Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
29
මේ රෝග ලක්ෂණ තියෙනවනම් බලන්න ඉන්න එපා... වකුගඩු රෝග ආරම්භයේ ඇතිවන රෝග ලක්ෂණ මෙන්න...

- මේ රෝග ලක්ෂණ තියෙනවනම් බලන්න ඉන්න එපා... වකුගඩු රෝග ආරම්භයේ ඇතිවන රෝග ලක්ෂණ මෙන්න...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6 Views

අපේ රටේ මේ වනවිට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් තමයි වකුගඩු රෝග ව්‍යප්තිය.

වකුගඩු රෝග වල පවතින බරපතලම කරුණ වන්නේ මෙම රෝගය සිඝ්‍රයෙන් පැතිරීමට හේතුවන කරුණු පැහැදිලි ලෙස හඳුනාගැනීමට නොහැකිවීමයි. කෙසේවුවත් රෝගය වළක්වා ගැනීම සඳහා යොමුවන අවධානය අඩු නිසා ඒ පිළිබඳ සැලකිල්ලක් යොමු කිරීම අවශ්‍යයි. ඒ යටතේ ක්‍රියාකාරී දිවි පෙවෙතක් කෙසේ වකුගඩු රෝගයෙන් වැළකීමට හේතු වන්නේ ද යන්න වගේම දියවැඩියා රෝගීන් තමන්ගේ වකුගඩු කෙසේද ආරක්ෂා කර ගන්නේ යන්න පිළිබඳවත් දැනුවත් වීම වැදගත්.

නිවැරදි දිවි පෙවෙත යන්නෙන් අදහස් වන්නේ ක්‍රියාශීලි දිවි පෙවෙතක් යන්නයි. සාමාන්‍යයෙන් පුද්ගලයෙකු දිනකට ගන්නා ආහාර ප්‍රමාණය වැය කරන ශක්ති ප්‍රමාණය අතර සමබරතාවක් පවත්වා ගත යුතුයි. එසේ නොවුණුහොත් ශරීරය මඟින් වැය නොකරන ශක්තිය නිසා අප රෝගීන් බවට පත්විය හැකි වේ.

ඒ නිසා තරබාරු බව, අධි රුධිර පීඩනය, දියවැඩියාව, ආඝාතය වැනි රෝග ඇතිවිය හැකි අතර මේ හේතු නිසාම ඔබගේ වකුගඩුවලට ද අහිතකර බලපෑම් ඇති විය හැකියි. එබැවින් අපි ලබා ගන්නා ආහාර දහනය කිරීම හරහා බර නියමිතව පවත්වාගෙන ක්‍රියාශීලි දිවි පෙවෙතක් මඟින් වකුගඩුවලට ඇතිවන අවදානම අඩු කර ගත හැකියි. එහිදී ඇවිදීම, බයිසිකල් පැදීම, ඇඟ වෙහෙසා වැඩ කිරීම ආදී කරුණු අපගේ දිවියේ සාමාන්‍ය වැඩ කොටසක් බවට පත් කරගත යුතුයි. අප කාර්යාලවල සිදු කරන වැඩ මඟින් අප තෙහෙට්ටුවට පත් වීමක් පමණයි සිදුවන්නේ.

ශරීර ශක්තිය වැය කරමින් කටයුතු කිරීම හරහා ඉහත රෝග කල්තබා වළක්වා ගත හැකියි. එදිනෙදා ජීවිතයේදී සිදු කරගත හැකි ශරීරය වෙහෙසවා කටයුතු කිරීම ඉතා වැදගත්.

දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝගවල බලපෑම
ලෝකයේ ඕනෑම රටක් ගතහොත් වකුගඩු රෝගවලට ප්‍රධාන හේතුව බවට පත්ව තිබෙන්නේ දියවැඩියාවයි. අංක දෙක අධික රුධිර පීඩනයයි. මෙම රෝග දෙක වැළඳී ඇති බව හඳුනා ගන්නා විට ඔබගේ වකුගඩුවලට හානි වී තිබිය හැකියි. නමුත් කාලයක් තිස්සේ මෙම රෝගය පාලනයකින් තොරව පැවතීමෙන් වකුගඩුවලට හානි පැමිණිය හැකියි. බොහෝවිට දියවැඩියාව වැළඳී ඇති තරුණ අය බේත් වේල මඟ හරිනු ලැබේ. එසේ බේත් වේල මඟහැරියත් ඔවුන්ට අපහසුතාවක් නොදැනෙන නිසා ඒවා මඟහරිනු ලැබේ.

