Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
28
දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට හෙණ ගහනවා කිව්ව ඇමති රංජන්ට වෙන්න යන දේ මෙන්න - වීඩියෝ

- දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට හෙණ ගහනවා කිව්ව ඇමති රංජන්ට වෙන්න යන දේ මෙන්න - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5 Views

දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට පහත් ලෙස බැන වැදීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ක්‍රියා නොකළහොත් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ප්‍රකාශ කළා.


ගම්පහ - දිවුලපිටිය - දූනගහ ප්‍රදේශයේ සිදුකෙරෙන පස් කැපීමක් සම්බන්ධයෙන් සොයා බැලීමට ඊයේ (27) එහි ගිය අවස්ථාවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රාදේශීය ලේකම්වරිය දුරකථනයෙන් සම්බන්ධ කර ගනිමින් එහි තත්ත්වය පිළිබද විමසීමක් කළා.

ඒ, ඇයට තර්ජනාත්මකව බැන වදිමින්.

එම අවස්ථාවේදී තමාගේ කීර්තිනාමයට හානි සිදුකිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා නඩු පවරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ ද ඊයේ (27) ප්‍රකාශ කළා.

මේ අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් එච්.එම්..එන්.එස්. හේරත් තමන්ට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් ප්‍රකාශ කළා.

නියෝජ්‍ය ඇමතිවරයා දැනුවත්කමකින් තොරව කටයුතු කර ඇතැයි ඔහු කියා සිටියේ මෙය පරිපාලන පද්ධතියට කළ බලපෑමක් බව ද සදහන් කරමින්.

අදාළ සිද්ධිය හෙළා දකිමින් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අද පස්වරුවේ මාධ්‍ය වෙත නිවේදනයක් ද නිකුත් කළ අතර, එහි සභාපති රංජිත් ආරියරත්න කියා සිටියේ රාජ්‍ය නිලධාරීන්ට ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම සකස් කර දෙන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

මෙම සිදුවීම පිළිබදව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන ද හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කළා.

ඔහු සදහන් කළේ නවක මන්ත්‍රීවරුන්ට රාජ්‍ය පරිපාලන ක්‍රම ගැන දැනුමක් නොමැතිවීම නිසා මෙවැනි ගැටළු හටගෙන ඇති බවයි.

මේ අතර, මෙම සිද්ධිය හෙළා දකිමින් දිවුලපිටිය - ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයින් අද විරෝධතාවයක ද නිරත වුණා.

අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ

"අවුරුදු 2ක් පුරා මෙතුමා දිස්ක්‍රික් සංවර්ධන කමිටුවට ඇවිල්ලා නෑගප්‍රා දේශීය සංවර්ධන කමිටුවේ මේවා කථා කරලා නෑ ඒවට ඇවිල්ලා නෑ.මං අහනවා මෙවැනි පරිසර ව්‍යවසනයන් සම්බන්ධව කාටද ලිඛිතව මේ කරුණු ඉදිරිපත් කළේ.මේ කිසි දෙයක් දන්නේ නැතුව පස් කපපු වළකට ගිහිල්ලා මාධ්‍ය සංදර්ශන තියලා මේක විසදන්න බෑ.ඔප්පු කරන්න ඉන්දික අනුරුද්ධ පස් හොරෙක් කියලා.මම මිලියන 500ක නඩුවක් දානවා අනිවාර්යයෙන්ම.දැන් මේ ප්‍රාදේශීය ලේකම්ට කොහොමද කථා කළේ.හොම්බට අයින්නම් කියලා හෙණ ගහන්නම් කියලා. ප්‍රාදේශීය ලේකම්ට දරුවෝ ඉන්නවා.ඉන්දික අනුරුද්ධට දරුවෝ ඉන්නවා.මේ දරුවෝම පාසල්වලට යන්න ඕනේ.රංජන් රාමනායකට ඒක නැති වුණාට මට කරන්න දෙයක් නෑ"

රංජිත් ආරියරත්න -සභාපති ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමය

"අමාත්‍යවරයා මේ විෂය ගැන නොදන්නාකම තමන්ගේ හැදියාව පිළිබඳ ප්‍රශ්නයක් ප්‍රදර්ශනය කළේ.සමස්ථ රාජ්‍ය සේවයටම මේක බරපතල ප්‍රශ්නයක්.ඒක නිසා අපි දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකිනවා අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය.අතිගරු ජනාධිපතිතුමාගෙනුත් අතිගරු අග්‍රමාත්‍යතුමාගෙනුත් අපි කාරුණිකව ඉල්ලා සිටිනවා මේ සම්බන්ධව අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්න කියලා.එහෙම නොවුණොත් එහෙම අපිට වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළැඹෙන්න සිද්ධ වෙයි කියලා අපි හිතනවා."

සුනිල් ජයලත්-ගම්පහ දිස්ත්‍රික් ලේකම්

"ඔය බලපත්‍රය නිකුත් කරලා තියෙන්නේ ප්‍රා දේශීය ලේකම්වරිය නෙවෙයි.ක්ෂණිකව විරෝධතාවක් මතුවෙලා තිබෙනවා.අමාත්‍යවරයා එතනට සහභාගීවෙලා තිබෙනවා.ඊට පසුව ප්‍රාදේශීය ලේකම්වරයිය එක්ක කථා කරනවා.බොහොම අප්‍රසන්න විදිහට නොගැලපෙන විදිහට තමයි කථා කළේ.රාජ්‍ය නිලධාරීන් ඒ විදිහට වචන අහන්න ඕනෙත් නෑ.ඔය තත්ත්වයන් තුළ රාජකාරී කරනවා කියන එක ලොකු අගෞරවයක්.එහෙම කරන්නත් බෑ.එහෙම කරන්න ඕනෙත් නෑ.දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රාදේශිය ලේකම්වරු මගෙන් අහනවා අපි කොහොමද මේ තත්ත්වයක් තුළ වැඩ කරන්නේ කියලා."

වජිර අබේවර්ධන-ස්වදේශ කටයුතු අමාත්‍ය

"මම අග්‍රමාත්‍යතුමා ඒ වගේම ජනාධිපතිතුමා දැනුවත් කර තිබෙනවා විශේෂයෙන් නවක දේශාපන කරළියට පැමිණ ඉන්න නවක උදවිය පාලනයේදී කෙසේද රාජ්‍ය යන්ත්‍රය සමග ක්‍රියාකළ යුත්තේ කියලා.ඒ ගැන ඇත්ත වශයෙන් පක්ෂයක් හැටියට ලගදීම අගමැතිතුමා ඒ සදහා වැඩමුළුවක් පවත්වනවා.ඒ වගේ කුඩා සිද්ධීන් අපිට නිවැරදි කරගෙන ගමන් කරන්න පුළුවන්.රාජ්‍ය නිලධාරීන් ආරක්ෂා කරගනිමින් කටයුතු කිරීමට මම විෂය භාර ඇමතිවරයා විදිහට බැඳී ඉන්නවා."

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top