මෙම අවාසනාවන්ත සිදුවීම පසුගිය මැයි මස 04 වන දින වැලිගම, පාතේගම ප්‍රදේශයේදී සිදුව ඇති බවයි වාර්තා වන්නේ. සියල්ලන්ටම රහසක්ව තිබූ මෙම අමානුෂික දර්ශන පෙළ මේ වන විට සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ වීමත් සමඟ රට පුරා දැඩි කතාබහක් සහ පිළිකුලක් නිර්මාණය වී තිබෙනවා..
වාර්තා වන අයුරින්, මෙම පුතා විසින් සිය මහලු පියාට ඉතාමත් නින්දිත අයුරින් පහර දෙන අතර, පියා අසරණව බිම වැටී සිටියදී පවා එම නරුම පුතා සිය පහරදීම් නතර කර නැත. පියෙකුගේ සෙවණැල්ල යට හැදී වැඩී, අවසානයේ එම පියා අසරණ වූ කල මෙලෙස සැලකීම පිළිබඳව ප්‍රදේශවාසීන් මෙන්ම මුළු මහත් රටම සිය විරෝධය පළ කරමින් සිටින බවයි සඳහන් වෙන්නේ..
සමාජ මාධ්‍ය හරහා පළ කරන ලද වීඩියෝවක් ඇසුරෙන්