වාර්තා වුණු තවත් භූ කම්පනයක් ගැනයි මේ කියන්න යන්නේ..
අමෙරිකාවේ - කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් ඩියාගෝ සහ අවට ප්‍රදේශයේ රිච්ටර් මාපක 5.2ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එහි ප්‍රබලත්වය කැලිෆෝනියාවේ - ඔරේන්ජ් සහ ලොස් ඇන්ජලීස් කලාප වෙත ද දැනී ඇති බවයි.
භූකම්පනය පොළොව මතුපිට සිට කිලෝමීටර් 13.4ක ගැඹුරින් සටහන් වී ඇති බව සදහන්.
කෙසේ වෙතත්, භූකම්පනය හේතුවෙන් කිසිඳු දේපල හෝ ජීවිත හානියක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.