Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
08
හිරු සමඟ ශෙනායාගේ අලුත් ගමන... "ඇත්තටම මං ඔයාට ආදරෙයි" ගැන සුරූපී ශෙනායා හෙළි කළ රහස!

- හිරු සමඟ ශෙනායාගේ අලුත් ගමන... "ඇත්තටම මං ඔයාට ආදරෙයි" ගැන සුරූපී ශෙනායා හෙළි කළ රහස!Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

321 Views

ටෙලි තිරයේ නව පරපුරේ ආකර්ෂණීයම නිළියක් වන ශෙනායා වැන්‍රොෆ් කියන්නේ රංගනයෙන් වගේම රූපයෙනුත් ප්‍රේක්ෂක හදවත් වේගයෙන් දිනාගන්නා තරුවක්.


ලබන මැයි 11 වැනිදා සිට රාත්‍රී 9 ට හිරු TV ඔස්සේ විකාශය වීමට නියමිත "ඇත්තටම මං ඔයාට ආදරෙයි" ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයකින් ඇය ඔබ හමුවට ඒමට සූදානම්. ඒ ගැන ඇය අප සමඟ පැවසූ විශේෂ තොරතුරු කිහිපයක් මෙන්න..

ශෙනායා, මේ දවස්වල ජීවිතේ කොහොමද? හැමෝම ආදරේ කරන ශෙනායා හරිම කාර්යබහුලයි නේද?

"ගොඩක් හොඳින් ඉන්නවා! ඇත්තටම කිව්වොත් ටිකක් නෙවෙයි ගොඩක්ම කාර්යබහුලයි. මොකද මේ දවස්වල ටෙලිනාට්‍ය තුනක වැඩ කටයුතු එකවර කරගෙන යනවා. ඒ කාර්යබහුලත්වය ඇතුළේ ලොකු සතුටක් තියෙනවා. විශේෂයෙන්ම මැයි 11 වෙනිදා පටන් ගන්න අලුත් වැඩේ ගැන මම ඉන්නේ ලොකු බලාපොරොත්තුවකින්.

ලබන 11 වැනිදා ඉඳන් රාත්‍රී 9 ට හිරු TV එකෙන් එන "ඇත්තටම මං ඔයාට ආදරෙයි" ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම මට ලැබුණු මේ අවස්ථාව ගැන නිහතමානීව සතුටු වෙනවා. මොකද මේක මම හිරු TV එකේ ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණු පළවෙනි අවස්ථාව. ඉතින් ඒ අලුත් අත්දැකීම එක්ක මම හරිම උද්‍යෝගයෙන් සහ ආදරෙන් තමයි මේ නිර්මාණයට දායක වුණේ.

අපි කවුරුත් නොදන්න රහසක් අහන්නයි හදන්නේ.. මේ කතාවේ ශෙනායාගේ චරිතය මොන වගේ එකක්ද? පොඩි ඉඟියක් දෙන්න පුළුවන්ද?

(සිනාසෙමින්) මෙහෙමයි, මගේ චරිතයේ නම 'සුහර්ෂි'. ඇය හරිම ආදරණීය චරිතයක්. එක පැත්තකින් තමන්ගේ ව්‍යාපාර කටයුතු සාර්ථකව කරගෙන යන දක්ෂ කාන්තාවක්, ඒ වගේම තමන්ගේ පවුල් ජීවිතය සහ බිරිඳකගේ වගකීම හරිම ලස්සනට ඉටු කරන කෙනෙක්. දැනට ඔය ටික විතරයි කියන්නේ.. ඉතුරු ටික ඉස්සරහට බලලම දැනගන්නකෝ..

"ඇත්තටම මං ඔයාට ආදරෙයි" නමෙන්ම ලොකු ආදරයක් දැනෙනවා. මේක හැමෝම බලන සාමාන්‍ය ආදර කතාවක්මද?

"අනිවාර්යයෙන්ම ..නැහැ, මේක හරිම වෙනස් කතාවක්. මේ දවස්වල විකාශය වන ට්‍රේලර් බලනකොටත් රසිකයන්ට ඒ වෙනස දැනෙනවා ඇති. වැඩිහිටියන්ට වගේම කුඩා දරුවන්ටත් මුළු පවුලටම එකට වාඩි වෙලා බලන්න පුළුවන් හරිම ලස්සන නිර්මාණයක් මේක. මම හරිම ආසාවෙන් මේ වැඩේට සම්බන්ධ වුණේ, ඉතින් ප්‍රේක්ෂකයොත් මේක ආදරෙන් වැළඳගනී කියලා මට විශ්වාසයි."

ටෙලිනාට්‍ය තුනක වැඩ කරන ගමන් පෞද්ගලික ජීවිතේට වෙලාව වෙන් කරගන්නේ කොහොමද?

"ඇත්තටම ජීවිතේ බැලන්ස් කරගන්න එක තමයි ලොකුම අභියෝගය. ගොඩක් වෙලාවට ශූටින් වලම තමයි ඉන්න වෙන්නේ. එකවර නිර්මාණ තුනක වැඩ කරනකොට කාලය කළමනාකරණය කරගන්න එක පොඩ්ඩක් අමාරුයි. ඒත් ඒ කාර්යබහුලත්වය එක්කම මගේ ජීවිතෙත් ලස්සනට ගලාගෙන යනවා."

අවසාන වශයෙන්, ශෙනායාගේ රංගනය දකින්න මඟ බලන් ඉන්න රසිකයන්ට කියන්න තියෙන්නේ මොනවද?

"හැමදාම මාත් එක්ක ඉන්න, මට ආදරය කරන මගේ ආදරණීය රසිකයන්ට මමත් ගොඩක් ආදරෙයි. මම කරපු අලුත් චරිතය 'සුහර්ෂිව' ඔයාලා හැමෝම ආදරෙන් වැළඳගනීවි කියලා මම හිතනවා. ඒ නිසා අමතක කරන්න එපා, මේ 11 වැනිදා ඉඳන් රාත්‍රී 9 ට 'ඇත්තටම මං ඔයාට ආදරෙයි' නරඹන්න මම හැමෝටම ආරාධනා කරනවා!

ඉතින් ශෙනායා, ඔයාගේ කාර්යබහුල කාලය අතරේ අපේ Hiru Gossip රසිකයන් වෙනුවෙන් මේ වගේ සුන්දර කතාබහකට එකතු වුණාට අපි ඔයාට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. 'ඇත්තටම මං ඔයාට ආදරෙයි' ටෙලිනාට්‍යය හරහා ප්‍රේක්ෂකයන්ගේ ආදරය උපරිමයෙන්ම ලැබෙන්න කියලා අපි හදවතින්ම සුබ පතනවා!
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top