ඔබ දන්නවාද? අපේ රටේ මුළු ජනගහනයෙන් 84%ක්ම තමන්ගේ මරණින් පස්සේ තවත් කෙනෙකුට ලෝකය දකින්න ඇස් දන්දීම සඳහා කැමැත්ත පළ කරලා තියෙනවා. මේක මුළු ලෝකයටම ලොකු ආදර්ශයක්! ජාතික අක්ෂි බැංකුවට වසර 15ක් පිරීම නිමිත්තෙන් පැවැති මාධ්‍ය හමුවකදී තමයි මේ සතුටුදායක පුවත අනාවරණය වුණේ.
කොළඹට විතරක් සීමා නොවී, දැන් මහනුවර, කරාපිටිය, අනුරාධපුරය සහ යාපනය වැනි ප්‍රධාන රෝහල්වලත් සාර්ථකව ඇස්වල කුණීත (විනිවිද පටල) බද්ධ කිරීම් සිදුවෙනවා. ඉදිරියේදී මේ පහසුකම් දිවයිනේ අනෙක් රෝහල්වලටත් ව්‍යාප්ත කරන්න සෞඛ්‍ය අංශ සූදානම් වෙනවා.
ජාතික අක්ෂි බැංකුව පිහිටුවපු දවසේ ඉඳන් මේ වෙනකම්,
කුණීත 17,000කට වඩා එකතු කරලා තියෙනවා.
ඒවායින් 12,000ක්ම සාර්ථකව ලාංකික රෝගීන්ට බද්ධ කරලා පෙනීම ලබා දීලා තියෙනවා.
අපේ රටේ අතිරික්ත කුණීත 4000-4500ක් විදේශ රටවල්වල ඉල්ලීම මත ඒ රටවලටත් ප්‍රදානය කරලා තියෙන්නේ ලංකාවේ නම ලෝකේ ඉහළින්ම තියමින්.