම මගේ ඇස් දෙකට දකිනතුරු මනෝරිව අවිශ්වාස කළේ නැහැ.

මම මිනීමරුවෙක්. 

මිනීමරුවෙක්ට ලැබෙන්න ඕන දඩුවම් මටත් ලැබුණා. මේක තමයි මගේ ජීවිතය. 

අම්මයි තාත්තයි වයසයි.ඒත් පුළුවන් වෙලාවට මාසයකට දවසක් හරි ඒ ගොල්ලෝ මාව බලන්න එනවා.

දැන් මගේ හිතට දුකක්වත් සතුටක්වත් නැහැ.

මම ඇත්තටම ආරේ කරපු ගෑණි මට අහිමිවුණා. මනෝරි කළේ අම්මලගේ හිත හදන්න මාව රවට්ටපු එක.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top