මොරටුව දෙස සිට පානදුර දෙසට ගමන් ගත් බස් රථයක් රියදුරුට ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මාර්ගයේ විරුද්ධ දෙසට ධාවනය වුණු පුවතක් වාර්තා වුණා.
මෙලෙස ධාවනය වී අසල තිබූ ලී බඩු මඩුවක වැදී එම බස් රථය නැවතී තිබුණා.
අනතුරෙන් බස් රථයේ කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැති අතර මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක බස්රථය ගැටී එහි ගමන්ගත් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, තුවාල ලැබූ ඔවුන් පානදුර මුලික රෝහලට ඇතුළත් කර තිබුණා.
කෙසේවෙතත්, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
අනතුර සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු මොරටුව පොලීසිය රථ වාහන අංශය විසින් සිදුකරනු ලබනවා.