Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
21
"ඇය භාණ්ඩ සොරකම් කළා නම් එම භාණ්ඩ ඇය ළඟ තිබෙන්නට ඕන. ඇය ළඟ නැහැ... එහෙම නම් ඇය භාණ්ඩ සොරකම් කරලා නැහැ..." රාගම හිසකෙස් කැපීමේ සිද්ධිය ගැන ඊයේ ඇසුණු ඒ වෙනස්ම කතාව මෙන්න..

- "ඇය භාණ්ඩ සොරකම් කළා නම් එම භාණ්ඩ ඇය ළඟ තිබෙන්නට ඕන. ඇය ළඟ නැහැ... එහෙම නම් ඇය භාණ්ඩ සොරකම් කරලා නැහැ..." රාගම හිසකෙස් කැපීමේ සිද්ධිය ගැන ඊයේ ඇසුණු ඒ වෙනස්ම කතාව මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

693 Views

ඒ සිද්ධිය ගැන පසුගිය දිනවල බොහෝ දෙනෙක් කතා කරන්නට වුණා. මේ ඇසෙන්නේ අන්න ඒ සිදුවීම ගැන ඇසෙන තවත් එක් විශේෂ කතාවක්.


අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝ පටයකින් හෙළි වූ කරුණු අනුව භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් වෙළඳ සැල් සේවකයන් කණ්ඩායමක් එක්ව ඔවුන්ගේ භාරයට ගත් 66 හැවිරිදි වැඩිහිටි කාන්තාවකගේ කොණ්ඩය කපා අමානුෂික අන්දමින් ඇයට පහර දීමේ වරදට රාගම පොලිසිය විසින් ඉකුත් 17 වැනිදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් පස්දෙනා සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු ගැන ඊයේ අසන්නට ලැබුණේ තවත් වෙනස් කතාවක්.

මේ පිරිස 24 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිතබන්ධනාගාර ගත කිරීමට වත්තල මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා ඊයේ නියෝග කර තිබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි එම වෙළඳ සැලේ සේවයේ නිරත තවත් සේවිකාවක් සහ සේවකයෙක් රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඊයේ අධිකරණය වෙන ඉදිරිපත් කළ අතර සැකකරුවන් හන්දෙනා 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළ අතර, මේ පිළිබඳ රාගම පොලීසිය පර්යේෂණ පැවැත්වුවැ.


මෙහිදි රාගම පොලිසිය විසින් අධිකරණයට කරුණු දක්වමින් මෙසේ සඳහන් කෙළේ,

''මේ සිද්ධිය සම්බන්ධව වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් මීට ආධාර හා අනුබල දීම මත එම වෙළෙඳසලේ තවත් සේවකයින් දෙදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරනවා. මේ සිද්ධිය විඩියෝ කළ ජංගම දුරකථනය අත්අඩංගුවට ගත්තා. නමුත් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වෙළෙඳසලේ සී.සී.ටී.වී.කැමරාවල රූපරාමු නිරීක්ෂණය කිරීමට තිබෙනවා. තවම මෙහි විමර්ශන අවසන් නැහැ.'' යනුවෙන්.

සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරුන් විසින් අධිකරණයට කරුණු දක්වමින්,

''මීට අදාළ සිදුවීම සුළු සිදුවීමක් වෙනවා. ඒ නිසා එයට ඇප ලබා දිය හැකියි. මේ සිද්ධියට මුහුණ පෑ කාන්තාව එම වෙළෙඳසලේ භාණ්ඩ සොරකම කළ තැනැත්තියක් වෙනවා. ඒ නිසා ඕනෑම කොන්දේසියක් යටතේ තම සේවාදායකයින්ට ඇප ලබා දෙන ලෙසට ඉල්ලා සිටිනවා.''

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනි සිටි නීතීඥ සුදර්ශන වික්‍රමරත්න විසින් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ,

''අදාළ සිදුවීම සුළු කරුණක් නෙවෙයි. කාන්තාවගේ කොණ්ඩය කැපීමෙන් පසුව කොණ්ඩය වැවීමට දීර්ඝ කාලයක් ගත වෙනවා. පිරිමියෙකුගේ වගේ නොව කාන්තාවකගේ කොණ්ඩය කැපුවාම ඇය සමාජයේ ප්‍රශ්න කිරීම්වලට පවා මුහුණ දීමට සිදුවන අවස්ථාවන් තිබෙනවා. ඇය භාණ්ඩ සොරකම් කළා නම් එම භාණ්ඩ ඇය ළඟ තිබෙන්නට ඕන. ඇය ළඟ නැහැ. එහෙම නම් ඇය භාණ්ඩ සොරකම් කරලා නැහැ. සැකකරුවන්ට ඇප ලබා දුන්නොත් මහජන කැළඹිලි ඇති වන්නට පවා ඉඩ තිබෙනවා.''

දෙපාර්ශවයේම ඉදිරිපත් වු කරුණු කෙරෙහි අවධානය යොමු කළ මහේස්ත්‍රාත්වරිය විසින් සැකකාරිය හා සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

රාගම පොලිසිය විසින් මේ සිද්ධිය සම්බන්ධව වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ අතර අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥ සුදර්ශන වික්‍රමරත්න පෙනී සිටි අතර සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් වන රාජිකා සිල්වා, සුගත් තල්වත්තේගෙදර හා පී.රණගල පිරිසක් පෙනී සිටියා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top