ඕනෑම චරිතයකට ඉතා සාර්ථකව පණ පොවන ඇය, සිය නිවේදන කටයුතු හරහාත් ප්‍රේක්ෂකයින් අතර දැඩි ජනප්‍රියත්වයක් ලබා සිටිනවා.
සමාජ මාධ්‍ය හරහා නිරන්තරයෙන්ම සිය රසිකයන් සමඟ සමීපව කටයුතු කරන රාශි ප්‍රභා, පසුගියදා ඇයගේ මුහුණුපොතට අපූරු ඡායාරූප පෙළක් එක් කර තිබුණා. මෙවර ඇය සැරසී සිටියේ ඉතාමත් මනරම් රෝස පැහැති සාරියකින්.
ඇත්තටම එම වර්ණය සහ සාරි විලාසිතාව ඇයගේ රුවට ගෙන එන්නේ පුදුමාකාර දීප්තියක් සහ ලස්සනක්. රෝස මලක සියුම් බව සහ සුන්දරත්වය ඇයගේ මේ නවතම පෙනුමෙන් මැනවින් දිස්වෙනවා.
සැහැල්ලු සිනහවකින් සහ ඉතාම ආකර්ෂණීය අයුරින් පෙනී සිටින රාශි ප්‍රභාගේ ඒ සුන්දර සේයාරූ එකතුව තමයි මේ... බලන්නකෝ ඇය මේ සාරියට කොච්චර ලස්සනද කියලා?
