Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
03
චම්පික මෙලොව හැර ගියා පමණයි.. ඒත් ඔහු සමඟ සබැඳුණු අමිහිරි මතක.. අබිරහසක් ඉතිරිකරමින් නික්මගිය ඔවුන්ගේ ඒ කතාව ගැන තවත් වෙනස් ආරංචියක්..

- චම්පික මෙලොව හැර ගියා පමණයි.. ඒත් ඔහු සමඟ සබැඳුණු අමිහිරි මතක.. අබිරහසක් ඉතිරිකරමින් නික්මගිය ඔවුන්ගේ ඒ කතාව ගැන තවත් වෙනස් ආරංචියක්..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

ඔහු සමග බැඳුණු පාතාලයක අමිහිරි මතකයන් සැඟවී යාවිද..? නැතිනම් මේ සැඟවී සිටින පාතාලය ගැන කරුණු අනාවරණ කරගන්න හැකිවේවිද..? 


මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් විශේෂ කතාවක්..

යටිනුවර ප්‍රාදේශීය සභාවේ වත්මන් විපක්ෂ නායක, වසර 2002 – 2006 යටිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති චම්පික නිලන්ත මිහිකත සලිත කොට සියතින් ගෙල වැලලාගත්තේ මීට සතියකට පමණ ඉහතදීයි.. මේ කියන්න යන්නේ අන්න ඒ කතව ගැන ඇසෙන තවත් විශේෂ කතාවක්..

ජීවිත ආශාව බිඳකුදු අත් නොහැර යළි යළිත් උපදින බලාපොරොත්තු අපේක්ෂා ගොන්නක තෙරපී මිරිකී සිටි හතළිස් පස් හැවිරිදි දිල්රුක්ෂි ජයලත් කුමාරගේ හා ඇයගේ දියණිය දහහත් හැවිරිදි ශිහාරා ආශිංසනී හපුගොඩ ඔවුනොවුන්ගේ හද සන්තානය වෙළාගෙන සිටි නිවහනේ වීරයා නොහොත් ඔවුනොවුන්ගේ ජීවිතයේ එකම ආරක්ෂකයාගේ දෑඟිලි තුඩෙහි තෙරපීමෙන් ලද කෲරත්වයෙන් අකමැත්තෙන් වුවද නිදි යහනේදීම මෙලොව හැර ගොස් අදට දින පහක් ගතව තිබෙනවා..

ජූලි මස 29 වැනි දින හිටි හැටියේ මළ සිරුරු බවට පත්වූ මව, පියා සහ දියණියගේ අවසන් කටයුතු සිදු වෙන්නටත් පෙර ගම්පොළ කොට්ඨාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරාගේ විමර්ශන වාර්තාවේ තොරතුරු පුවත්පත්වල පළවෙන්නේය. (පුවත් පතෙන් උපුටා ගත් පරිදි එහි සඳහන්ව තිබුණේ,) චම්පික නිලන්ත සියදිවි හානි කර ගැනීමට පෙර ලියා තැබූ ලිපියේ සඳහන් වන මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතා හෝ කිසිදු පොලිස් නිලධාරියකුගේ බලපෑමක් හෝ ඊට කිසිදු ආකාරයක සම්බන්ධතාවයක් නොමැති බවය.

එරික් පෙරේරා ඇතුළු විමර්ශන කණ්ඩායමේ සිටින්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් බව සිහි කළ යුතුය. මේසා කඩිනමින් විමර්ශන තොරතුරු ගොනු කිරීමටත් ඒවා පුවත්පත් වෙත ලබා දෙන්නටත් තරම් ඔවුහු ක්‍රියාශීලී වී ඇත. අපි දක්ෂයන් බවට පත්වී ඇත.

