ඒ වගේමයි විවාහ කියන්නෙ ඇතැම් කාන්තාවන්ගේ ජීවිතයේ නම් විශාල පෙරලියක් වන තීරණයක්.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන ටිකක් වෙනස් විදිහක කතාවක්.. ඔබේ ග්‍රහ පිහිටීමත් සමහරවිට මෙන්න මේ වගේ වෙන්න ඇති.. එහෙනම් ඔබත් මේ වාසනාවට උරුමකම් කියනවාද..?
මේ කියන්නේ ඔබ ගැනයි.. විශේෂයෙන් ස්ත්‍රිය ගැන ලියන්නේ ඕනෑම රටක්, නිවෙසක් උත්සවයක් ලස්සන වන්නෙ දියුණුූ වන්නෙ ස්ත්‍රිය නිසා.. විශේෂම කරුණ තමයි ස්ත්‍රිය තමයි දිනෙක අම්මා කෙනෙක් වන්නේ... සැමටම වඩා අම්මා උතුම් කියලා තිබෙන නිසානේ ඇය ගෙදර බුදුන් කිව්වේ... විවාහය, සමහර ගැහැනු නිසා අඩාළ වන ජීවිත නැතුව නෙවෙයි.. ඒත් ඒ ඉතා ස්වල්පයක්.. අපි ඕනෑම දෙයක යහපත් පැත්ත බලන්න ඕනෑ දියුණුවන්න නම්, මේ සටහන ලියන්නෙ කරුණු කිහිපයක් මුල් කරගෙනයි...
එකක් ගැහැනියකගෙ යහපත් දේ ලෝකයටම දන්වන්න.. දෙවැනි කාරණාව තමයි විවාහ වන්ට බලාපොරොත්තු වන දූවරු ඉන්න අම්මලා ඒ අයගේ කේන්දර ග්‍රහ පිහිටීම ටිකක්වත් දැන සිටීමෙන් නියම සහකරුව සොයා ගැනීමට මාර්ගය විවෘත කර ගැනීමට... හැබැයි තව එකක්.. ග්‍රහ පිහිටීම් කොහොම වුණත් භවයේ කුසල් අකුසල් ඉස්සර වුණොත් ඒකේ ප්‍රතිඵල හොඳට හෝ නරකට ලබාගන්ට වෙනවා.. ඒවා උරුම හෝ කරුම.. අහල තියෙනවනෙ උත්පලවන්නා, පටාචාරා, කිසාගෝතමී කතා පුවත්.. රජ මැදුරුවල ඉපදුණත් කරුමය පලදෙනවා.. ඉතින් අපි ගැන කුමන කතාද..?
ඡ්‍යොතිෂයේ සඳහන් වනවා ග්‍රහ පිහිටීම් කියලා දෙයක්.. ග්‍රහයෝ කොහොම පිහිටියත් ඒ ගැන දීර්ඝව ඉගෙන ගන්න ප්‍රථම ග්‍රහ පිහිටීම කියන්නෙ මොකක්ද.? විෂ යෝගය මොකක්ද කියල පොඩි අවබෝධයක් ගත්තොත් පසුවට යහපතක් වේවි..
අපේ කේන්දරයේ මැද කොටුවකුත් සමඟ ඒ වටේ කෝටු 12 ක් තිබෙනවා.. ඒවා තුළ කිසියම් ග්‍රහයන්ගේ නම්වල මුල් අකුරක් සඳහන් කරල තිබෙනවා.. ඔය වගේ රූපසටහනක් තිබෙනවා.. මේ කියන්නෙ ඉතා සරලව.. මේක ඉතා ගැඹුරු ශාස්ත්‍රයක් හොඳේ.. ඊට පස්සේ මේ කොටුවට ටිකක් පැත්තකට වන්න තවත් මේ වගේම රූපසටහනක් තිබෙනවා.. ඉස්සෙල්ල එකේ මැද ලියල තිබෙන්නෙ ලග්නය කියල වුණාට දෙවැනි එකේ ලියල තිබෙන්නෙ නවාංශකය.. ඒ කිවුවේ ලග්නය ඒක අංශක 30 නවයකට බෙදලා අංශක 3.33ක ප්‍රතිඵල.. මේ දෙකේම වටා ඉන්නෙ එකම ග්‍රහයෝ හොඳේ.. තව විස්තර ලියල තිබෙනවා.. පුර තිථිය, අව තිථිය, නැකත, මහදසාව වගේ ඒ විස්තර පසුව දැන ගනිමු.. අද මේ කියන්නෙ ස්ත්‍රී කේන්දරය හරියට නිවැරැදි ග්‍රහ පිහිටීම සමඟ ඉගෙන ගන්නනේ..
