මේ නිසා ජල මට්ටම පාලනය කරන්න බලධාරීන් අද (09) පස්වරු 3.00 ට වැවේ හදිසි වාන් දොරටු දෙකක් විවෘත කිරීමට පියවර ගත්තා. ජලාශ භාර ඉංජිනේරු කාර්යාලය පවසන පරිදි හදිසි වාන් දොරටු දෙක අඟල් 06 බැගින් විවෘත කර තිබෙනවා. මේ වන විට තත්පරයට ඝන අඩි 588ක ජල ධාරිතාවයක් කලාඔය වෙත මුදා හැරෙමින් පවතිනවා. අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ මේ අවට ප්‍රදේශවලට මිලිමීටර් 71ක විශාල වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.
වැවේ සමස්ත ජල ධාරිතාවය අක්කර අඩි 85,505ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, තත්පරයට ඝන අඩි 3,868ක ජලයක් තවමත් වැවට ගලා එමින් පවතිනවා. ඉතින් වැස්ස දිගටම ලැබුණොත් තවත් වාන් දොරටු විවෘත වෙන්න ඉඩ තියෙන නිසා කලාඔය අවට ඉන්න හැමෝම මේ ගැන සලකිල්ලෙන් ඉන්න එක හරිම වැදගත්.