මේ කියන්න යන්නේ අන්න ඒ වගේ තවත් එක් විශේෂ ග්‍රහ පිහිටීමක් ගැන කතාවක්. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන විශේෂ වෙන කතාවක්.
ග්‍රහලොව දඩබ්බරයා, හිතුවක්කාරයා, චන්ඩියා යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වනු ලබන සටනට කාරක කුජ ග්‍රහයා තමාගේ ස්වශේෂ්ත්‍ර රාශියක් වන මේෂ රාශියට 2026.05.11 ප.ව. 12.38 ට ගෝචර වෙනවා. එතැන් පටන් සෙන්පති කුජ දින 40 ක් රජ ගමනේ ගමන් කරයි.
මේ මොහොත වන විට සිංහ ලග්නයත්, මේෂ නවාංශකයත් උදාව පවතිනවා. එහිදී ලග්නගතව කේතු ද හත්වැන්නේ සඳු, රාහු ද, අටවැන්නේ ශනිද, නමවැන්නේ රවි, කුජ, බුධ ද, දස වැන්නේ සිකුරුද, එකොළොස් වැන්නේ ගුරුද මෙසේ ගමන් ගෙන තිබුණා. භූමියට කාරක කුජ බලවත්ව ගමන් කරන මෙම කාලය තුළ භූමියෙන් වටිනා දෑ හමු වීමට ඉඩ පවතිනවා.
ප්‍රබල මාරක අනතුරක සේයාවක් ද ජුනි 21 ට පෙර සිදු වන බව පෙන්නුම් කරයි. ආරක්ෂක අංශයන්හි කිතු ගොස වර්ධනය වන පුවත් ඔබට අසන්නට ලැබෙනවා. ප්‍රධාන ආරක්ෂක පුටුවක වෙනස් කමක් ද ඉදිරි සති දෙක තුන ඇතුළත පෙන්නුම් කරනු ලබයි.
තත්කාල කේන්ද්‍රයේ ගුරු 22 වන දෙර්‍රකානාධිපතිට අයන්ව ගමන් කිරීම මන ආගමික නායකයන් වහන්සේලාට, නීතිපති ක්ෂේත්‍රයේ අයට මෙන්ම බැංකු, මූල්‍ය ආයතන වල කඩා වැටීම් ද පෙන්නුම් කරනු ලබනවා.
සමහර අවස්ථාවලදී රටේ ආර්ථික තත්ත්වයට ද බොහෝ සෙයින් බලපෑම් ඇති කරනු ලබන අතර, කුම්භ ලග්න ලංකා කේන්ද්‍රය තුළ තෙවෙනි භාවය තුළ කුජ ගෝචර වෙනවා.
ඒ අනුව තැපැල්, විදුලි සංදේශ, පොදු ප්‍රවාහන යන අංශවල වරින් වර ගැටලු, බාධක, ප්‍රශ්න ඇති වන බව පෙනේ. එමෙන්ම සඳු රාහුගෙන් පීඩාවට පත්ව ගමන් කිරීම හේතුවෙන් ජලයට සම්බන්ධ අනතුරු වලින් මිය යාම් ඇති විය හැකි දින කිහිපයක් ද වෙනවා.
මෙරට සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ සංඝ පීතෘවරයන් වහන්සේ නමකගේ හදිසි අපවත් වීමක් ගැන ද ඉදිරි දින කිහිපය තුළ ඔබට අසන්නට ලැබෙනවා.
කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ 10 අධිපති මෙසේ බලවත්ව ගමන් කිරීම රජය යම් යම් අවස්ථාවල දැඩි තීන්දු ගන්නා බවක් ද පෙනෙන්නට තිබෙනවා.
නැකත ජෝතිශ්‍ය පුවත්පතෙන්..