පාරේ යන රියදුරන්ට මෙච්චර කාලයක් තිබුණු "දඩය ගෙවලා ඇඟ බේරාගන්නා" ක්‍රමය ජුනි මාසයෙන් පස්සේ අවසන් වෙන්න නියමිතයි.
රථවාහන වැරදි කරන රියදුරන් මෙල්ල කිරීමට පොලිස් රථවාහන මූලස්ථානය විසින් "රියදුරු අකුසලතා ලකුණු" (Demerit Points System) ලබාදීමේ වැඩසටහන ජුනි මාසයේ සිට නිල වශයෙන් ආරම්භ කරනවා.
නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී. ජේ. සේනාධීර මහතා සඳහන් කරන ආකාරයට, රියදුරෙකු කරන වැරදි වල ස්වභාවය අනුව පද්ධතියට ලකුණු එකතු වෙනවා.
යම් රියදුරෙකුගේ අකුසලතා ලකුණු ප්‍රමාණය 24 සම්පූර්ණ වුවහොත්, ඔහුගේ රියදුරු බලපත්‍රය වසර දෙකක කාලයකට අහෝසි කිරීමට පෙර නිර්දේශ වී තිබුණා.
කෙසේ වෙතත්, බලපත්‍රය අවලංගු කරන නිශ්චිත කාලය පිළිබඳව මේ දිනවල පත්කර ඇති විශේෂ කමිටුවක් මගින් අවසන් තීරණය ගැනීමට නියමිතයි.
ඔබ දඩයක් කෑවට පස්සේ බේරෙන්න විදිහක් නැහැ. ලකුණු එකතු වීම ස්වයංක්‍රීයව සිදුවෙනවා:
Gov Pay හරහා: ඔබ මාර්ගගතව (Online) දඩ මුදල් ගෙවද්දී එම වැරැද්දට නියමිත ලකුණු ප්‍රමාණය ඔබේ රියදුරු බලපත්‍රයට ස්වයංක්‍රීයවම එකතු වෙනවා.
තැපැල් කාර්යාල හරහා: ඉදිරියේදී තැපැල් කාර්යාල මගින් දඩ මුදල් ගෙවීමේදීත් ඒ ඒ වැරදි වලට අදාළ ලකුණු පද්ධතියට ඇතුළත් කිරීමට කටයුතු සූදානම් කරලා තියෙනවා.
මෙම ක්‍රමවේදයේ ප්‍රධානතම අරමුණ වෙන්නේ රථවාහන අනතුරු අවම කරලා, මහා මාර්ගයේ යන සියලුම රියදුරන් විනීත පිරිසක් බවට පත් කිරීමයි.
මීට පස්සේ දඩ මුදලට වඩා තමන්ගේ ලකුණු ප්‍රමාණය බේරාගැනීමට රියදුරන්ට දැඩි උත්සාහයක් දරන්න සිදුවෙනවා.
පාරේ යද්දී රේස් පදින, නීති කඩන රියදුරන් දැන්ම පරෙස්සම් වෙන්න.
මොකද ජුනි මාසයෙන් පස්සේ ඔබේ රියදුරු බලපත්‍රයේ ආයුෂ තීරණය වෙන්නේ ඔබ පාරේ පදවන විනීතකම මත විතරයි!