මෙතෙක් අයැදුම්පත් බාරගැනීමට නියමිතව තිබූ අවසන් දිනය වූයේ අප්‍රේල් 20 වැනිදායි. නමුත් පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන එම දිනය අප්‍රේල් 30 වැනිදා දක්වා දීර්ඝ කළ බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්. එම්. ජී. සේනාරත්න මහතා ප්‍රකාශ කළා.
මෙම විභාගයට අදාළ අයැදුම්පත් සහ උපදෙස් මාලාවන් පහත ක්‍රමවේද ඔස්සේ ලබාගැනීමේ හැකියාව පවතිනවා...
නිල වෙබ් අඩවිය: dbagovlk.org
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම විභාගය, දහම් පාසල් ගුරුවරුන්ගේ වෘත්තීය සුදුසුකම් සපුරා ගැනීමට ඇති වැදගත්ම කඩඉමකි. එබැවින් මෙතෙක් අයැදුම්පත් යොමු කිරීමට නොහැකි වූ අයෙක් වේ නම්, මෙම අමතර කාලය ප්‍රයෝජනයට ගන්නා ලෙස දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.