සිද්ධියට අදාළ විමර්ශන කටයුතු ගම්පොළ කොට්ඨස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරාගෙන් යුත් කණ්ඩායමක් යටතට පත් කිරීමට මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ මහතා පියවර ගෙන තිබිණි. එය එසේ වූයේ චම්පික නිලන්තගේ සියදිවි හානි කර ගැනීම හා බිරිඳ, දියණිය මරා දැමීම පිළිබඳව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සර්ව සාධාරණ ලෙස පැවැත්වීමට යැයි පොදු මහත් ජනතාව අපේක්ෂා කළෝය. අදාළ විමර්ෂණ කණ්ඩායමේ නාම ලේඛනය මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාට කටපාඩම් වෙන්නටත් පෙර එරික් පෙරේරා ප්‍රමුඛ විමර්ශන කණ්ඩායම විසින් පොලිසිය නිවැරදි බවට තොරතුරු බැහැරට යවා ඇත.

චම්පික නිලන්ත ඉකුත් සතියේ පාඨක ප්‍රේක්ෂක ජනයා හමුවේ පුවත් මැව්වේ මෙසේය.

ජූලි විසි අට වැනිදා සඳුදා අළුයම චම්පිකගේ බාල දියණිය වන දහතුන් හැවිරිදි නෙත්මි මලිංසා හපුගොඩ පාසලෙන් කැටුව ගිය විනෝද චාරිකාවකට සහභාගි වීමට සූදානම් වූවාය. ඔහුගේ පියා වන හිටපු සභාපතිවරයාට මේ වන විට තිබුණේ මෝටර් සයිකලයකි. (බැලූ බැල්මට එය ඔහුගේ සේවා කාලයේ අවංකභාවය විදහාපාන අපූරු වාහනයකි.)

තම දියණිය පවතින සීත කාලගුණ තත්ත්වය යටතේ දියණිය බයිසිකලයෙන් පාසලට කැටුව යන්නට ඔහුට හිත ඉඩ දුන්නේ නැත. එහෙයින් ඔහු නිතර වාහන ගනුදෙනු සිදු කරන ළඟම සිටින ඥාතියකුගේ ත්‍රිරෝද රථයක් ඉල්ලාගෙන විත් අලුයම 3.00 ට දියණිය පාසලට ගොස් ඇරලුවේය.

ඒ චම්පික සිය බිරිඳ හා වැඩිමහල් දියණිය ඝාතනය කළ දිනයේ අලුයම් කාලයේ සිදු වූ සිද්ධියය.

අනතුරුව දහවල් කාලය චම්පික ගත කරන්නට ඇත්තේ හද තුළ දැවෙන දහසක් ගිනිදැල් නිවන මඟ සොයා ගන්නට වුවමනා කරන සැලසුම් සඳහා විය හැකිය. එදින රාත්‍රියේ තමා සිදුකරන්නට යන මහා ව්‍යසනය ගැන හාංකවිස්සියක්වත් ඔහු සිතුවේ නැති වන්නටද පිළිවන. තමන්ගේ හිස මත පතිතව තිබූ ගැටගැහුණු නූල් බෝලයක් වන් දහසකුත් කරදර කම්කටොළු ලිහා දමන්නේ කෙසේද යන්න ඔහු කල්පනා කළා විය හැකිය.

ඔහු ඒ දින කිහිපයම ගත කළේ පීඩාකාරී බවකින් බව චම්පිකගේ අයියාගේ දියණිය වන මිනෙල් හපුගොඩ මළ ගෙදර පැවති දිනෙක කියා සිටියාය.

“මේ නැතිවෙලා ඉන්නේ මගේ බාප්පා.. බාප්පයි පුංචියි හරිම ආදරෙන් ජීවත් වුණේ. එයාල අතරේ කිසිම විරසකයක් තිබුණේ නැහැ.

