පසුගිය 09 වැනිදා ඉඳන් ඊයේ (13) වෙනකම් විතරක් ලංගමයේ ආදායම රුපියල් මිලියන 600 ඉක්මවලා කියලයි ආරංචිය.
වැඩිම සල්ලියක් හොයලා තියෙන්නේ පසුගිය 11 වැනිදා. එදා විතරක් මිලියන 213ක වාර්තාගත ආදායමක් ලංගම සභාපති සජීව කනගරත්න මහතා පවසන පරිදි ලැබිලා තියෙනවා.
දැන් ඉතින් කැවුම් කිරිබත් කාලා ඉවර වෙලා ආයෙත් කොළඹ එන්න ලෑස්ති වෙන අයට ලංගමයෙන් විශේෂ පණිවිඩයක් දීලා තියෙනවා. හෙට (15) පස්වරුවේ ඉඳන් ගම්බිම්වල ඉඳන් ආයෙත් කොළඹට එන්න බස් රථ විශේෂ සේවාවක් ක්‍රියාත්මක වෙනවා. මේ වැඩේ ලබන 21 වැනිදා වෙනකම්ම තියෙන නිසා තෙරපෙන්නේ නැතුව හෙමීට කොළඹ එන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා.