හැබැයි ඒ අතරතුරේ තවත් ආන්දෝලනාත්මක කතාවක් පැතිරුණා. ඒ තමයි, ආලෝක එන පාර දෙපස ඉන්න අසරණ වීදි සුනඛයින්ව ඒ ප්‍රදේශවලින් ඉවත් කරනවා කියලා.
සත්ව සුබසාධන සංසදය (AWC) මේ ගැන වහාම ක්‍රියාත්මක වී මහනුවර නාගරික කොමසාරිස්තුමියගෙන් කරුණු විමසා තිබෙනවා.
එහිදී හෙළි වී ඇත්තේ මෙය හුදෙක් සාකච්ඡාවකදී මතු වූ යෝජනාවක් පමණක් බවත්, කිසිදු වීදි සුනඛයෙකු ඉවත් කිරීමට තීරණය කර නොමැති බවත්ය.
ආලෝකගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් K9 ඒකකය සහ ගුවන් හමුදාව පවා සීරුවෙන් සිටින අතර, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ඔහුට අවශ්‍ය සියලු පහසුකම් සැලසෙනු ඇත.
ඒ නිසා අනිසි බියක් ඇති කරගත යුතු නැති බවයි AWC සංවිධානය පවසන්නේ.