එම සමාගමේ නායකත්වයේ සුවිශේෂී වෙනසක් සිදුවීමට නියමිත බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.
වසර 15ක් පුරා ඇපල් සමාගම සාර්ථකව මෙහෙයවූ ටිම් කුක් (Tim Cook) සිය ප්‍රධාන විධායක නිලධාරී (CEO) ධුරයෙන් ඉල්ලා අස්වන අතර, එම ධුරය සඳහා ජෝන් ටර්නස් (John Ternes) නම් කර තිබෙනවා.
ජෝන් ටර්නස් යනු ඇපල් සමාගම සමඟ දශක දෙකහමාරකට (වසර 25ක්) වැඩි කාලයක් සමීපව කටයුතු කළ ප්‍රවීණයෙක්. ඔහු මෙතෙක් එම සමාගමේ දෘඩාංග ඉංජිනේරු අංශයේ ප්‍රධානියා (Head of Hardware Engineering) ලෙස කටයුතු කරමින් iPhone, iPad සහ Mac වැනි නිෂ්පාදන රැසක් නිර්මාණය කිරීමට නායකත්වය ලබා දී තිබෙනවා.
මේ අතර, ජෝන් ටර්නස් ලබන සැප්තැම්බර් 1 වනදා සිට සිය නව ධුරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිතය. ප්‍රධාන විධායක නිලධාරී ධුරයෙන් ඉවත් වුවද, ටිම් කුක් සමාගමෙන් සමුගන්නේ නැත. ඔහු ඉදිරියේදී ඇපල් සමාගමේ විධායක සභාපති (Executive Chairman) ලෙස කටයුතු කර තිබෙනවා.
ස්ටීව් ජොබ්ස්ගෙන් පසු ඇපල් සමාගමේ පාලනය භාරගත් ටිම් කුක්, සමාගමේ වටිනාකම ඩොලර් ට්‍රිලියන ගණනක් දක්වා ඉහළ නැංවීමටත්, Apple Watch සහ AirPods වැනි නව නිපැයුම් ලොවට හඳුන්වා දීමටත් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළා.
මෙම නායකත්ව මාරුව ඇපල් සමාගමේ ඉදිරි ගමනට සහ නව තාක්ෂණික සොයාගැනීම්වලට නව ජවයක් වනු ඇතැයි ක්ෂේත්‍රයේ විචාරකයෝ විශ්වාස කරනවා.