Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
29
කුලියට ගත්තු සුපිරි නිවසේ 1500 ට කකුල් මසාජ් කරනවා කියලා අමුතු අමුතු සැප දුන්නු හැටි මාට්ටු

- කුලියට ගත්තු සුපිරි නිවසේ 1500 ට කකුල් මසාජ් කරනවා කියලා අමුතු අමුතු සැප දුන්නු හැටි මාට්ටුHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5 Views

ඔයාට කකුල් මසාජ් කළාම ඇතිද..?
වෙන ඕන දෙයක් කියන්න මම කරන්නම්...

තලවතුගොඩ පන්නිපිටිය පාරේ තිබෙන ස්පා මධ්‍යස්ථානය දෙස අසංක ඇස ගසාගෙන සිටියේ ටික දිනක සිටය.

එහි විශේෂයෙන්ම සිදු වූයේ පිරිමින්ගේ පාද මසාජ් කිරීමයි.

එම මධ්‍යස්ථානයේ ඇහැට කනට පෙනෙන කාන්තාවන් සිටින බවද දැන සිටි අසංක පසුගියදා එතැනට ගොඩවූයේ මාසික වැටුපෙන් ගෙදර වියදමටදී ඉතිරි කරගත් රුපියල් පන්දහසේ කොළයක්ද අතැතිවය.


එතැනට ගොඩවූයේ අසංකට පිළිගැනීමේ කවුන්ටරයේ කාන්තාවන් කිහිප දෙනෙකු සිටින බව දුටුවේය.

ඒ අතර සිටි වයස අවුරුදු විසි ගණන්වල පසුවන බවක් පෙනෙන්නට තිබූ තරුණිය දෙස ඔහුගේ දෑස් වැඩිපුර යොමුවිය.

මට මසාජ් එකක් කරගන්න ඕනේ. එන්න සර් පුළුවන්. ඇතුල්වීමේ ගාස්තුව රුපියල් එක්දහස් පන්සීයයි.

අසංක සිය මුදල් පසුම්බිය ගෙන එහි තිබූ පන්දහසේ කොළය පිළිගැනීමේ කවුන්ටරය වෙත ලබාදුන්නේය.

ඉන්පසු එතැන සිටි අය අසංක රැගෙන ගියේ කාන්තාවන් කිහිප දෙනෙකු ළඟටය.

මේ කට්ටියගෙන් කැමති කෙනෙක් තෝර ගන්න.

රුපියල් පන්දහසේ කොලය අතටගත් කාන්තාව එලෙස පවසද්දී අසංක එක්කෙනෙක් තෝරාගෙන අවසානය.

ඒ ඇතුල් වෙද්දීම ඇසගිය තරුණියයි. ඔහු ඇයට කැමති බව පැවසුවේය.

දුන් රුපියල් පන්දහසෙන් ඉතිරි තුන්දහස් පන්සියය අතට ගත් ඇය ඔහු ඇතුලට කැඳවාගෙන ගියාය.

එය පාටිෂන් ගසා කාමර ලෙස වෙන් කළ ශාලාවකි.

පත්තුවූ එකම රතු පැහැ බල්බයෙන් නිකුත්වන රතු එළිය අසංකගේ හැඟීම් උද්දීපනය කිරීමට සමත්විය.

අසල සිටි තරුණිය ඔහුගේ ඒ මානසිකත්වය තවත් වැඩි කළාය.

ඇය ඔහු කාමරයට කැඳවාගෙන ගියාය. එහි එක් පුටුවක් ඇත. එය ඇඳක් වන තුරුම දිග හැරීමට පිළිවන. ඇය ඔහුට එහි නිදාගන්නා ලෙසට පැවසුවාය.

අසංක එදින ඇඳගෙන ගොස් තිබුණේ කොට කලිසමකි.දිග කලිසම් ඇදගෙන එන අයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා මෙම ආයතනයෙන් කොට කලිසම්ද සපයයි.

පුටුවේ හිදගත් අසංකගේ පාදවල ක්‍රීම් වර්ගයක් තවරා ඇය ඒවා හොඳින් පිරිමදින්නට පටන් ගත්තාය. ඒ අතරේ ඇය ඔහුගෙන් තොරතුරු විමසන්නට වූවාය.
ඔයා කොහේද වැඩ කරන්නේ..?

මම ආර්.ටී.එකේ. ආ... හොඳ පඩියක් ගන්නවා ඇති නේද..?

ඔයාට කකුල් මසාජ් කළාම ඇතිද..? වෙන ඕන දෙයක් කියන්න මම කරන්නම්.

ඇයගේ කීමට අසංකට දැඩි සතුටක් දැනිණි. ඒ උපතින්ම ඔහු සරාගී පුද්ගලයෙකු බැවිනි.

ඔහුගෙන් කැමැත්ත ලද වහා ඇය ඉතිරි වැඩ කටයුතු ආරම්භ කළාය.

එලෙස කටයුතු සිදුවන අතරතුරේ ඔහු මිතුරෙකුට දුරකථන ඇමතුමක් ලබාගත්තේය.