මේ දිනවල භාවිතා වන දියවැඩියාවට ඒ වගේම අධි රුධිර පීඩනයට ලබා දෙන ඖෂධ නිසා කිසිවිටෙක වකුගඩු නරක් වන්නේ නැහැ. එසේ සිදුවන්නේ එම රෝග තත්ත්ව නිසිලෙස පාලනය නොකිරීම නිසයි.

මෙට්ෆොමින් නිසා වකුගඩු නරක් වෙනවාද?
මෙට්ෆොමින් දියවැඩියාවට පමණක් නොවෙයි තවත් බොහෝ ලෙඩ රෝග අඩු කර ගැනීම සඳහා භාවිතා වන ඉතා හොඳ ඖෂධයක්. නමුත් වකුගඩු රෝගී වූ පසු මෙට්ෆොමීන් භාවිතය කළ නොහැකියි.

ස්ථුල භාවය
ස්ථුල භාවය ආකාර කිහිපයකින් වකුගඩුවලට හානි කළ හැකියි. දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් තැන්පත් වීම ආදී බොහෝ හේතු නිසා විවිධාකාර වශයෙන් වකුගඩුවල රෝගී තත්ත්ව ස්ථුලභාවය මුල් කරගෙන ඇතිවිය හැකියි.

වතුර හා වකුගඩු අතර සබඳතාව
වකුගඩු රෝග වළක්වා ගැනීමේ පහසුව හා ලාභදායී ක්‍රමවේදය වන්නේ නිසිලෙස ජලය පානයයි. මෙහිදී නිසිලෙස ජලය පානය යන්නෙන් අදහස් වන්නේ මෙම ජලය ලබා ගන්නා මූලාශ්‍රය පිළිබඳ සැලකිලිමත් වීමයි. මෙහිදී එම වතුර උතුරුවා නිවාගත් ඒවා වීම මෙන්ම පෙරා ගන්නා ලද ජලය වෙනවා නම් ඉතාමත් හොඳයි. ඒ වගේම අපි පානය කරන වතුර ප්‍රමාණයත් ඉතා වැදගත්. ඒ වගේම පෙරණයේ නිර්දේශිත වතුර ප්‍රමාණයක් පෙරා ඉවර වූ පසුව එය ඉවත් කර දැමීම හෝ අලුත්වැඩියා කළ යුතුයි. මෙය සදාකාලිකව භාවිතා කළ හැකි දෙයක් නොවේ. එහි කාලය හා පෙරීමේ හැකියාව නැතහොත් නියමිත කාලය ඉක්මවා ගිය පසු එහි කොටස් අලුත්වැඩියා කිරීමට බලා ගන්නවා නම් වඩාත් හොඳයි.

ජලය කොපමණ ප්‍රමාණයක් පානය කළ යුතු ද යන ගැටලුවේදී සාමාන්‍යයෙන් වැඩිහිටි පුද්ගලයෙකු ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව දිනකට පානය කළ යුතු වතුර ලීටර් 1 1/2ත් 2ත් අතර ප්‍රමාණයක් ලෙස දක්වා තිබේ. නමුත් අප ඝර්ම කලාපිය රටක් වශයෙන් අප ලීටර් 2 1/2ක් වුවත් පානය කිරීම ඉතා වැදගත්. විශේෂයෙන් ඔබ දහඩිය පිටකරමින් වැඩ කරන අයෙක් නම් ඊට සාපේක්ෂව වතුර ප්‍රමාණය වෙනස් විය යුතුයි. මෙම වතුර පානය කළ යුතු ආකාරය පිළිබඳ විමසා බැලීමත් ඉතා වැදගත්.

අපි දිනය පුරා බෙදී යන ආකාරයෙන් ජලය පානය කළ යුතුයි. එක්වර ජලය විශාල ප්‍රමාණයක් පානය කරනවාට වඩා බෙදී යන ලෙස පානය ඉතා වැදගත්. ඒ වගේම මුත්‍රාවල සාන්ද්‍රණය අධික නොවන ලෙස ජලය පාලනය මඟින් එය පාලනයකට ලක් කර එහි පැහැය ළා පැහැයට හුරු ලෙස පවත්වා ගත යුතුයි. එක්වර වතුර විශාල ප්‍රමාණයක් පානය තේරුමක් නොමැති දෙයක්.

