යුද හමුදාවේ සාජන් මේජර්වරයෙක් විදිහට කටයුතු කරන පුද්ගලයෙක්, එකම දවස ඇතුළත සිදුකළ මේ මාල මංකොල්ලය සහ එහි අවසානය ඇත්තටම චිත්‍රපටයක් වගෙයි.
පසුගිය 13 වැනිදා අලුයම 5.30 ට විතර මහනුවර දුම්රිය ස්ථානය අසලදී මේ සාජන් මේජර්වරයා තමන්ගේ පළමු මෙහෙයුම ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ, හිටපු සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ බිරිඳගේ පවුම් 4ක රන් මාලය කඩාගෙන පලා යමින්. පස්සේ මේ මාලය කොළඹදී උකස් කරලා රුපියල් 460,000ක මුදලක් ලබාගන්නත් ඔහු සමත් වෙලා.
පුදුමය කියන්නේ, ඒ ලැබුණු ලක්ෂ හතරකට වැඩි මුදල ඔහු එදිනම "Online" සූදු ක්‍රීඩාවක නිරත වී පරාජය වීමයි. පැරදුණු සල්ලි හොයාගන්න ඔහු එදිනම සවස මහනුවර වැව රවුම ප්‍රදේශයේදී තවත් කාන්තාවකගේ පවුම් 3ක මාලයක් කඩන්න උත්සාහ කරලා තියෙනවා.
මාලය කඩද්දී කාන්තාව කෑගැසූ හඬ ඇසී ප්‍රදේශයේ තරුණයෙකු ඔහු පසුපස හඹා ගොස් තිබෙනවා. ඒ වෙලාවේ අවුරුදු රාජකාරියේ නිරතව සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියන් සිව් දෙනෙකු වහා ක්‍රියාත්මක වී මේ සාජන් මේජර්වරයාව කොටු කරගෙන තිබෙන්නේ මුළු මහනුවරම මවිතයට පත් කරමින්.
මේ සාර්ථක වැටලීම සිදුකළ කාන්තා නිලධාරිනියන්ට සහ තරුණයාට පොලිස් දෙපාර්තමේන්තුවෙන් මුදල් ත්‍යාග පවා පිරිනැමීමට කටයුතු කර තිබෙනවා. සැකකාර හමුදා නිලධාරියා මේ වන විට රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් පවතිනවා.