ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (12) පස්වරුවේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දිස්ත්‍රික්ක 9ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කළා.
මෙම අනතුරු ඇඟවීම හෙට (13) පස්වරු 4:00 දක්වා වලංගු වන බවයි වාර්තා වෙන්නේ.
බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඒ නිසා එම ප්‍රදේශයේ ජනතාව නායයෑමේ ලක්ෂණ ගැන වෙනදාටත් වඩා අවධානයෙන් ඉන්න වගේම, අවශ්‍ය වුණොත් වහාම ආරක්ෂිත ස්ථාන කරා යන්න සූදානමින් ඉන්න කියලත් පොලිසිය සහ සහන සේවා අංශ ඉල්ලා සිටිනවා.
පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් පහත දිස්ත්‍රික්කවලට නිකුත් කර තිබෙනවා.
මහනුවර, උඩපළාත, පාතහේවාහැට, යටිනුවර, ගඟ ඉහළ කෝරළේ, අකුරණ, ගඟවට කෝරළේ, දොළුව, පස්බාගේ කෝරළේ සහ පන්විල.
කෑගල්ල: අරණායක, රඹුක්කන, මාවනැල්ල, කෑගල්ල, බුලත්කොහුපිටිය සහ යටියන්තොට.
රත්නපුර: කලවාන, ගොඩකවෙල සහ රත්නපුර.
කළුතර: වලල්ලාවිට.
මාතලේ: නාවුල, අඹන්ගඟ කෝරළේ සහ රත්තොට.
මොණරාගල: වැල්ලවාය සහ බඩල්කුඹුර.
කුරුණෑගල: රිදීගම.
බදුල්ල: බණ්ඩාරවෙල.
ඔබ ජීවත් වන ප්‍රදේශයේ පොළොවේ ඇතිවන හදිසි ඉරිතැලීම්, ගස් හෝ විදුලි කණු ඇලවීම්, බිත්තිවල අලුතින් ඇතිවන පිපිරීම් හෝ හදිසියේ දිය උල්පත් මතු වීම වැනි දේවල් නිරීක්ෂණය වෙනවා නම්, තත්පරයක්වත් පමා නොවී වහාම එම ස්ථානවලින් ඉවත් වෙන්න කියලා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවට දැඩිව අවධාරණය කරනවා.