හේතුව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය කරන්න පත්කරපු අතුරු පාලක කමිටුවේ සභාපති ධුරය. "දේශපාලනයයි ක්‍රිකටුයි පටලවගන්න මම ලෑස්ති නැහැ" කියන පණිවුඩය දෙන්න එරාන් තමන්ගේ පක්ෂ තනතුරු සියල්ලටම "ටටා" කියලා තියෙනවා.
ලංකාවේ දේශපාලකයෝ තනතුරු අතහරින්නේ හීනෙන්වත් නොහිතන විදිහට වුණත්, එරාන් පක්ෂ විධායක කමිටුවෙනුයි, කළමනාකරණ කමිටුවෙනුයි අයින් වෙලා තියෙන්නේ සැබෑ "ජෙන්ටල්මන්" කෙනෙක් විදිහට.
"ඔව්, එයා අස්වුණා" කියලා සජබ මහලේකම්වරයා මේ වෙනකොටත් නිල වශයෙන් කියලා ඉවරයි.
"ක්‍රිකට්වලට දේශපාලනය ගාවගන්නේ නැහැ" කියන එරාන්ගේ මේ තීරණයට ෆේස්බුක් එකේ එහෙම ලොකු ප්‍රශංසාවක් ලැබෙනවා.
ලංකාවේ ක්‍රිකට් මේ දවස්වල තියෙන්නේ අන්තිම අඩියටම වැටිලා. ඉතින් මේ වැටිච්ච ක්‍රිකට් ගොඩදාන්න ආපු මේ "වෘත්තීයවේදියා" ක්‍රිකට් පිත්ත හරි පැත්තට කරකවයිද? නැත්නම් දේශපාලනයෙන් අයින් වෙලා කරගත්තේ අපරාධයක්ද?
සජබයට නම් මේක ලොකු පාඩුවක්, හැබැයි ක්‍රිකට්වලට නම් මේක සුබ ලකුණක් වෙන්න පුළුවන්!