Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
17
"ඔබ ඉහළ නහින විටදී මඟදී හමුවන අයට ආචාරශීලී වන්න, මන්ද ඔබ පහළ බසින විටදී නැවතත් ඔවුන් ඔබට හමු වනු ඇත." විශේෂ දවසේ ඔහු එකතු කළ වටිනා අදහස

- "ඔබ ඉහළ නහින විටදී මඟදී හමුවන අයට ආචාරශීලී වන්න, මන්ද ඔබ පහළ බසින විටදී නැවතත් ඔවුන් ඔබට හමු වනු ඇත." විශේෂ දවසේ ඔහු එකතු කළ වටිනා අදහසHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

202 Views

මෙරට රංග කලා ඉතිහාසයේ තමන්ටම ආවේණික සලකුණක් තැබූ ප්‍රවීණ රංගන ශිල්පී කුමාර තිරිමාදුර මහතාගේ උපන්දිනය අදට (අප්‍රේල් 17) යෙදිලා තියෙනවා. අවුරුදු සිරියාව මැද ඔහු සමඟ අප කළ ඒ සුහද පිළිසඳර මෙසේ අකුරු කළෙමු.


මේ දවස් වල රටම සිංහල අවුරුදු සමරන ගමන් ඉන්නේ, ඒ අස්සේ අද ඔබේ උපන්දිනයත් යෙදිලා තියෙනවා. කොහොමද මේ දෙගුණ වුණු සතුට සමරන්නේ?

"ඇත්තටම මට එහෙම ලොකු විශේෂ හැඟීමක් නැහැ. අපේ අම්මාට ඉතින් මාව වදන්න පුළුවන් වෙලා තියෙන්නේ අවුරුද්දෙන් පස්සේ. ලංකාවේ වැඩ්ඩෝ ඉපදිලා තියෙන්නේ අද වගේ දවසක තමයි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ වගේම මුත්තයියා මුරලිදරන්ගේ උපන්දිනයත් යෙදිලා තියෙන්නේ අද වගේ දවසක. ඉතින් ඒ වැඩ්ඩෝ ඉපදුණු දවසෙම මාත් ඉපදිලා තියෙනවා. අපේ අම්මා අවුරුදු දවසේත් මාව දරාගෙන ඉඳලා තියෙනවා. අදටත් මම ලංකාවේ ජනප්‍රිය පුද්ගලයෙක් විදිහට, හරිම සතුටින් ජීවත් වෙනවා. මිනිස්සුන්ට කන්න බොන්න දීලා තියෙනවා. හොඳ දිනයක ඉපදිලා තියෙන බව මට දැනෙනවා."

අවුරුදු කාලේ උපන්දිනය යෙදෙන නිසා, පුංචි කාලේ ඔබට විශේෂ සැලකිලි එහෙම ලැබුණද? නැත්නම් අවුරුදු තෑගිවලටම උපන්දින තෑග්ගත් යට වෙලා ගියාද?

"මම නම් ජීවිත කාලෙම තෑගි බෝගවලින් අයින් වෙලා ඉන්න කෙනෙක්. සම්මානයක්වත් ගන්න යන්නෙ නැති මනුස්සයෙක්ට තෑගි බෝග මොකටද? මට තෑගි තිබ්බත් එකයි නැතත් එකයි. උපන්දිනය කියලා විශේෂයෙන් සමරන්න දෙයක් නැහැ. අපි හැමදාම ජීවිතේ විවිධ දේවල් සමරනවනේ."

කුමාර තිරිමාදුර කියන රංග ශිල්පියා ඕනෑම චරිතයකට පණ දෙන්න පුළුවන් කෙනෙක් කියලා රටම දන්නවා. ඒ විශ්වාසය ප්‍රේක්ෂකයා තුළ ඇති කරන්න ඔබ කොතරම් මහන්සි වුණාද?

"මම තාම ඉගෙන ගන්නවා. මේ ළඟදිත් මට කතා කළා විනිශ්චය මණ්ඩලයකට එන්න කියලා. මම එතකොට කිව්වා මම තාම ඒකට සුදුසු නැහැ, මම තාම ඉගෙන ගන්නවා කියලා. මම ඉගෙන ගන්නවා කියද්දී ඒ අයට පුදුම හිතුණා. දැන් ඉන්න තරුණ නළු නිළියන්ගේ ඉගෙනීමක් නැහැ. ඒ ගොල්ලෝ එනවා යනවා. මම තාම හැම වර්ගයකම චිත්‍රපට බලනවා. 'උගත මනා ශිල්පයමයි මතු රැකෙනා' කියලා තියෙනවානේ. ඉගෙනීම කාටවත් හොරෙන් ගන්න බැහැනේ. ඒ නිසා මම හැම වෙලාවෙම ඉගෙන ගන්නවා. මට විවිධ චරිත රඟපාන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ නිසයි."

ඔබ වැඩියෙන්ම කැමති සිනමාවටද, වේදිකාවටද, නැත්නම් ටෙලිනාට්‍යවලටද?

"මෙහෙමයි, වේදිකාව කියන්නේ මහන්සි වෙලා කරන්න ඕන දෙයක්. ටෙලිනාට්‍ය වගේ දේවල් ඉතින් ජනප්‍රිය වෙන්න හොඳයි. දවසකට ලක්ෂ ගානක් ටෙලිනාට්‍ය බලනවානේ. ඒත් සිනමාව කියන්නේ වෙනමම දෙයක්. ඒක මට මාව පේන මාධ්‍යය. මගේ උස මහත ඒ විදිහටම මගේ 'සයිස්' එකටම පේන එකම තැන සිනමාව. මම සිනමාවට ගොඩාක් ආසයි. මම ඔය තුනටම ආදරෙයි, ඒත් චුට්ටක් වැඩිපුර සිනමාවට ආදරෙයි. තුනම ඉතින් මට ඕන."