නමුත් දැන් දින කීපයක සිට බාප්පා ලොකු ප්‍රශ්නයක හිටියේ. අප්පච්චිත් දන්නවා බාප්ප ප්‍රශ්නෙකින් හිටියේ කියලා.. එයා ඔහේ බලාගෙන ඉන්නවා.. කල්පනා කරනවා.. හැබැයි මේ වගේ දෙයක් වෙයි කියලා අපි කවුරුත් හිතුවේ නෑ….”

ඇය කී පරිදි චම්පික නිලන්ත ඔහුගේ ප්‍රශ්නය තනිව දරාගන්නට ඇත. බිරිඳටත් වැඩිමහල් දියණියටත් බාල දියණියටත් සුව නින්දක් ලබා දීමෙන් සියල්ල විසඳෙනු ඇතැයි ඔහු සිතන්නට ඇත.

පවුලම එලොව යන්නේ කෙසේද යන පැහැදිලි නිගමනයක් තමා තුළ නොතිබුණද සියල්ල විසඳෙන්නේ මරණින් යැයි ඔහු සිතන්නට ඇත.

ඇතැම්විට සිතේ තෙරපුණු පීඩාව අකුරු කරන්නට ඇත්තේ එදා දහවලේ විය හැකිය. “රුපියල් දෙකෝටි හැත්තෑපන් ලක්ෂයක මුදලකට නිවසක හා ඉඩමක ගනුදෙනුවක් සිදු කිරීම සඳහා සිදුකළ සංවාදය ලිපිය ආරම්භයේ ඇති අතර, ඒ සඳහා කූට ලේඛන සකස් කිරීමට තමාට උපදෙස් දුන් ආකාරය පිළිබඳව ද එහි සඳහන්ව තිබේ.

“ගේ විකුණ ගන්න බැරිනම් උඹව මරනවා.” යනුවෙන් තමාට තර්ජන එල්ල කළ බවද, මුදල් ලබා නොදීම සම්බන්ධයෙන් දියණියගේ පාසල අසලදී යකඩ පොල්ලකින් හිසට පහර දුන් බවද, එහි කැළල නළලට උඩින් තවමත් ඇති බවද එම ලිපියෙහි සඳහන් කර ඇත.

දියණියගේ රෝගී තත්ත්වය සුව කර ගැනීම සඳහා කාලයක් ලබා දෙන ලෙස ඉල්ලීම් කළ ආකාරය ද ලිපියේ සඳහන් කර තිබේ.

තවද, තමා මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායකට රුපියල් ලක්ෂ පහක මුදලක් ලබාදුන් බවද විජේසිංහ (ව්‍යාපාරික) නමැත්තා මුදල් ඉල්ලමින් කලක සිට වරින් වර තර්ජනය කරමින් බලපෑම් එල්ල කළ බවද, තමන්ගේ මරණයට ප්‍රබල හේතුව වූයේ, එම සිද්ධීන් බවද ඔහු සියදිවි හානි කර ගැනීමට පෙර ලියා තිබූ ලිපියේ සඳහන් කර තිබිණි.

ඔහුගේ ලිපියේ වැඩිදුරටත් (දුරකථන අංකය) විජේසිංහ කියපුවා මගේ වට්ස්ඇප් එකේ තියෙනවා.” අපේ පවුලට කරපු දේට උඹ වගකියන්න ඕනෑ…. 559 විජේසිංහ නුඹට ශාප වේවා” යැයි සඳහන් වෙයි.

එසේ අකුරු කොට ඇත්තේ ඔහුගේ හද තුළ තෙරපුණු පීඩාව විය හැකිය. එහෙත් එය දිනකදී, දෙකකදී, මාසයකදී, අවුරුද්දකදී හෝ ඇතිවූ පීඩාවක් නොවිය හැකිය. ඔහු සභාපතිවරයාව සිටි කාලයේ සිට හෝ ඉන් පසුව 2006 – 2025 කාලය තුළ (බලය අහිමිව තිබූ) කාලය තුළ දැන හෝ නොදැන සිදු කළ ක්‍රියාවන් මත ඇති වූ පීඩාවක් විය හැකිය. ඇතිකර ගත් මිත්‍රතා මත ඇතිවූවක් ද විය හැකිය.

