මේ සුනඛයා ඔවුන්ගේම පවුලේ සාමාජිකයෙක් වගේ. වසර ගණනාවක් පුරා ඔබේ නිවසට සිනහව, ආරක්ෂාව සහ කොන්දේසි විරහිත ආදරය රැගෙන ආ ඒ සිව්පා මිතුරා අද වයසට ගිහින් වෙන්න පුළුවන්.
එදා ඔබ නිවසට එනතුරු දොරකඩට වී නොඉවසිල්ලෙන් බලා සිටි මේ සුනඛයා, අද නැගිට ගන්නවත් බැරුව අපහසුවෙන් ජීවත් වෙනවා.
කුඩා දුරක් ඇවිද ගියත් මේ සුනඛයා දැන් හති වැටෙනවා. නමුත් ඒ දෑස් දෙස බලන විට ඔහුගේ හිමිකරුවන්ට බොහෝ දේ හිතෙනවා ඇති. මොකද එදා බලු පැටියෙක්ව සිටියදී තිබූ ඒ ආදරණීය බැල්ම අදටත් එලෙසමයි.
බොහෝ දෙනෙක් සතෙක් වයසට ගිය විට, රෝගී වූ විට ඔවුන්ව මගහැරීමට උත්සාහ කරනවා. නමුත් සැබෑ මිනිසත්කම තිබෙන මිනිසුන් කරන්නේ ඔහුට ඇවිදීමට අපහසු වුණත්, ඔහුව වඩාගෙන හෝ එළිමහනට ගෙන ගොස් සිරි නරඹන්නට ඉඩ දීමයි.