මේ කියන්න හදන්නේ හුඟාක් දුක හිතෙන කතාවක්...
මාතලේ - මහවෙල බිසෝඇල්ලෙන් වැටී තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පොලිසිය සදහන් කළේ, කොළඹ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.
මෙම තරුණයා තවත් පිරිසක් සමග අද බිසෝඇල්ල නැරඹීමට පැමිණි අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.