දේශපාලනයේදී ධනය සහ බලය අසීමිතය. දේශපාලනයේ රැඳී සිටින්නෝ එය යහමින් දනිති. දේශපාලනයෙන් මිදුණු තැන ධනයද බලයද අහිමි වේ. එවිට ඕනෑම අයකුට ධනයත් බලයත් හිමි අයවලුන්ගේ සහායෙන් ගොඩනැඟෙන්නට පරිසරය සකසා ගන්නට මගක් සොයනු දැනේ. සමාජ තත්ත්වයන් එපරිදි ගොඩනැඟී ඇති බව පෙනෙන්නට තිබේ. චම්පික නිලන්ත ද මේ න්‍යායට හසුවූ තවත් පුද්ගලයෙක් විය හැකිය.

එහෙයින් ඔහු බලය ඇති තැනක මෙන්ම ධනය ඇති තැනක මිත්‍රත්වය ගොඩනඟා ගන්නට පෙළඹී ඇති බවට තොරතුරු මේ වන විට අනාවරණය වී ඇත. එහිදී ඔහුගේ පෙර සේවය හෙවත් පෙර තනතුරුවල ඇතැම් වලංගුභාවයන් භාවිත කරන්නට ද සිදුවන්නට ඇත. මන්ද ඔහු වෘත්තියෙන් තැරැව්කරුවෙකි. ඊට අදාළ පසුබිම ඊට අදාළ ලියැකියවිලි, ඊට අදාළ වලංගු භාවයන් භාවිත කිරීම සඳහා පංචශීලයෙහි පිහිටා ක්‍රියා කිරීමට ඔහුට හැකි වන්නට නැත.

ඔහුගේ ක්‍රියාකලාපයන් සිදුව ඇත්තේ පොලිසියත් ව්‍යාපාරිකයනුත් අතර දෝලනය වන තැනකය. පොලිස් බලයත්, ව්‍යාපාරික ධනයත් අතර තැනක හිඳිමින් දිවි ගෙවූ චම්පිකට එහි ආදීනවයන් දැනුනේ ඔවුන්ගේ ඇසුරේ වසර දහය ද ඉක්මවූවායින් අනතුරුව විය හැකිය. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ ඥාතීන්, මහනුවර යටිනුවර ඇතැම් ඉඩම්, පැරණි වලව්, (බෝවංග වලව්ව, නෙල්ලිගලට හැරෙන හංදියේ පරණ නිවස හා ඉඩම…. ආදී) මිලදී ගන්නා අවස්ථාවලදී චම්පිකව නැතිවම බැරි චරිතයක් බවට පත්ව ඇති බව කියන්නේ ඔහුව ළඟින් ඇසුරු කළ පුද්ගලයන්මය.

ඇතැම් ඉඩම් හා නිවාසවල ලියැකියවිලි පිඹුරුපත් ආදිය සම්බන්ධයෙන් ගැටලු මතුවන අවස්ථාවලදී සහ අයථා මුදල් ගනුදෙනු කූට ලේඛන ආදිය පිළිබඳව සිද්ධීන්වලදී ඒ සම්බන්ධයෙන් 2016 – 2023 කාලය තුළ මහනුවර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශය වෙත යොමුකොට ඇති පැමිණිලි ඊට සාක්ෂි දරනවා ඇත. අදාළ පැමිණිලි විභාග වූවාද නැද්ද යන්න අදටත් විමර්ශනය කළ හැකිය.

මෙලොව වෙසෙන ඕනෑම පුද්ගලයකුට තමන්ට හිමි දෑ පමණක් භුක්ති විඳිය යුතුය.

