Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
15
දවසට එනසාල් ඇට දෙකක් ආහාරයට ගන්න... ඒ ඇයි කියලා ඇහුවොත් ඔබ පුදුම වෙයි...

- දවසට එනසාල් ඇට දෙකක් ආහාරයට ගන්න... ඒ ඇයි කියලා ඇහුවොත් ඔබ පුදුම වෙයි...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

විවිධ ආහාර හා රසකැවිලි සඳහා සුවඳ සහ රසය වැඩි කරගන්නට කුළු බඩුවක් විදියට අපි නිතර එනසාල් භාවිතා කරනු ලබනවා.


එනසාල් සැබැවින්ම කුළු බඩුවකට එහා ගිය විස්මිත ඖෂධීය ගුණ රාශියකින් සමන්විතයි. ඒ නිසාම දවසින් දවස එනසාල් සඳහා ඇති ඉල්ලුම වැඩි වෙනවා. මිලෙන් ඉතා ඉහළ වාණිජමය වශයෙන් ඉතා ඉහළ ආදායමක් ලබා ගන්නට හැකි වගාවක් ලෙසටත් එනසාල් වැදගත් ස්ථානයක් හිමි කරගනු ලබනවා.

ඒ නිසාම මේ එනසාල් හෙවත් කරදමුංගුවලට කුළු බඩු අතරින් ඉතා ඉහළ වටිනාකමක් හිමි වෙනවා. ඒ නිසාම එනසාල් පාරාදීසයේ බීජය හෙවත් කුළුබඩු රැජිණ යන නාමයෙන් ද හඳුන්වනු ලබනවා.

දකුණු ඉන්දියාවේ සදාහරිත වර්ෂා වනාන්තරවල සම්භවය වූ බවට සැලකෙන එනසාල් සමාන දේශගුණ සහිත ලෝකයේ විවිධ ප්රදේශවල පැවතුණා. මීට වසර ගණනාවකට පෙර සිටම එනසාල් සතු විශිෂ්ඨ ගුණ පිළිබඳව ජනතාව දැන සිටියා. Zingiberaceae කුලයට අයත් වන එනසාල් ශ්රී ලංකාවේ, ඉන්දුනීසියාව,ඉන්දියාව ආදී රටවල වගා කරනු ලබනවා.

✭ එදා පැරණි ඊජිප්තු වැසියන් මෘතදේහ කල්තබා ගන්නට පවා මේ එනසාල් භාවිතා කළ බව සඳහන් වෙනවා. ආයුර්වේදයේ සහ යුනානි ඖෂධ ක්රමය තුළත් ඖෂධයක් ලෙසට භාවිතයට ගනු ලබනවා. සුවඳ විලවුන් වර්ග හා ඕඩිකොලොන් වර්ග නිෂ්පාදනයට එනසාල් තෙල් අත්යවශ්ය වෙනවා. ඒ හැරුණාම බුලත් විට සකස් කිරීමේදි පවා අත්යවශ්ය අංගයක් ලෙසටත් එනසාල් ඈත අතීතයේ සිටම අද දක්වාම භාවිතා කරනු ලබනවා.

✭ මේ එනසාල් බේකරි කර්මාන්තයේ දී අත්යවශ්ය කුළුබඩුවක් ලෙස භාවිතයට ගනු ලබනවා. පාන්, බනිස්, පේස්ට්රි වර්ග, කේක්, කුකීස් ආදී නිෂ්පාදනවලදී වගේම සොසේජස් හැම්බර්ගර් වැනි ආහාර පදම් කර ගැනීමටත් එනසාල් නැතිවම බැහැ.කටගැස්ම වර්ග, මසාලා කෑම, පලතුරු සලාද, අයිස් ක්රීම්, පුඩින් වර්ග, ජෙලි වර්ග ඇතුළු බොහෝ අතුරුපස නිෂ්පාදනයේදී සූපවේදීන්ට අත්යවශ්ය කුළු බඩුවක් වෙන්නේ ද එනසාල්. මේ නොයෙක් ප්රයෝජනයන් අතරේ බොහෝ අය නොදන්නා මහඟු ඖෂධීය ගුණයන් රාශීයක් ද මේ එනසාල් සතු වෙනවා. ඒ නිසාම ක්රි. පූ 400 දී පමණ පැරණි වෛද්යවරුන්ගේ ශල්යගාර ජීවානුහරණය සඳහා එනසාල් යොදා ගෙන ඇත්තේ.

✭ ඒ වගේම ක්රි .පූ. 720 සිටි බැබිලෝනියානු රජවරුන්ගේ උයන්වල එනසාල් තිබූ බව සඳහන් වෙනවා. ඒ විතරක් නොවෙයි එදා ඈත අතීතයේ සිටම අරාබි ජාතිකයන් අමුත්තන්ට සංග්රහ කිරීම සඳහා කෝපිවලට එනසාල් එකතු කළා. එදා ජනතාව එනසාල් එකතු කළ මේ පානය තුළින් ශරීරාංග උත්තේජනය වී ශරීරය සෞඛ්ය සම්පන්න වන බව දැන සිටියා.

