මේ වෙලාවේ ඉන්දියාවේ වැඩිම කතාබහට ලක්වන "Dhurandhar: The Revenge" චිත්‍රපටය ගැන Aneetගේ සහෝදරිය වන Reet Padda කරපු එක්තරා ප්‍රකාශයක් තමයි මේ සියල්ලටම මුල වෙලා තියෙන්නේ.
Reet Padda පවසා තිබුණේ මෙම චිත්‍රපටය හුදෙක් "Propaganda film" එකක් බවයි.
ඒ විතරක් නෙවෙයි, ඇය "The Kashmir Files" සහ "The Kerala Story" වැනි චිත්‍රපටත් මේ විදියටම විවේචනය කරලා තියෙනවා.
මේ ප්‍රකාශයත් එක්ක කෝපයට පත්වුණු ඉන්දීය සිනමා ලෝලීන් "Boycott Aneet Padda" කියන Hashtag එක social media පුරා Trend කරමින් ඉන්නවා.
මේ අතරතුර තවත් ආන්දෝලනාත්මක කතාවක් පැතිරෙනවා. ඒ තමයි Aneetගේ සොයුරිය වන Reet, පාකිස්තානු ජාතිකයෙකු සමඟ පෙම් සබඳතාවක් පවත්වනවා කියන චෝදනාව.
මේ නිසා ඇතැම් පිරිස් ඔවුන්ව "දේශද්‍රෝහීන්" ලෙසත් හංවඩු ගසන්න උත්සාහ කරනවා. මේ දැඩි විවේචන දරාගත නොහැකිව Reet Padda මේ වන විටත් ඇයගේ Instagram සහ LinkedIn ගිණුම් පවා මකා දමා ඇති බවයි වාර්තා වෙන්නේ.
දැන් තියෙන ලොකුම ප්‍රශ්නය තමයි, තමන්ගේ සහෝදරියගේ පෞද්ගලික මතය නිසා අහිංසක Aneet Paddaට ඇයගේ ඉදිරි සිනමා ගමන පවා අහිමි වෙයිද කියන එකයි.