තමන් පණ මෙන් ආදරය කළ, මහන්සියෙන් හරිහම්බ කරගත් මුදලින් මිලදී ගත් යතුරුපැදියම තමන්ගේ අවසාන ගමනට පාර කපනු ඇතැයි ඔහු කිසිවිටෙකත් නොසිතන්නට ඇති.
මියගොස් ඇත්තේ ඉතාලියේ මොඩෙනා (Modena) හි රැකියාවක නිරතව සිටි 27 හැවිරිදි තක්ෂිල මනුජිත් නැමැති තරුණයෙකි. ඉතාලියේ සිටියදී ඔහු දුටු ලොකුම හීනයක් වූයේ Ducati 899 වර්ගයේ සුපිරි යතුරුපැදියක් හිමිකර ගැනීමයි. දැඩි කැපවීමෙන් වැඩ කර ඔහු එම හීනය සැබෑ කරගත් අතර, නිවාඩුවට ලංකාවට පැමිණෙන විට එම යතුරුපැදියද මෙරටට ගෙන්වා ගැනීමට ඔහු කටයුතු කර තිබුණා..
සංවේදීම කරුණ වන්නේ මීට දින කිහිපයකට පෙර, එනම් මැයි 7 වැනිදා, තක්ෂිල සිය මුහුණුපොතේ ප්‍රොෆයිල් ඡායාරූපය ලෙස යාවත්කාලීන කර තිබුණේ ද මෙම යතුරුපැදිය සමඟ ඉතා අලංකාර ලෙස ගත් ඡායාරූපයක්. එහෙත් දෛවයේ සරදමකට මෙන්, ඔහු එදා ආසාවෙන් දැමූ ඒ ඡායාරූපය අද ඔහුගේ මරණ දැන්වීම් සඳහා භාවිතා වන ඡායාරූපය බවට පත් වෙලා තියෙනවා...
යළිත් ඉතාලිය බලා පිටත්ව යාමට දින කිහිපයක් තිබියදී, පැල්මඩුල්ල බත්ගම්ගොඩ ප්‍රදේශයේදී ඔහු සිය යතුරුපැදිය පදවාගෙන යද්දී අධික වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටිලා තියෙනවා... බරපතළ තුවාල ලැබූ තක්ෂිල එම ස්ථානයේදීම අවසන් හුස්ම හෙළා ඇති බවයි වාර්තා වෙලා තියෙන්නේ...
තක්ෂිලගේ හදිසි වෙන්වීම අදහාගත නොහැකිව ඔහුගේ මිතුරන් සහ හිතවතුන් සමාජ මාධ්‍ය පුරා තබා තිබූ සටහන් ඕනෑම අයෙකුගේ නෙතට කඳුළක් උනන සුළුයි.
"උබේ ආසම වාහනෙන් උබ යන්නම ගියා.."
"උඹ ඕක ගන්න සෑහෙන්න මහන්සි වුණා බන්.. දන්නවද දැන් බයික් එකත් නෑ අයියත් නෑ"
"අයියේ මම ලංකාවට යනවා, ගිහින් ආවහම සෙට් වෙමු කිව්ව උබ අද ආපහු එන්නෙ නෑ නේ සුද්දා.."
තවත් දින කිහිපයකින් නිවාඩුව නිම කර යළි රැකියාව සඳහා පිටත්ව යාමට සිටි මේ තරුණයාගේ නික්ම යාම මුළු මහත් ප්‍රදේශයම ශෝකයට පත් කරලා තියෙනවා.