ඔන්න දැන් ලැබුණු අලුත්ම වාර්තාවලට අනුව ජපානයට ප්‍රබල භූකම්පනයක් එල්ල වෙලා තියෙනවා. මේකෙ ප්‍රබලතාවය රික්ටර් මාපකයේ 6.3ක් විදියටයි සටහන් වෙලා තියෙන්නේ.
මේ කම්පනය හටගෙන තියෙන්නේ ජපානයේ මියාගි ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේයි. මහ පොළොව මතුපිට ඉඳලා කිලෝමීටර් 50ක් තරම් ගැඹුරින් තමයි මෙහි කේන්ද්‍රය වාර්තා වෙලා තියෙන්නේ. මුහුදේ මෙච්චර ලොකු කම්පනයක් වුණාම හැමෝටම තියෙන බය තමයි ඊළඟට මොකද වෙන්නේ කියන එක.
මේ භූමිකම්පාවත් එක්කම ජපන් වැසියන් වගේම ලෝකවාසීනුත් තැතිගැන්වුණේ සුනාමි අනතුරක් එයිද කියන බයටයි. හැබැයි මේ වෙද්දී ලැබෙන තොරතුරු අනුව නම් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරලා නැහැ.
ජපානය කියන්නේ මේ වගේ සොබාදහමේ අභියෝග වලට හොඳින් මුහුණ දෙන රටක් වුණත්, 6.3ක කම්පනයක් කියන්නේ සුළුපටු දෙයක් නෙවෙයි.