හැබැයි අවුරුදු ගණනාවකට පස්සේ ප්ලූටෝට ආයෙත් සාධාරණය ඉටු කරන්න කේලා කියන පුංචි දියණිය ඉදිරිපත් වෙලා තියෙනවා!
කේලා තමන්ගේ පුංචි අත් අකුරින් NASA ආයතනයට ලියුමක් යොමු කරලා තිබුණේ එකම එක ඉල්ලීමයි. ඒ තමයි "ප්ලූටෝට නැවතත් ග්‍රහලෝක තත්ත්වය ලබා දෙන්න" කියන එක. ඇය ඒ ලියුමෙන් ප්ලූටෝ වෙනුවෙන් පෙනී හිටියේ හරිම ආදරණීය විදිහට.
සාමාන්‍යයෙන් ලෝකයේ ලොකුම අභ්‍යවකාශ ආයතනය මේ වගේ ලියුම් ගණන් ගන්නේ නැහැ කියලා හිතුවත්, මේ පාර සිද්ධ වුණේ හිතාගන්න බැරි දෙයක්. NASA ප්‍රධානියා කේලාගේ ලියුමට පෞද්ගලිකවම ප්‍රතිචාර දක්වලා තිබුණා!
ඔහු කියලා තිබුණේ "අපි ප්ලූටෝ ගැන සොයා බලනවා" කියලායි. මේ උත්තරයත් එක්ක ලෝකය පුරා ඉන්න ප්ලූටෝ ලෝලීන් ආයෙත් බලාපොරොත්තු තියාගන්න පටන් අරන්.
1930 දී සොයාගත්ත දවසේ ඉඳන් 2006 වෙනකම් ප්ලූටෝ හිටියේ අපේ 9 වැනි ග්‍රහලෝකය විදිහටයි. හැබැයි විද්‍යාඥයෝ කිව්වේ ප්ලූටෝ ග්‍රහලෝකයක් වෙන්න තියෙන්න ඕන සුදුසුකම් පූර්ණ කරන්නේ නැහැ කියලායි. ඒ නිසා ඔහුව "වාමන ග්‍රහයෙක්" විදිහට නම් කළා.
විද්‍යාත්මකව ප්ලූටෝ වාමන ග්‍රහයෙක් වුණත්, කේලා වැනි දරුවන්ගේත්, තාරකා විද්‍යාවට ආදරය කරන මිනිසුන්ගේත් හිතේ ප්ලූටෝ කියන්නේ තාමත් අපේ ග්‍රහලෝකයක්.