Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
15
නිවසට සෞභාග්‍යය වාසනාව කැන්දන අති ප්‍රබල ගුප්ත ක්‍රම

- නිවසට සෞභාග්‍යය වාසනාව කැන්දන අති ප්‍රබල ගුප්ත ක්‍රමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views
විශේෂයෙන් ජෝතීර්වේදය , ආයුර්වේදය, මන්ත්‍ර විද්‍යාව ඇතුළු බොහෝ දේ තිබෙනවා. එක් එක් දැනුම් පද්ධතීන් එකිනෙකට වෙනස්...

විවිධ රටවලත් විවිධ විශ්වාසයන් තිබෙනවා... ඔබේ විශ්වාසය මත මේවා අනුගමනය කරන්න පුළුවන් ... අද කියා දෙන්න හදන්නේ අති ප්‍රබල ගුප්ත ක්‍රම 7ක් ... ගුප්ත කර්මයන්ට අනුව විශ්වයෙන් ලැබුණු රහස් උපයෝගි කොට ගෙන තමන්ගේ නිවෙසට යහපත් විශ්ව ශක්තීන්ගේ ආකර්ෂණය, දෙවියන්ගේ ආකර්ෂණය ලබා ගෙන තම ජීවිතයටත්, තමන් ජීවත් වන නිවෙසටත් දියුණුව, සෞභාග්‍යය, ශාන්තිය, සතුට උදා කර ගැනීමට හැකියාව තිබෙනවා... අද කියා දෙන්නට සූදානම් වන්නේ ඔබේ නිවෙසේ දියුණුවට ප්‍රයෝජනවත් වන ගුප්ත රහස් ක්‍රම කිහිපයක් පිළිබඳවයි.

කාසි කළය

සාමාන්‍ය ප්‍රමාණයක නැවුම් රිදී හෝ මැටි කළයකට අලුත් පිරිසුදු පෙනුමැති කාසි කළයේ කට දක්වා පිරි යන ලෙස පුරවා කළය වටා තරමක් මහත රතු නූල් පොට තුනකින් හෝ රතු රෙදි කැබැල්ලකින් (කට නොවැසෙනසේ) කළයේ ඔතා ගන්න. මෙම කළය ඔබේ නිවෙසේ ආලින්දයේ සැමට හොඳින් පෙනෙන ස්ථානයක, විසිතුරු බඩුවක් ලෙස තැබිය හැකියි. නමුත් කිසි විටෙක එයින් කාසි නොගත යුතුයි. වසරක් පාසා ජනවාරි පළමු වන දිනට එම කළයේ කාසි ඉවත් කර අලුත් කාසිවලින් පිරවිය යුතුයි. එකම කළය දිගටම තබා ගත යුතුයි. වෙනස් කළ යුත්තේ කාසි, රතු නූල් හෝ රතු රෙදි පමණයි. මෙසේ වසරක් පාසා ඉවත් කරන මුදල් යම් පින්කමක් සඳහා යෙදවීමට, පන්සලකට, කෝවිලකට ලබාදීමට, දේව පූජාවක් සඳහා යෙදවීමට සුදුසු වෙනවා...

මෙම කාසි කළය ඔබට පූජාසනයක් ඇත්නම් එහි ගෞරවාන්විතව තැන්පත් කිරීමද යහපත්ය. ශ්‍රී මහා ලක්ෂ්මී මෑණියන් ඉදිරියේ මෙම කළය තැන්පත් කළ හැකි නම් ඉතාම ශුභයි.

එයින් ලැබෙන පල දෙගුණ තෙගුණද වෙනවා... නමුත් බුදු පහනක මෙය තැබීම නම් සුදුසු නැහැ... මෙම කාසි කළය නිවෙසේ දියුණුවට, ධන ආකර්ෂණයට උපකාර වෙනවා...


අල්මාරියෙ රතු පඬුර

ඔබේ නිදන කාමරයේ හෝ ඔබේ නිවෙසේ රන් භාණ්ඩ, මිල මුදල් සුරක්ෂිතව දමා ඇති අල්මාරියට අලුත් පිරිසුදු මුදල් නෝට්ටුවකින් අලුත් පිරිසුදු කාසි තුනක් එක මත තබා පළමුව නෝට්ටුවෙන් ඔතා පසුව අලුත් රතු රෙදි පටියකින් පඬුරක් ගැට ගසන්නාක් මෙන් ගැට ගසා ගෙන එම පඬුර මහා ලක්ෂ්මි මෑණියන් හා කුබේරන් දෙවියන් සිහි කර පඬුර සිතින් කැප කරලා තමාට ධනය ආකර්ෂණය කර දෙන මෙන් ඉල්ලා එම පඬුර අල්මාරිය අභ්‍යන්තරයේ සොයා ගැනීමට අපහසු වන තැනක සඟවා තබන්න. මේ පඬුර කිසි දිනෙක නැවත එළියට නොගන්න. ඔබට නෝට්ටුව වශයෙන් අලුත් රු. 100ක්ද, කාසි වශයෙන් අලුත් රු. 10 කාසි 03ක්ද භාවිත කළ හැකිය. මෙම කෙම කතා නොකර සිකුරාදා දිනයක උදෑසනක කර ගත හැකි නම් වඩා යහපත්ය.

