විශේෂයෙන්ම පහත සඳහන් පළාත් සහ දිස්ත්‍රික්කවලට මි.මී. 75 ඉක්මවූ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි වාර්තා වෙන්නේ,
බස්නාහිර සහ සබරගමුව පළාත්
මධ්‍යම සහ ඌව පළාත්
දකුණු සහ උතුරු-මැද පළාත්
කුරුණෑගල දිස්ත්‍රික්කය
මීට අමතරව දකුණු පළාතේ ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේදීත් වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා.මධ්‍යම, සබරගමුව පළාත්වලත් අනුරාධපුර, කුරුණෑගල සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකියි. ඒ නිසා වාහන පදවන අය මේ ගැන වැඩි අවධානයක් යොමු කිරීම වැදගත්.
වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං සහ අකුණු ඇතිවිය හැකි බැවින්, ඒ හරහා සිදුවන අනතුරු අවම කරගන්න අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
අකුණු ගහන වෙලාවට එළිමහනේ ඉන්න එක සහ විදුලි උපකරණ පාවිච්චි කරන එක ගැන දෙපාරක් හිතන්න!