රැකියාවේදී ව්‍යාපාරයේදී හෝ ජීවත්වන ඕනෑම අවස්ථාවකදී හෘද සාක්ෂියට එකඟව අවංකව සෑම කටයුත්තක්ම සිදු කළ යුතුය. යම් හෙයකින් අයථා ක්‍රියාවක් සිදුකළ හොත් එය යථා ජීවිතයේ සමස්තයටම බලපෑම් එල්ල කරන ලද දරුණු ව්‍යසනයක ප්‍රතිඵල විය හැකිය.

චම්පික නිලන්ත යටිනුවර පමණක් නොව මහනුවරද සමස්ත පොදු මහත් ජනතාවගේද හිත හොඳ මිත්‍රයා වී සිටියේය. පක්ෂ බේද, ජාති භේද, ආගම් භේද කිසිවක් නැති දුකේදී ලතෙත් සිත් ඇතිව, සැපේදී අවංක සතුටක් දිය හැකි පරම මිතුරෙකුව සිටියේය. එහෙත් ඔහුට කොහේ හෝ වැරදුණු තැනක් තිබෙන්නට ඇත. ඒ වැරදුණු තැන සමස්ත පවුලම වළපල්ලට ඇදගෙන යන්නට තරම් පාපකාරී වන්නට ඇත. ඔහුගේ සිතිවිලි තෙරපෙන්නට ඇත්තේ පීඩාකාරී ප්‍රශ්න ගොන්නෙන් සැනින් මිදීමට මිස විසඳීමට නොවේ.

ප්‍රශ්නයෙන් බේරීමට ඇති එකම විසඳුම පවුල පිටින්ම මොලොව හැර යෑම බව සිතූ ඔහු ඒ සඳහා සූදානම් වන්නට ඇත. තමන්ගේ දුකේ දී මෙන්ම සැපේදීත් එකට සිටි බිරිඳත් තම ලෙයින් උපන් දරුවාත් ඝාතනය කරන්නට සැළසුම් කළ ඔහු මරණයේ වේදනාව ඔවුන්ට නොදැනීම සඳහා නිදිපෙති දෙන්නට ඇතැයි අනුමාන කළ හැකිය.

බාල දියණිය එන්නට පෙර බිරිඳ හා වැඩිමහල් දියණිය ඝාතනය කළ චම්පික, අලුයම දියණිය ඇරලවන්නට ගිය ත්‍රිරෝද රථයෙන්ම රාත්‍රියේ දී යළි පාසලට ගියේ ඇය නිවසට රැගෙන එන්නට ය. බාල දියණිය මරා දමන්නට වුවද එක හිතක් ඔහුට නොතිබෙන්නට ඇත. මෝටර් බයිසිකලයේ ගොස් සීතලේ දියණිය රැගෙන එන්නට නැත්තේ ඒ නිසා විය හැකිය.

නිවසට පැමිණි දියණිය මව සොයන්නට විය. ඒ වන විටත් උඩු මහලේ කාමරය තුළ මෙළොව හැරගොස් සිටි ඇගේ සිරුර චම්පික සඟවා තිබුණේ ඇඳ යට ය. වැඩිමහල් දියණිය ගේ මළ සිරුර ඇඳ මතය. චිකන්ගුන්යාවලට යැයි කියමින් චම්පික බාල දියණියට ද නිදි පෙති බවට අනුමාන කළ හැකි පෙති දෙකක් ලබා දී තිබේ. පියා ගේ වචනය විශ්වාස කළ දියණිය එය පානය කර නින්දට ගියේ වෙනදා තමන් එනතුරු නිදිවරා බලා සිටින මව නැත්තේ ඇයිද යන්න සිතමිනි. කාමරයේ ඇඳ මත නිදා සිටිය දී පියා පැමිණ දොර රෙද්ද මෑත්කර තමන් දෙස බැලූ බව ඇය පොලිසියට පවසා තිබේ. තමන් නිදි මෙන් සිටිය දී තාත්තා වයර් එකක් වැනි යමක් රැගෙන තමන් වෙත පැමිණි බවත් ඒ වෙලාවේ තමන් ඇයි තාත්තා කියමින් විමසූ බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

දියණිය දුටු චම්පිකගේ අරමුණ වෙනස් වන්නට ඇත. ඔහු දියණිය තුරුළු කර මම ඔයාට ආදරෙයි පුතේ කියා ඇත.