අපි වටා ග්‍රහලෝක 12ක් වේගයෙන් කැරකෙනවා.. ඉන් 3ක් එනම් ප්ලූටො, නැප්චූන්, යුරේනස්, කියල අක්‍රිය ග්‍රහ කිරණ කියල ටිකක් අයින් කරලා.. ඒත් ඒ ගැන සඳහන් කරන අයත් නැතුවා නොවේ.. ලග්නය කිවුවේ දරුවෙක් උපදින කොට නැඟෙනහිර ක්ෂිතිජයෙන් උදාවන රාශිය, ඔය මේෂ, වෘෂභ, මිථුන කියන්නෙ ඒවා.. ඒ වටා වේගයෙන් කැරකෙන ග්‍රහයො 9 ඒ රාශිවලට බලපාන විදිහට සඳහන් කරල තිබෙනවා.. ඒවා නවග්‍රහයො.. ඒකේ ප්‍රධානියා රවි.. නැත්නම් අර්ඛඞ.. මේවා ග්‍රහයො කිවුවට ග්‍රහ කිරණ.. මොනම ජාතියකටවත් , ආගමකටවත් අයිති නැහැ.. මේ ග්‍රහ කිරණවල ප්‍රතිඵල හැටි පසුව දැනගනිමු..
මේ රාශි චක්‍රය නොවෙනස් වුණාට ග්‍රහයො වෙනස් වෙනවා.. අපි හිතමු අපේ ලග්නය මේෂය කියලා. එතකොට ඊට උඩින් තිබෙන කොටුව නැත්නම් රාශිය 1 නම් මේෂයමයි.. දැන් එතැනින් වම් පැත්තට ගණිනවා.. මේෂ, වෘෂභ කියලා. මීන වනකල් එවිට 12 වැනි කොටුව මීනය..
මේ මේෂ රාශියේ රවි ග්‍රහයා පතිත වෙලා.. එවිට මේෂයට රවි උච්චයි.. ඒ වගේ ගුරු හෝ ශනි පතිත වෙලා තිබුණා හිතමු.. දැන් මේෂයට ගුරු හා ශනි හතුරුයි.. ලග්නය ශරීරයේ ඔළුව හොඳද..?
ඕනෑම ග්‍රහයෙක් ඉන්න තැන සිට 7 වැනි රාශිය මුළුමනින්ම දකිනවා.. නැත්නම් දෘෂ්ටි වනවා.. ඒකට අපි සප්තම දෘෂ්ටිය කියනවා.. ඒ වගේ තවත් දෘෂ්ටින් නැතුව නොවේ.. එනම් 3,4,5,7,9,10,12 වගේ.. මේ ග්‍රහයන් සුබවන අයුරින් ඒ රාශිය හෝ රාශියේ ඉන්න ග්‍රහයන් දැක්කොත් එ තැනින් සිදුවන දේ සුබ වන අතර නරකට දැක්කොත් අශුභයි.. 7 වැනි රාශිය කියන්නෙ විවාහය නිසා දැන් ඒ ඒ කේන්දර හිමියන්ගේ විවාහය ගැන යමක් වැටහෙනවා ඇති..
දැන් අපි සටහන දෙසට හැරෙමු.. ඒ කිවුවේ ස්ත්‍රීන් ගැන විස්තර දෙසට.. වයස අවුරුදු 5කට පසු මවුගේ හෝමෝන ක්‍රියාකාරිත්වය මත දියණියගේ පළමු මල්වරය සිදුවනවා.. එනම් පුර තිථිය ඇති දවසක.. ඒ කිවුවේ පුර පෝයට දින 14ක්.. අමාවක ඉඳලා.. ඉදිරියට දින 14ක්.. එනම් මල්වරය සුබයි.. අව තිථියට නොවෙනවා නොවෙයි..
