ඊයේ (18) දින ඥාතීන් 40ක් පමණ පිරිසක් එක්ව පිළියන්දල හෝටලයක අවුරුදු උත්සවය පවත්වා ඇති අතර සවස් කාලයේදී පිරිස ජල ක්‍රීඩාවට සූදානම් වී තිබෙනවා.
ඒ මොහොතේ ජල තටාකය අසල පුද්ගලයන් 10ක් පමණ සිටියදීත්, කිසිවෙකුටත් නොදැනී මෙම දැරිය ජල තටාකයට වැටී ඇති බවයි වාර්තා වන්නේ.
පසුව තටාකයේ තිබූ "කළු පැහැති ගුලියක්" වැනි දෙයක් දැක විමසිලිමත් වූ දැරියගේ මාමා කෙනෙකු වහා ජලයට පැන ඇයව ගොඩට ගෙන රෝහල්ගත කළද, ඒ වන විටත් ඇය මෙලොව හැර ගොස් තිබුණා.
මෙම දැරියගේ මව විදේශගතව සිටින අතර ඇය හැදී වැඩී ඇත්තේ පියාගේ සහෝදරිය භාරයේයි.
නිමේෂයකින් සිදුවූ මෙම අතපසුවීම මුළු පවුලක්ම සදාකාලික ශෝකයකට ඇද දමා තිබෙනවා.