උදාවන අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් එක්කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ පාරම්පරික සම්ප්‍රදාය සුරකිමින් චාරිත්‍රවලට සහ ආගමික කටයුතුවලට මුල්තැන දෙමින් සාමුහිකව, එකම නැකතකට කටයුතු කිරීම අලුත් අවුරුද්දේදී සිදුකෙරෙන බවයි.
සූර්ය සංක්‍රාන්තියට සමගාමීව සිදු කෙරෙන සියලු චාරිත්‍ර වාරිත්‍රවල පොදු අපේක්ෂාවෙන් පිළිබිඹු කෙරෙන්නේ සාමුහිකත්වය අගයන අනෙකාගේ මෙන්ම සොබාදහමේ පැවැත්මට ගරු කරන සහකම්පනීය අලුත් මිනිසෙකු නිර්මාණය කිරීමක් බවයි ජනාධිපතිවරයා එක්කළ සුබ පැතුම් පණිවුඩයේ දැක්වෙන්නේ.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් එක්කරමින් කියා සිටින්නේ අලුත් අවුරුද්ද යනු හුදෙක් උත්සවයක් පමණක් නොව, එය අපේ සංස්කෘතික හර පද්ධතීන් තුළ පවතින සෞභාග්‍යය, සමගිය, සහජීවනය සහ අන්‍යෝන්‍ය සබඳතාවල නව පුනරුදයක් බවයි.
මේ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් එක් කරමින් කියා සිටියේ සියලු සාධක තුළින් අපට මහා සාම්ප්‍රදායික උරුමය ලබාදී ඇති අතර එය සුරක්ෂිත කිරීම හා අනාගතය වෙනුවෙන් පවත්වාගෙන යාම අපගේ වගකීම බවයි.