මේ දවස්වල ලංකාව පුරාම ඉතාමත් සූක්ෂ්ම විදියට සිදුවන අලුත්ම බැංකු ගිණුම් කොල්ලයක් ගැන පොලිසිය විසින් විශේෂ අනාවරණයක් කර තිබෙනවා.
සමාජ මාධ්‍ය ඔස්සේ එන මංගල ආරාධනා පත්‍රයක්, විදුලි බිල්පතක් හෝ දිනුම් ඇදීමක් වැනි නමකින් ලැබෙන ".apk" නමැති ගොනුවක් ගැනයි මේ අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙන්නේ.
මෙම ගොනුව ඔබට ලැබෙන්නේ නාඳුනන අංකයකින් පමණක් නොවෙයි, ඇතැම් විට ඔබේ මිතුරෙකුගේ නමින් වුවද ලැබෙන්නට පුළුවන්. ඔබ එය රූපසටහනක් (Image) හෝ PDF එකක් යැයි සිතා Click කළ සැණින්, එය ඔබ නොදැනුවත්වම දුරකථනයට ඇතුළු වී ජංගම දුරකථනයේ සම්පූර්ණ පාලනය හැකර්වරුන් අතට පත් කරනවා.
මෙහි ඇති භයානකම තත්ත්වය වන්නේ, ඔබේ දුරකථනයට ලැබෙන SMS පණිවිඩ සහ බැංකු ගිණුම්වල OTP කේතයන් පවා කියවීමට හැකර්වරුන්ට අවස්ථාව ලැබීමයි. මේ හරහා ඔබේ ගිණුමේ ඇති මුදල් අන්සතු කිරීමට ඔවුන්ට ඉතා පහසුවෙන් ඉඩකඩ ලැබෙනවා.
කිසිවිටෙකත් නාඳුනන අංකවලින් ලැබෙන හෝ සැකකටයුතු ගොනු (Files) Download කිරීමෙන් වළකින්න.
සැමවිටම App එකක් ලබාගැනීමේදී Google Play Store හෝ Apple App Store පමණක් භාවිතා කරන්න.
ඔබේ දුරකථනයේ Settings වල ඇති "Install Unknown Apps" යන්න අක්‍රිය (Off) කර තබන්න.
යම් හෙයකින් ඔබ මෙවැනි දෙයකට හසු වූයේ නම්, වහාම ඔබේ බැංකු ගිණුම් අත්හිටුවීමට (Block) කටයුතු කරන්න. අනතුරුව ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට ඒ පිළිබඳව වහාම දැනුම් දෙන්න.
මේ තොරතුර ඔබ වගේම ඔබේ හිතවතුන්වත් දැනුවත් කරන්න Share කරන්න අමතක කරන්න එපා. මොකද ඔබේ එකම එක "Click" එකක් ඔබේ මුළු ජීවිත කාලයම හරිහම්බ කරපු සල්ලි නැති කරන්න හේතුවක් වෙන්න පුළුවන්.