විශේෂයෙන්ම අහන්න ඕන මේ දවස් වල හිරු TV ඔස්සේ විකාශනය වන 'රොන්' ටෙලිනාට්‍යය ඇතුළේ ඔබ අපිට මුණගැහෙන්නේ හරිම අපූරු රිද්මයක් තියෙන චරිතයකින්. මේ චරිතය ඔබ මීට කලින් කරපු චරිතවලට වඩා වෙනස් විදිහකටද හිතට දැනෙන්නේ?

"ඔව් ඇත්තටම වෙනස්. මම කොහොමත් හැම චරිතයක්ම වෙනස් විදිහටයි කරන්නේ. 'රොන්' එකේ ඉන්නේ ඉක්කාවක් ගහලා කතා කරන අහිංසක මනුස්සයෙක්. මම ඒක හරිම ආසාවෙන් කරනවා. ඇත්තටම අනිත් ටෙලිනාට්‍යවල හම්බවුණු චරිතවලට වඩා මේක වෙනස්."

දැන් ඉන්න තරුණ පරපුරේ නළුවන්ගේ දක්ෂතා ගැන ඔබ දකින්නේ කොහොමද?

"මම බයෙන් හිටියා අපෙන් පස්සේ තරුණ නළු නිළියෝ නැතිවෙයි කියලා. හැබැයි දසුනි, නයනතාරා, දනුක වගේ කලාකරුවෝ දැක්කම ඇත්තටම සතුටුයි. ජැක්සන් ඇන්තනී, ශ්‍රියන්ත මෙන්ඩිස්, ජයලත් මනෝරත්න මහත්වරු අරන් ආපු 'බැට්න්' එකනේ අපි අතට ගත්තේ. අපේ පරම්පරාවෙන් පස්සේ මේක දෙන්න කෙනෙක් නැති වෙයි කියලා බියෙන් හිටියට, දැන් හොඳ කොල්ලෝ කෙල්ලෝ ටිකක් ඉන්නවා. දක්ෂයෝ ඉන්නවා. හෙට මියගියත් මම සතුටුයි, මොකද හොඳ තරුණ පරපුරක් ඉන්නවා."

කලාකරුවෙක් නොවුණා නම් කුමාර තිරිමාදුර කියන්නේ අද කවුරු වෙයිද?

"කවුරු වෙයිද දන්නේ නැහැ. මම තේ කඩේක තේ හදලා තියෙනවා, සිකියුරිටි ජොබ් එකකුත් කරලා තියෙනවා. ඉතින් මම සිකියුරිටි ඔෆිසර් කෙනෙක් වගේ වෙලා ඉඳීවි. එහෙමත් නැත්නම් තේ කඩේක අයිතිකාරයෙක් වෙලා ඉඳීවි. එච්චර තමයි ඉතින්."

අලුත් අවුරුද්දේ ඔබෙන් අලුත් නිර්මාණ බලාපොරොත්තු වෙන ඔබේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට උපන්දිනය දවසේ මොනවාද කියන්න තියෙන්නේ?

"උපන්දිනය ගැන මට ලොකු සතුටක් නැහැ. තවත් අවුරුද්දකින් මරණයට ළං වුණා වගේ තමයි. මම හැමෝම එක්ක හොඳින් ඉන්නවා. කිසිම කෙනෙක්ගේ හිත රිද්දන්නේ නැතුව ජීවත් වෙන්නේ. බුදුහාමුදුරුවොත් කියලා තියෙනවා 'නොපමාව කුසල් රැස් කරගන්න' කියලා. මම ඒක ඉගෙන ගත්තා. මම කිසිම කෙනෙක්ට වචනෙකින්වත් කරදර කරන්නේ නැතුව, ඊර්ෂ්‍යා කරන්නේ නැතුව, වෛර කරන්නේ නැතුව හැමෝම එක්ක හිනාවෙලා ඉන්නවා."

ඔහු මෙහිදී තවත් වටිනා අදහසක් අප හා බෙදා ගත්තා...."ඔබ ඉහළ නහින විටදී මඟදී හමුවන අයට ආචාරශීලී වන්න, මන්ද ඔබ පහළ බසින විටදී නැවතත් ඔවුන් ඔබට හමු වනු ඇත."

තෑගි බෝග, සම්මාන හෝ ජනප්‍රියත්වයේ මිරිඟුව පස්සේ හඹා නොයන මොහු , තමන්ට ලැබුණු ජීවිතයත්, තමන් නිරූපණය කරන චරිතයත් එක ලෙස විඳින අයුරු සැබවින්ම විස්මිතය. 'මම තාමත් ඉගෙන ගන්නවා' යැයි පවසන ඒ නිහතමානී හඬ ඇතුළේ ඇත්තේ දශක තුනක ප්‍රබල අත්දැකීම් සමුදායකි. උපන්දිනය යනු මරණයට තවත් පියවරක් සමීප වීමක් ලෙස දකින ඔහු, ඉතිරිව ඇති කාලයත් ලෝකයටම සිනහව බෙදමින් ජීවත් වනු ඇත. දයාබර කුමාර තිරිමාදුරයන්ට, තව තවත් මෙවැනි අගනා නිර්මාණ හරහා අප හමුවන්නට ශක්තිය ධෛර්යය ලැබෙන සුබම සුබ උපන්දිනයක් වේවා!
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top