ඒ මොහොතේ චම්පික හදවතින්ම හඬා වැටෙන්නට ඇත. තාත්තාගේ ඇස් දිලිසෙමින් තිබුණා යැයි දියණිය කියා තිබුණේ ඒ නිසා විය හැකිය.

නිදා ගන්න කියමින් කාමරයෙන් පිටතට ඔහු ගොස් ඇත. පියාගේ හැසිරීම අමුතු වීමත් මව නිවසේ නොසිටීමත්, අක්කා කිසිදු හැලහොල්මනක් නොමැතිව නිදා සිටීමත් නිසා සැක උපන් 13 හැවිරිදි දියණිය පියා ගිය මග යමින් ඔහුව සොයන්නට විය.

නිවසේ මුළුතැන් ගෙයි දොර විවෘත කර තිබිණි. නිවසට යාබදව ඇති අට්ටාලයේ පියා එල්ලී සිටිනු දුටු ඇය පුටුවක් ගෙන ලණුවේ ගැට ලිහන්නට උත්සහ කළාය. ගැට දෙකක් ලිහා ගන්නට හැකි වුවත් තුන්වන ගැටය ලිහා ගැනීමට නොහැකි වූ ඇය කෑ ගසන්නට විය. ඒ හඬ ඇසී චම්පිකගේ නිවස ආසන්නයේ පදිංචි ඥාති පිරිස එන විටත් ඔහු මෙලොව හැරගොස් සිටියේය.

එකම පවුලේ සිව්දෙනාගෙන් තිදෙනෙක් එකම මොහොතේ මියගොස් ඇති බව දුටු විට දහතුන් හැවිරිදි දියණියකට එය දරාගත හැකි වන්නේ කෙසේද යන්න කාටත් අවබෝධ වනු ඇත.

තිදෙනකුගේ මළ සිරුරු නිවසේ එකම කාමරයක තැන්පත් කර තිබුණේ ධනය බලය මුසු කෲරත්වය සමාජයට පිළිකුලක් බවට ඒත්තු ගන්වමිනි.

මළ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ දී ඉකුත් (29දා) පස්වරුවේ සිදුකෙරිණි. එහි දී අදාළ මරණ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දෙමින් ශරීර කෙටස් රස පරීක්ෂක වෙත යොමුකර තිබේ.

චම්පික බිරිඳට හා දියණියට කිසියම් පෙති වර්ගයක් බීමට දී ඔවුන්ගේ ගෙල සිරකර මරා දමන්නට ඇති බවට පොලිසිය සැක කරයි. ඒ සම්බන්ධව ස්ථිර යමක් ප්‍රකාශ කළ හැකි වන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ රස පරීක්ෂණ වාර්තා ලැබුණු පසුව බව පොලිසිය පවසයි.

චම්පික මෙලොව හැර ගියා පමණි.. ඔහු සමග බැඳුණු පාතාලයක අමිහිරි මතකයන් සැඟවී ඇති බව තේරුම්ගත යුතුය.. බල්ලොත් එක්ක ලැග්ගොත් නැඟිටින්නට වන්නේ මැක්කොත් එක්කය. චම්පිකට මැක්කොත් එක්කවත් නැඟිටින්නට හැකියාවක් ලැබුණේ නැත.. ඔහුව පෙළාගත් මැක්කන් සමූහයක් මධ්‍යයේ නැඟිටගත් චම්පික සුවඳ පතුරුවමින් සිටි මල්ද පොඩි කර දමමින් නැත්තටම නැතිවී ගොස් ඇත..

දිවයින පුවත්පත ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top