මල්වරය වන්නෙ නියමිත සැක කරන කාලයට දරුවගේ තත්කාල කේන්දරයේ අඟහරුවා, සඳු පසුකරන හෝ අඟහරුවාට චන්ද්‍රයා සප්තම දෘෂ්ටියට හසුවන දිනයට ප්‍රථම මල්වරය වනවා. එතැනින් පසුව දුවණියගේ ලිංගික අවයව ටිකෙන් ටික වැඩෙනවා.. ඇයගේ ළැම පෙදෙස ඉදිරියට නෙරල ටිකෙන් ටික ලස්සන වනවා.. ඒක නිසාමනේ ඇයට මේ දිනවලට “ළමිස්සී” කියන්නේ.. මේ විදිහටම නොවුණට පිරිමි ළමයින්ටත් කිසියම් වෙනසක් සිදුවනවා.. එතකොට තමයි දැරියන් ඉල්ලන්න හිතෙන්නේ.. ඒකනේ ඒ අයට “ඉළංදාරින්” කියන්නේ.. ඒ කියන්නේ විවාහයට සුදුසුයි කියන එක.. විවාහයට සුදුසුයි කිවුවට තව අවශ්‍ය දේවල් ගොඩක් නැතුව නොවේ.. පරස්තාවට ඉස්සෙල්ල රස්සාව.. ඉන්න තැනක් එහෙම. මේ විදිහට වයස අවුරුදු 20 සාමාන්‍යයෙන් පසුවනවා..
ඔන්න ඉතින් අම්මලා කේන්දර ගළපනවා.. ගැහැනු කේන්දරයේ රවි ග්‍රහයා ලග්නයේ හෝ 7 වැනි රාශියේ ගෝචර වුණොත් පිරිමියෙකුට තිබෙන ගති පැවතුම් ස්වභාවය ගන්නවා.. මේ ග්‍රහ පිහිටීම් අනුව ලැබෙන සහකරුගේ ස්වභාවය පවතිනවා.. තවද පොරොන්දම් බලන කොට මුදල් ගැන කතාකරන 2 වැනි රාශිය 5 - 9 රාශි, විශේෂයෙන් 7 වැන්න වැනි රාශිවල ග්‍රහ පිහිටීම ග්‍රහ දෘෂ්ටි පරීක්ෂා කරන්නට වනවා.. හැම කෙනෙකුගේම විවාහය යහපත් වන්නට ඕනනේ. රවි ඒකාධිපති තත්ත්වය.. සඳු ආදරයට සෙනහසට, බලයි.. අඟහරුවා චණ්ඩියා ඉක්මන්කාරයා, බුධ ඉවසන සෞමය තත්ත්වය ඇතිකරවනවා.. ගුරු ශිල්පයට සිකුරු ඉතින් දන්නවනේ, සෙනසුරු ඕනෑම දෙයක් දෙනවා හැබැයි.. අවශ්‍ය වෙලාවට නොවේ.. ප්‍රමාද වෙලා ඔය හරහා අපට ලැබෙන විවාහය බලා ගන්න හැකියාව තිබෙනවා..
කෙටියෙන් කිවුවොත් ස්ත්‍රී කේන්දරයක සඳු, සිකුරු දෙන්නත්, කුජ - ගුරු දෙන්නත් බලවත් නම් එය පිහිටි කේන්දරය බලවත් ග්‍රහ පිහිටීමක්.. 7 වැන්නෙ සෙනසුරු ගෝචරය යහපත් නම් ඔබේ විවාහය ස්ථිරයි.. හැබැයි ගොඩක් ප්‍රමාදයි.. ඉතා වැඩි වයස් පරතරයක් පවතිනවා..
තවද යහපත් චන්ද්‍රයා උච්ච වීම නිසා කේන්දරයක වටිනාකම වැඩිවෙනවා.. යහපත් චන්ද්‍රයා විවාහකස්ථානයේ නම් ඉක්මන් විවාහයක්.. එතැන යහපත් අඟහරුව දැක්කොත් හඳපානෙ හරි පැනල යනවා.. ස්ත්‍රී කේන්දරයක 2 වැනි රාශිය අධිපතියා අෂ්ටමයේ නම් ධනයට ඇය හිමිකාරිය වනවා මිස තමාගෙන් ස්වාමියාට දායාද නොලැබෙන තත්ත්වයක් තමයි පවතින්නෙ..
විශේෂම ග්‍රහ පිහිටීම තමයි, මේ ඉස්සෙල්ලා කිවුවේ.. මේ විදිහට ග්‍රහ පිහිටීම තිබුණොත් තම දූවරු සහකරුවන්ට දෙන්න කිසිම මුදලක් වැය වන්නෙ නැහැ.. මොකද ඒ සහකරුවන් තම දූවරු අරගෙන යන්නෙ කිසිදු දෑවැද්දක් නොමැතිවමයි...
සුබසෙත පුවත්පත ඇසුරෙන්..