හැබැයි අද අපි කියන්න යන්නේ ඒ කතාවටත් වඩා එහා ගිය, මුළු ඉතාලියම මවිත කළ සැබෑ ලංකික වීරවරියක් ගැනයි. ඇය නමින් සෝලංගආරච්චිගේ බාග්‍යා ෆ්‍රැන්චෙස්කා.
ඉතාලියේ ආරක්ෂක අංශ ගැන දන්නා අය දන්නවා Carabinieri කියන්නේ එරට රාජ්‍ය ආරක්ෂාවේ කොඳු නාරටිය වගේ ප්‍රභූ හමුදාමය පොලිස් බලකායක් කියලා. ඒ වගේ තැනක ඉහළම තනතුරක් හිමිකරගන්න ඉතාලි ජාතිකයන්ට පවා හීනයක්. හැබැයි අපේ බාග්‍යා, මේ අතිශය දුෂ්කර බලකායේ මාර්ෂල් තනතුරට පත්වෙලා ඉතිහාසය අලුතින්ම ලියලා තියෙනවා!
බොහෝ තරුණියන් තමන්ගේ හෙට දවස ගැන හිත හිතා ඉන්න වයසකදී, බාග්‍යා අද ඉතාලි ආරක්ෂක අංශයේ තීරණාත්මක පුටුවක වාඩි වෙලා ඉවරයි. ඇය හිමිකරගත් මාර්ෂල් නිලය අපේ රටේ පොලිස් පරීක්ෂක නිලයට සමාන වන අතර, පොලිස් ස්ථානාධිපති කෙනෙකුට හිමි වගකීම සහ ගෞරවය දැන් ඇය සතුයි.
ඇය වාණිජවේදී උපාධිධාරිනියක් වගේම භාෂා කිහිපයකම ප්‍රවීණත්වය ලැබූ දක්ෂයෙක්. ඉතාලි ජාතිකයන් සමඟ කරට කර සටන් කරලා, දුෂ්කර පුහුණුවීම් සහ බුද්ධි පරීක්ෂණ ජයගන්න බාග්‍යාට පුළුවන් වුණේ ඇය සතු ඒ අසමසම කැපවීම නිසයි. අද ඇය උරහිසේ පළඳින ඒ තරු පටි දෙක පිටුපස තියෙන්නේ කඳුළු, දහඩිය සහ විශාල කැපකිරීම් සමූහයක්!
බාග්‍යා මේ කරලා තියෙන්නේ රැකියාවක් විතරක් නෙවෙයි. යුරෝපයේ ඉන්න දහස් ගණන් ලාංකික දරුවන්ට ඇය ලොකු පාඩමක් ඉගැන්නුවා. උත්සාහය තියෙනවා නම්, විදේශ රටක වුණත් රජ වෙන්න පුළුවන් කියලා ඇය ඔප්පු කළා. ඇයගේ නහර වල දුවන්නේ ලාංකික ලේ වුණත්, අද ඇය මුළු ලෝකයම ශ්‍රී ලංකාව දෙස ගෞරවයෙන් බලන්න සලස්වලා තියෙනවා.