සත්ත්ව රූප තැබීම

ඔබේ නිවෙස තුළ පහත දැක්වෙන සත්ත්ව රූප තබා ගැනීමෙන් යහපත් විශ්ව ශක්තීන්ගේ ආකර්ෂණය නිවෙසට ලැබී දියුණුව, වාසනාව ගෙන දෙයි. ඔබට මේ සඳහා පිළිම හෝ පින්තූර යන දෙකම භාවිත කළ හැකිය. වඩා යහපත් පිළිම නම්,

රන් පැහැති ඉබ්බන්

තුන් පත් රෑන (අලි තුන්දෙනා සහිත පවුල)

කරඬුව වඩම්මන ඇත් රූප

රන් පැහැති මකර රූප

හංස රූප

මොනර ජෝඩුව

දුවන අශ්ව රූප

ගව රූප (එළදෙන නම් වඩා යහපත්)

තනි අශ්ව ලාඩම (නිවසේ ඇතුළු වන ස්ථානයක ඉහළින් ගැසීම ශුභයි.)

පැටවුන්ට කෑම කවන අලංකාර කුරුලු රූප


ඕම් / ස්වස්ථික සලකුණ

ඔබට ඕම් සලකුණ හෝ ස්වස්ථික ලකුණ ඔබේ නිවෙසට ඇතුළු වන ‍ෙදාරකඩ පෙනෙන ස්ථානයක හෝ නිවෙසේ ආලින්දයේ උස් තැනක, දෙවියන් වඳින ස්ථානයේ, ඔබේ වාහනයේ හොඳින් පෙනෙන පරිදි තබා ගන්නේ නම් ඉන් ඔබට වාසනාව උදා කර දේ, පංචායුධයක් මෙන් ඔබට ආරක්ෂාව සලසයි. මේවා දෙවියන්ගේ සලකුණු නිසා, එම සලකුණු ඇති ස්ථානයන්ට අඳුරු බලවේග ඇතුළු නොවේ. මෙම සලකුණු මාල, මුදු, බේ්‍රස්ලට් ලෙස ඇඟ පැලඳීමද ඉතාම ශුභය.

සුළං නාදක

මේවා විශේෂයෙන්ම චීන ජාතිකයන් බහුලව භාවිත කරයි. වින්ඩ් චයිම් එකක් ඔබේ නිවෙසේ ප්‍රධාන ‍ෙදාරටුවට ඉදිරියෙන් එල්ලා ගැනීම තුළින් සුළඟ ඇති විට මින් නැඟෙන අලංකාර නාදයට යහපත් විශ්ව ශක්තීන් ආකර්ෂණය වේ. නිවෙසට වාසනාව හා මානසික සතුට ළඟා කර දීමේ බලයක් මෙහි ඇත. මේවා මුළුතැන්ගෙය, නිදන කාමර තුළ එල්ලා තැබීම සිදු නොකළ යුතුවේ. ඉන් නියමිත ප්‍රතිඵල නොලැබේ.

නිවෙසට දුම් ඇල්ලීම

නිවෙසට දුම් ඇල්ලීම ලාංකිකයන් වන අප විසින් අනාදිමත් කාලයක් පටන් කර ගෙන එන සිරිතකි. නමුත් දැන් යම් ප්‍රමාණයකින් එම පුරුදු අඩුවී ඇති බවක් පෙනේ. කෙසේ වෙතත් ඔබේ නිවෙසට, රථ වාහනවලට, වෙළෙඳසලට දුම් ඇල්ලීම ඉතාම යහපත් දෙයකි. එයින් අඳුරු බලවේග සියල්ල හිරු දුටු අඳුර සේ පැනයයි. යහපත් විශ්ව ශක්තීන් ආකර්ෂණය වේ. දේව ශක්තීන්ට ඉතා හොඳින් ආකර්ෂණය වීමට පහසු කරයි. පාරිශුද්ධතාව ඇති කරයි. නමුත් දුම් ඇල්ලීමේදී දැනගත යුතු නිවැරදි ක්‍රමවේදයක් වේ. නිවැරදිව දුම් අල්ලා ගැනීමෙන් වඩා යහපත් ප්‍රතිඵල ලබා ගත හැකිය. ඒ අනුව දුම් ඇල්ලීම සඳහා අප දුම් කබලක්ම භාවිත කළ යුතුය. පිරිසුදු තත්ත්වයේ පවතින වියළි පොල් කටුවලින් ගිනි අඟුරු පිළියෙල කර ගැනීම වැදගත් වේ. දුම් බෙහෙත් සඳහා කඩෙන් මිලදී ගන්නා කෘත්‍රිම සුවඳකාරක භාවිතයට වඩා අප විසින් සාදාගන්නා පිරිසුදු හා නිවැරදි දුම් බෙහෙත් භාවිතය නියම පල ලැබීමට හේතුවනු ඇත. ඒ අනුව ඔබට කුඩු කර ගත් සුදු සාම්බ්‍රානි කැට පමණක් භාවිතයද සුදුසුය. නැති නම් සුදු සාම්බ්‍රානි, සුදු හදුන්

කූඩු, රත් හදුන් කූඩු, දේවදාර, සුවඳ කොට්ටන්, නාමල් රේණු, අගිල් සම සමව ගෙන මිශ්‍ර කර සාදා ගන්නා බෙහෙත් මිශ්‍රණයෙන් දුම් ඇල්ලීම ඉතාම යහපත් වේ. දුම් ඇල්ලීමේදී දුම් ප්‍රථමයෙන් නිවෙස තුළ ඇති බුදු කුටියටත්, දෙවනුව දෙවියන් වඳින ස්ථානයක් ඇත්නම් එයටත් පසුව පිළිවෙළින් නිවෙසේ පිවිසුම් ‍ෙදාරටුවේ සිට නිවෙස තුළට කොටසින් කොටස දුම් අල්ලා ගෙන ගොස් අවසානයේ මුළුතැන්ගෙට අල්ලා නිවෙසේ පිටුපස ‍දොරින් ඉවතට පැමිණ අඟුරු නිවී යන තෙක් දුම් කබල පැත්තකින් තබා පිටුපස ‍දොර වසා පැමිණිය යුතුය.

උපුටාගැනීමකි..
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top