මේ සිදුවීමත් එක්ක මුළු ප්‍රදේශයම ලොකු කම්පනයකට පත්වෙලා.
මිතුරන් දෙදෙනෙකු එකතු වෙලා මාඔයේ දිය නාමින් ඉන්න අතරතුරයි මේ අනතුර වෙලා තියෙන්නේ. දියේ ගිලුණු තරුණයින් දෙදෙනාගෙන් එක් අයෙකු බේරාගැනීමට හැකි වුණත්, අනෙක් තරුණයාට තමන්ගේ ජීවිතයෙන් සමුගන්න සිදුවෙලා තිබෙනවා.
පොලිසිය පවසන පරිදි මෙම අවාසනාවන්ත අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 15ක දරුවෙක්. ඔහුගේ සිරුර මේ වන විට අරණායක රෝහලේ තැන්පත් කර තිබෙනවා.
බේරාගත් අනෙක් තරුණයා මේ වන විට ප්‍රතිකාර ලබන බවයි වාර්තා වෙන්නේ.