බිස්නස් ඉන්සයිඩර් වාර්තා පවසන පරිදි බිල් ගේට්ස්ගේ ප්‍රකාශකයා පවසා ඇත්තේ එප්ස්ටයින් විසින් ගේට්ස් වෙත ලියන ලද බව කියන ඊමේල් පණිවුඩවල ඇති දෑ "සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ අතිශය විකාර සහගත" බවයි.
අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව මගින් එප්ස්ටයින්ට අදාළව නිකුත් කරන ලද ලේඛන මිලියන 3ක් අතර, 2013 වසරේදී ඔහු විසින්ම තමා වෙත ලියාගත් ඊමේල් කිහිපයක් ද අඩංගු බවයි පැවසෙන්නේ.
මෙම සටහන් බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ සේවය කළ බොරිස් නැමැත්තෙකු හරහා බිල් ගේට්ස් වෙත යැවීමට කෙටුම්පත් කරන ලද ඒවා බව පෙනී යන බව ද එම වාර්තාවේ සඳහන්.
එක් ඊමේල් පණිවිඩයක සඳහන් වන්නේ, බිල් ගේට්ස් හට මත්ද්‍රව්‍ය ලබා ගැනීමට සහ රුසියානු තරුණියන් මෙන්ම විවාහක කාන්තාවන් සමඟ නීතිවිරෝධී සබඳතා පැවැත්වීමට බොරිස් උදවු කළ බවයි. කෙසේ වෙතත්, මෙම චෝදනා සනාථ කිරීමට එම ඊමේල්වල කිසිදු සාක්ෂියක් නොමැති බවයි අදාළ වාර්තා පෙන්වා දෙන්නේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් ගේට්ස්ගේ ප්‍රකාශකයා පැවසුවේ, එප්ස්ටයින් තමා සමඟ දිගින් දිගටම සබඳතාවක් පවත්වා ගැනීමට නොහැකි වීම පිළිබඳව කෝපයෙන් සිටි බවත්, ගේට්ස්ව කොටු කර අපහාස කිරීමට ඔහු උත්සාහ කර ඇති බවයි.
මෙම ඊමේල් පණිවිඩවල අඩංගු කරුණු කිසි දිනක බිල් ගේට්ස් වෙත යොමු කළේද යන්න තවමත් නොදන්නා බව ද අදාළ මාධ්‍ය වාර්තාවේ සඳහන්.
2019 වසරේදී එප්ස්ටයින් ෆෙඩරල් බන්ධනාගාරයකදී සියදිවි නසාගැනීමෙන් පසුව, ඔවුන් අතර තිබූ සබඳතාවයේ ප්‍රමාණය පිළිබඳව ගේට්ස් හට විවිධ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු වී තිබුණා.
මීට පෙර ගේට්ස් පවසා ඇත්තේ ඔහු පරිත්‍යාගශීලී කටයුතු සඳහා පමණක් එප්ස්ටයින් සමඟ කිහිප වතාවක් රාත්‍රී ආහාරය සඳහා සහභාගී වූ බවත්, ඔහු සමඟ කාලය ගත කිරීම පිළිබඳව දැන් පසුතැවෙන බවයි.
මේ අතර අනදොලු පුවත් වාර්තා කළේ ‘වික්‍රියා වසංගත වසංගත අනුකරණය සඳහා පසු විපරම් නිර්දේශ සහ / හෝ තාක්ෂණික පිරිවිතරයන්’ යන මාතෘකාව ඇතුළුව ගේ BGC3 ව්‍යාපෘතිය පිළිබඳ පැවති ඊමේල් සම්බන්ධවයි.
බීබීසී පුවත් සේවය විසින් වාර්තා කර තිබූ ගේට්ගේ ප්‍රතික්ෂේප කිරීම ද සහිතව එම වාර්තාවේ තවදුරටත් දැක්වුණේ ජෛව විද්‍යාත්මක ආරක්ෂාව සහ ස්නායු තාක්ෂණය වැනි ක්ෂේත්‍ර ඇතුළුව ඔහුගේ වඩාත්ම රහසිගත ව්‍යාපෘති පිළිබඳව ගේට්ස් එප්ස්ටයින්ට දැනුම් දුන් බව අදාළ ඊමේල්වලින් පෙන්නුම් කළ බව මීට පෙර යුරෝනිව්ස් වාර්තා කර තිබූ බවයි.