ඒත් විජේගේ ජයග්‍රහණයත් එක්ක මේ කතාව ටිකක් වෙනස් පැත්තකට යොමුවෙනවා. මෙය බොහෝ දෙනා කතා කරන තවත් එක් ආන්දෝලනාත්මක සිදුවීමක්.
ඔවුන් දෙදෙනාට මේ ජයග්‍රහණයෙන් පසු කාගේත් අවදානය යොමුවෙලා. දන්නවාද ඒ ගැන ඇසෙන අලුත්ම ආරංචිය මොකක්ද කියලා.
දකුණු ඉන්දීය සුපිරි නළු විජේ විසින් මෙවර තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණය සඳහා ඉදිරිපත් කළ "තමිලග වෙට්‍රි කසාගම්" (TVK) පක්ෂය සිය මංගල මැතිවරණයෙන්ම දැවැන්ත ජයග්‍රහණයක් කරා ළඟා වුණා.
පසුගිය මැයි 4 වනදා ආරම්භ වූ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අවසානයේ විජේගේ පක්ෂය ආසන 108ක් ජයග්‍රහණය කරමින් තමිල්නාඩුවේ තනි විශාලතම පක්ෂය බවට පත්ව තිබුණා.
තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ බහුතරය සඳහා ආසන 118ක් අවශ්‍ය වන අතර විජේගේ පක්ෂය එම සීමාවට ඉතා ආසන්නව සිටීම විශේෂත්වයක්.
මේ අතර, මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙමින් පවතින අවස්ථාවේදී ප්‍රසිද්ධ දකුණු ඉන්දීය නිළි ති්‍රෂා ක්‍රිෂ්ණන් (Trisha Krishnan) චෙන්නායි හි පිහිටි විජේගේ නිවසට පැමිණීම ඉන්දීය මාධ්‍යවල දැඩි අවධානයට ලක්ව තිබුණ බව කිව යුතුයි.
ඇය විජේගේ නිවසින් පිටව යන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය පුරා දැඩි කතාබහක් ඇති කර තිබෙනවා.
මැයි 4 වනදා ති්‍රෂාගේ 43 වන උපන්දිනය ද යෙදී තිබුණු අතර, ඇය තිරුපති කෝවිලේ වන්දනාමාන කිරීමෙන් අනතුරුව මෙලෙස විජේගේ නිවසට පැමිණ ඇති බවයි දැනගන්න ලැබුණේ.
විජේ සහ ති්‍රෂා අතර පවතින බව කියන සමීප සම්බන්ධතාවය පිළිබඳව කාලයක සිට පැතිර යන කටකතා මධ්‍යයේ මෙම හමුවීම තමිල්නාඩු දේශපාලන සහ සිනමා ක්ෂේත්‍රය තුළ දැඩි කුතුහලයක් මතු කර තිබෙනවා.