ලුණු යනු ශරීරයට අත්‍යවශ්‍ය දෙයක් වුවත් ලංකාවේ ආහාර වේලේ ලුණු අධික ආහාර බහුල වශයෙන් තිබෙනවා. දිනකට ග්රෑම් 5ක් හෝ 6ක් ආහාරයට ගත යුතුයි. එය තේ හැන්දක ප්‍රමාණයකි. ඔබ ඔබගේ ප්‍රධාන ආහාරයට ලුණු එකතු නොකළ යුතුයි. ලුණු අඩුවෙන් ආහාරයට එකතු කර ගැනීම හරහා වකුගඩු ආරක්ෂා කරගත හැකියි. ඒ වගේම මෑතකාලීනව පැමිණි ක්ෂණික ආහාර බිස්කට්, පොටේටෝ චිප්ස්, සුප්කැට, විවිධ බැදපු මස් වර්ග ආදියේ ඉතා අධිකව ලුණු අඩංගු වේ. සොසේජස්, හැම්, බේකන් ආදී දේවල අධික ලෙස ලුණු අඩංගු නිසා මෙම ආහාර ඔබ ආහාරයට නොගත වගේම ඔබේ දුවා දරුවන්ට ලබා නොදිය යුතු ආහාර වේ.

වකුගඩු නරක් වීමට බලපාන ඉතිරි කරුණු
දුම්පානය මඟින් වකුගඩුවට හානි සිදුවන ආකාර දෙකකි. ඒ යටතේ කොලෙස්ටරෝල් තැන්පත් වීම සහ රුධිරය සැපයීමේ නාළ හීනි වීම නිසා වකුගඩුවලට රුධිරය සපයන නාළ හීනි විය හැකියි.

ඊට අමතරව වකුගඩු සම්බන්ධ පිළිකා තත්ත්වයටත් දුම්පානය හේතුවිය හැකියි. ඔබ දුම්පානය නොකර සිටියොත් වකුගඩු රෝග වැළඳීමේ අවදානම අඩු කර ගත හැකියි.

දියවැඩියා රෝගීන් නිසි පරිදි ඖෂධ පානය, රුධිරගත දියවැඩියා පරීක්ෂාව ඩ්ඕඒ1ඛ් පරීක්ෂණයේ අගය 7ට වඩා අඩු අගයක පවත්වා ගත යුතුයි. ඒ වගේම අධි රුධිර පීඩනය තිබෙනවා නම් එහි අගය 140 – 80 ට වඩා අඩු අගයකට පවත්වා ගත යුතුයි. දියවැඩියාව හා රුධිර පීඩනය තිබෙන අයෙක් නම් 130 -80 ට අඩු මට්ටමට රුධිර පීඩනය පවත්වා ගත යුතුයි. එසේ නොවුණහොත් ඔබේ වකුගඩු ඉක්මනින් නරක් විය හැකියි.

තවද වකුගඩුවල ගල් තිබෙන අය මාස 6කට අවුරුද්දකට සැරයක් වෛද්‍ය පරීක්ෂණයකට යොමු වී වකුගඩුවේ තත්ත්වය පරීක්ෂා කරගත යුතුයි. තවද ප්‍රවේණික වකුගඩු රෝග තිබෙන අය (පවුලේ කාටහරි වකුගඩු රෝග තිබෙන අය) තමාගේ වකුගඩුවල තත්ත්වය පරික්ෂා කරගත යුතුයි.

වකුගඩු නරක් වී ඇති බවට පහළ වන රෝග ලක්ෂණ
මෙම රෝගයේදී රෝග ලක්ෂණ පහළ වන තෙක් සිටියහොත් සැලකිය යුතු මට්ටමින් වකුගඩු නරක් වී තිබිය හැකියි. වකුගඩු රෝග ඉතා මුල් අවස්ථාවේ හඳුනා ගැනීම ඉතාම අපහසු වේ. නමුත් මුත්‍රා සමඟ පෙණ වැඩිපුර පිටවීම, වැනි ලක්ෂණ මඟින් මුත්‍රා සමඟ ප්‍රෝටීන් පිටවන බව දැකගත හැකියි. මුත්‍රා සමඟ රුධිරය පිටවීම, ඉදිමුණු කකුල් ද රෝග ලක්ෂණ වේ.
උපුටා ගැනීමක් 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top