ඇයගේ රංගන කුසලතාවයටත් වඩා බොහෝ දෙනා ඇයට ආදරය කරන්නේ ඇය සතු ඒ නිහතමානී සහ අහිංසක පෙනුම නිසාවෙනි.
නිරන්තරයෙන්ම විලාසිතා ලෝකයේ අලුත් අත්හදා බැලීම් කරන ගිත්මා, මෙවර තම ප්‍රේක්ෂකයින් වෙනුවෙන් ඉතාමත් ආකර්ෂණීය සහ චමත්කාරජනක සේයාරූ එකතුවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා.
මෙවර ඇයගේ විලාසිතාව වඩාත් සුවිශේෂී වීමට ප්‍රධානතම හේතුව වූයේ ඇය හැඳ සිටි ඔලු මල් (Water Lilies) රටාවන්ගෙන් හැඩවූ සුදු පැහැති සාරියයි. සොබාදහමේ සුන්දරත්වයත්, ගිත්මාගේ අහිංසක පෙනුමත් එකිනෙක මුසුවූ මේ සේයාරූ පෙළ දුටු ඕනෑම අයෙකුගේ නෙත් ඇද බැඳ තබා ගැනීමට සමත් වන බව නොඅනුමානයි.
බොහෝ දෙනෙකුගේ හදවත් සොරාගත් ගිත්මා බණ්ඩාරගේ ඒ අපූරු විලාසිතාව ඇතුළත් සේයාරූ පෙළ පහතින් නරඹන්න.