මචං මම තලවතුගොඩ ඉන්නේ. මොකද කරන්නේ සෙට් වෙමුද..? හුඟ දවසකින් හම්බවුණේ නැහැනේ.

අපේ ගෙවල් පැත්තට වරෙන්. සෙට් වෙමු. එලෙස මිතුරාට දුරකථන ඇමතුමක් දුන් ඔහු තවදුරටත් ඇයගේ පහස ලබමින් සිටියේය.

විනාඩි දහයක් පමණ ගෙවී යන්නට ඇත.

වේගයෙන් ආ වෑන් රථයක් ස්පා ආයතනය ඉදිරිපිට නතර විය.

ඉන් බැස ගත් පිරිස ආයතනය වට කළහ. ඒ අතර සිටි එක් පුද්ගලයෙකු පොලිස් නිල ඇඳුමින් සැරසී උරහිසේ තරුවක්ද පැළඳ සිටියේය.

ඔහු මිරිහාන දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපතිවරයාය.

ස්පා ආයතනයක් පවත්වාගෙන යන මුවාවෙන් මෙම ස්ථානයේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යන බවට ලැබුණු තොරතුරු මත පොලිසිය ඒ පිළිබඳව විමර්ශනයක යෙදිණි.

එම විමර්ශනයේදී මෙම ස්ථානය ස්පා ආයතනයක් වුවද අවශ්‍ය අයට ගණිකාවන් සපයන බවට තොරතුරු හෙළි වෙයි.

අසංක දූෂණ මර්ධන ඒකකයේ කොස්තාපල්වරයෙකි. ඔහු එම ස්ථානයට යන්නේ උපාය දූතයෙකු ලෙසටය.

ඔහු රැගෙන යන රුපියල් පන්දහසේ කොලය පොලිස් දෙපාර්තමේන්තුව සතු වූවකි.

ඔහු මත්පැන් බීමට එන ලෙසට දුරකථන ඇමතුම දෙන්නේ ඒකකයේ ස්ථානාධිපතිවරයාටය.

ඒ මෙහෙයුමට පිටත්වීමට පෙර කතිකා කරගත් ආකාරයටය.

පොලිසිය එම ස්ථානය වටලන්නේ අධිකරණයෙන් ලබාදුන් සෝදිසි කිරීමේ වරෙන්තුවක්ද ඇතිවය.

පොලිසිය මෙම ස්ථානයේ සිටි කාන්තාවන් දස දෙනෙකුද එහි හිමිකරුද අත්අඩංගුවට ගත්තේය.

ඔහු ආබාධිත නාවික හමුදා භටයෙකි.

වයස අවුරුදු තිස් එකක් පමණ වන හිමිකරු අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ ස්ථානයේ සේවයේ නිරත කාන්තාවන්ගෙන් වැඩි දෙනෙකු අනුරාධපුර පදිංචි අය වූහ.

රුපියල් පනස් දහසක කුලියට ගත් ගොඩනැගිල්ලේ වසර තුනකට ආසන්න කාලයක් මෙම ගණිකා ව්‍යාපාරය පවත්වාගෙන ගොස් තිබිණි.

ඔවුන් මෙහි හිමිකරු හා පවතින හිතවත්කම් මත මෙම ස්ථානයේ රැකියාවට පැමිණ සිටියේය.

ඊට අමතරව පුවත්පත් දැන්වීම්වලින්ද කිහිප දෙනෙකු තෝරාගෙන තිබිණි.

මෙම ස්ථානයේ සිටි කාන්තාවන් අතරින් වයස අඩුම තරුණිය විසි වන වියේද වැඩිමල් කාන්තාව හතලිස් දෙවැනි වියේද පසුවූහ.

මොවුන් නිවෙස්වලට පවසා ඇත්තේ රූපලාවන්‍ය ආයතනවල සේවය කරන බවය.

ආයතනයේ හිමිකරු මේ සෑම කාන්තාවකටම මසකට රුපියල් තිස් දහසක පමණ වැටුපක් ගෙවයි.

ඊට අමතරව දක්ෂතා මත ඔවුන්ට මුදල් උපයාගත හැකිය.

ඒ අනුව එක් කාන්තාවකගේ මාසික ආදායම රුපියල් එක් ලක්ෂ පනස් දහස ඉක්මවන බව පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී තිබේ.

මොවුන්ට මසකට දින හතරක නිවාඩුවක් ලැබේ.

සැලොන් රැකියාවෙන් හොඳ ආදායමක් ලබා ගන්නා බව කියමින් ගමට යන මෙම කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදෙන බවට ගමේ කිසිවෙකුත් දන්නේ නැත.

අත්අඩංගුවට ගත් කාන්තාවන් සහ එහි හිමිකරු වැඩිදුර විමර්ශන සඳහා තලංගම පොලිසියට බාරදීමට මිරිහාන කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය කටයුතු කළේය.

තලංගම පොලිසිය මෙම පිරිස අධිකරණයට ඉදිරිපත් කළ අතර එක් කාන්තාවකට රුපියල් සියය බැගින්ද දඩද එහි හිමිකරුට රුපියල් පනස් දහසක දඩයක්ද අධිකරණයෙන් නියම කර තිබිණි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top