ඔන්න අද (මැයි 15 වැනිදා) වෙද්දී ඩොලරයේ අගය ගැන එතරම් සුබදායක නොවන පුවතක් මහ බැංකුවෙන් වාර්තා වෙනවා.
පහුගිය මාස කිහිපය පුරාම යම් පාලනයක තිබුණු ඩොලරය, අද වෙද්දී සෑහෙන දුරක් ඉහළට ගිහින්. ඒ කියන්නේ අපේ රුපියල ඩොලරයට සාපේක්ෂව ටිකක් අමාරුවක වැටිලා වගෙයි පේන්නේ.
අද දවසේ ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිල දත්ත වලට අනුව,
විකුණුම් අනුපාතිකය: රුපියල් 331.15 ක් දක්වා ඉහළ ගිහින්.
ගැනුම් අනුපාතිකය: රුපියල් 323.53 ක් ලෙස සටහන් වෙනවා.
මේ මාසය (මැයි) ආරම්භ වෙද්දී තත්ත්වය මීට වඩා ගොඩක් වෙනස්. මැයි මුලදී ඩොලරයක විකුණුම් මිල රුපියල් 323ක් වගේ අගයක තිබුණේ. බලනකොට දින කිහිපයක් ඇතුළත රුපියල් 8කින් විතර මිල වැඩි වෙලා...
ගොඩක් දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ආණ්ඩුව මාරු වුණාට පස්සේ මොකද වුණේ කියන එක. අපි පොඩ්ඩක් ආපස්සට ගිහින් බැලුවොත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දුන් 2024 සැප්තැම්බර් 23 වැනිදා ඩොලරයේ විකුණුම් මිල පැවතුණේ රුපියල් 309.28 ක් වැනි ඉතා අඩු මට්ටමකයි.
එදා ගැනුම් මිල රුපියල් 300.18 ක් වැනි සීමාවක තිබුණා.
සංසන්දනයක් කළොත් ජනාධිපතිවරයා පත්වුණු දවසට වඩා අද වෙද්දී ඩොලරයක මිල රුපියල් 22කින් විතර ඉහළ ගිහින් තියෙනවා.