ඒ, සුපිරි වෙළඳසැලකට භාණ්ඩ රැගෙන ආ කන්ටේනර් රථයකටම යටවී එහි සහායකයා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වීමේ පුවතයි.
පොලිසිය පවසන පරිදි, මෙම කන්ටේනර් රථය පැමිණ ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ සිටයි. නාවලපිටිය නගරයේ පිහිටි ප්‍රසිද්ධ සුපිරි වෙළඳසැලකට ආහාර ද්‍රව්‍ය ගොඩබෑම සඳහා පැමිණි මෙම රථය, එහි ගබඩාව වෙත ඇතුළු කිරීමට උත්සාහ කර තිබෙනවා.
ප්‍රධාන මාර්ගයේ සිට රථය පසුපසට (Reverse) ධාවනය කරන අවස්ථාවේදී, රථයේ සහායකයා ලෙස කටයුතු කළ තරුණයා රථයට පිටුපසින් සිට මාර්ගය පෙන්වා ඇති බවයි පැවසෙන්නේ.
නොසිතූ මොහොතක, රථයේ පසුපස කොටස සහ ගබඩාවේ බිත්තිය අතර වූ පටු ඉඩෙහි මෙම තරුණයා සිරවී තිබෙනවා. බරපතළ තුවාල ලැබූ ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙලෙස අවාසනාවන්ත ලෙස මෙලොව හැරගොස් ඇත්තේ 24 හැවිරිදි වියේ පසුවූ තරුණයෙක්. තමන් උපයන සොච්චම් මුදලින් ජීවිතය ගැටගසා ගන්නට වෙහෙස වූ තරුණයෙකුට මෙවැනි ඉරණමක් අත්වීම ප්‍රදේශවාසීන්ද කම්පනයට පත්කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කන්ටේනර් රථයේ රියදුරා නාවලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.