නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකර මුහුදු කූඩැල්ලන් ඇල්ලීමේ නිරත වුණු පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය කුඩා ඉරිප්පු වෙරළ ප්‍රදේශයේ පෙරෙයිදා සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් මෙම වලංගු කිමිදුම් බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකර මුහුදු කූඩැල්ලන් අල්ලා ගොඩබිමට රැගෙන එන ලද මෙම පුද්ගලයින් තිදෙනා සමඟ මුහුදු කූඩැල්ලන් 450ක් ඩිංගි යාත්‍රාවක් සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 27ත් 44ත් අතර වයසේ පසුවන මන්නාරම ප්‍රදේශයෙහි පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර සැකකරුවන්, මුහුදු කූඩැල්ලන් තොගය, කිමිදුම් උපකරණ සමඟ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතීමය කටයුතු සඳහා යාපනය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දී තිබෙනවා.