ඒ වගේම ඉන්දීය ආයුර්වේදය තුළ එනසාල් ශරීරයේ තරබාරුව මට්ටු කරන මහඟු ඔසුවක් ලෙසත් සිරුර අභ්යන්තරය පිරිසිදු කරන ඔසුවක් ලෙසටත් භාවිතයට ගත්තා. ඉතින් ඈත අතීතයේ සිටම එනසාල් සතු මහඟු ඔසු ගුණ බොහෝ ජාතීන් දැන සිටියා. ලංකාවේ වගා කරන එනසාල් සතු විස්මිත ගුණයන් පිළිබඳව ලාංකීකයන් විදියට දැන සිටීම ඉතා වැදගත් නිසාවෙන් ඒ ගුණ මොනවද කියලා විමසා බලමු.

එනසාල් සතු ඖෂධීය ගුණ
✭ශරීරය සිසිල් කීරීමේ ගුණයෙන් සමන්විතයි.
✭අජීර්ණයට ගුණදායකයි.
✭ආම වාත දුරු කරයි.
✭කෑම රුචිය වර්ධනය කරයි.
✭සමේ රෝග සඳහා ගුණදායකයි.
✭සෙම්ප්රතිශ්යාව සහ උණ සඳහා සුවය ගෙනදෙයි.
✭ආහාර ජීර්ණ පද්ධතියේ සියලු රෝග දුරු කරයි.
✭ඔක්කාරය දුරලයි.
✭හානිකර බැක්ටීරියා මගින් ඇතිකරන ✭දත් කුහර වළක්වයි.
✭පෙනහළු තුළ රුධිර සංසරණය වැඩි දියුණු කරයි.
✭සෙම්ප්රතිශ්යාව, කැස්ස, බ්රොන්කයිටීස් ආදී ස්වසන අපහසුතා සමනය කරයි. ✭සෙම ඉවත් කර පපුවේ සෙම හා තදබදය දුරලයි.
✭ආහාර ජීර්ණය හොඳින් සිදු කර ✭මලබද්ධය වළක්වයි.
✭වකුගඩු හරහා ශරීරයේ අපද්රව්ය හොඳින් පිට කිරීමට උපකාරී වෙයි.
✭බඩ පුරවා දැමීමට ගුණදායකයි.
✭එනසාල් සතු විටමින් C යකඩ සහ නියසීන් රක්තහිනනතාවය දුරු කරන්නට උපකාරී වෙයි.
✭නොසන්සුන්භාවය, කාංසාව වැනි නින්දට බාධා කරන ගැටලු ඉවත් කර සුවදායි නින්දක් ලබා ගන්නට උපකාරී වෙයි.
✭හෘදයාබාධ ඇතිවීම වළකයි.
✭ප්රතිශක්තිය වැඩි දියුණු කරයි.
✭සම වියළීම වළක්වා සම ආරක්ෂා කරයි.
✭හිසකෙස් පෝෂණය කරයි.
✭මානසික ආතතිය සඳහා ගුණදායකයි.
✭රුධිරයේ අහිතකර කොලෙස්ටරෝල් පාලනයට උපකාරී වෙයි.එමගින් මොළයේ රුධිර කැටි ඇතිවීම වළක්වනු ලබයි.
✭ලිංගික බෙලහීනතාවය ඇති අයට ඉතාම ගුණදායකයි.
✭මුඛයේ දුර්ගන්ධය නැති කරයි.
✭මුඛයේ තුවාල සුව කරයි.
✭තරබරුව මට්ටු කරයි.
✭මුත්රා හොඳින්ම පිට කිරීමට උපකාර කරයි.
✭වකුගඩු, මුත්රා මාර්ගය හොඳින් පිරිසිදු කර ආරක්ෂා කරනු ලබයි.
✭පිළිකා සෛල විනාශ කර පිළිකා ඇතිවීමේ අවදානම දුරු කරයි.
✭දියවැඩියා රෝගයට ඉතා ගුණදායකයි.
✭දිලීර හා බැක්ටිරීයා ආසාදනවලින් ආරක්ෂා කරයි.
✭බඩේ වේදනාව සමනය කරයි.
✭අධි රුධිර පීඩනය දුරු කරයි.

ඖෂධීය භාවිතයන් 

සෙම්ප්රතිශ්යා උණ සඳහා එනසාල් ඉඟුරු හා සමාන ගුණයෙන් අන්තරගත නිසා මේ උණ සඳහා එනසාල් ස්වල්පයක් තම්බා පානය කිරීම ගුණදායකයි.
මුඛයේ ඇතිවන රෝග සඳහා එනසාල් තම්බා ගත් වතුරෙන් දිනකට දෙවතාවක් කට සේදීමෙන් සුවයක් ලබාගත හැකියි.
බඩේ වේදනාව සඳහා කෝපිවලට අඹරන ලද එනසාල් එකතු කර පානය කිරීම සුදුසුයි.

මිලෙන් වගේම ගුණයෙන් ඉතා ඉහළ එනසාල් දෛනිකව අහාර සඳහා එකතු කර ගැනීමෙන් ලෙඩ රෝග බොහොමයකින් ආරක්ෂා වී සෞඛ්යමත් ජීවිතයක් ගත කරන්නට හැකියාව ලැබෙනවා.

විශේෂයෙන්ම ඉහළ සංවේදීතාවයක් ඇති අයට පපවේ තද ගතිය,හුස්ම ගැනීමේ අපහසුතාවය වැනි ආසාත්මිකතාවයන් ඇති කරන්නට හේතු විය හැකි නිසා එවැනි අපහසුවක් ඇතිවුණොත් එනසාල් භාවිතය නතර කරන්න.
උපුටා ගැනීමකි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top