"අනේ මට මේ වැඩ එක්ක වෙලාවක් නෑ. හැමදාම හවසට දූවට ටියුෂන් තියෙනවා. හොඳට පළතුරු කාලා වතුර බීල හිටියම ඕක හරි යයි." එසේ හය මාසයක් ගත විය.
''සිරි දැන්නම් මට හොඳටම අමාරුයි වගේ. කෑම කාපු ගමන් බඩ පුරවලා දානවා. ටොයිලට් යනවා හොඳටම හොරයි. තවම ලේත් පිටවෙනවා.''
''මම ඔයාට කිව්වනේ ශීලා. අදම ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා යමු...''
''ආ,මිසිස් පෙරේරා, මොකක්ද අමාරුව?
''අනේ doctor දැන් හය මාසෙක විතර ඉඳලා, මගේ බඩ වේලනවා, ලේත් යනවා. ඉක්මනින්ම බඩ පිරෙනවා. කෑම පිරියත් අඩුයි.''
''ආ එහෙමද මල පහ වල හැඩයේ වෙනසක් තියෙනවද? ටොයිලට් ගියාට පස්සේ ආයෙත් යන්න ඕනේ වගේ ගතියක් එනවද?''
''එහෙමයි doctor.''
''ඇයි ඉතින් මෙච්චර දවස් ආවේ නැත්තේ? මාස හයක් කියන්නේ කොච්චර කාලයක් ද?''
''අනේ ඩොක්ටර් මගේ දුවගේ විභාගේ තිබුණා.එන්න වෙලාවක් තිබුනෙ නෑ.''
''මිසිස් පෙරේරා කොච්චර වැඩ තිබුණත් තමන්ගේ සෞඛ්‍ය ගැන බලන්න ඕන නේද?''
''අනේ doctor දැන් මොකද කරන්නේ?''
''මම දැන් බඩවැලේ පරීක්ෂාවකට (colonoscopy) ඔයාව ඇතුළත් කරගන්නවා. මේ මම දෙන බෙහෙත් ටික අරගෙන කියන දවසට ශල්‍යාගාරයට එන්න.''
සති දෙකකට පසුව ශීලා, පරීක්ෂණයේ ප්‍රතිඵල බැලීම සඳහා වෛද්‍යවරයා හමුවට ගියාය.
''ආ එන්න එන්න මිසිස් පෙරේරා. ප්‍රතිඵල නරකම නෑ. මම මහ බඩවැලේ ගෙඩි කීපයක් අරන් දැම්මා. එයින් ගෙඩි දෙකක් පසුවට පිළිකාවකට එන්න තිබුණු ගෙඩි. දැන් ඉතින් බය වෙන්න දෙයක් නෑ. ඒත් ඔයා තව අවුරුදු තුනකින් පමණ මේ පරීක්ෂණයට නැවත එන්න ඕනේ.''
''අනේ ඩොක්ටර් ට බොහොම ස්තූතියි.මම හොඳටම බයේ හිටියේ. මට මේ බඩවැලේ පිළිකා ගැන තව ටිකක් දැනගන්න පුලුවන්ද?''
''ඔව්,ඔව් මම කියලා දෙන්නම්.''
මහ බඩවැලේ පිළිකා ලෝකයේ පිළිකා වලින් තෙවැනි තැන ගන්නවා. ඒ වගේම මරණය ගෙන දෙන පිළිකාවලින් දෙවැනි තැන ගන්නවා.
එතකොට doctor මොන වගේ අයටද වැඩිපුර මේ පිළිකාව හැදෙන්නේ?
1. වයස පනහේ සිට 75 දක්වා, බඩවැලේ පිළිකා සැදීමේ අවදානම වැඩි වෙනවා.
2. පවුලේ ළඟම ඥාතීන්ට පිළිකාව තිබුණා නම් අවදානම වැඩියි.
3.ulcerative colitis, Crohn's disease වගේ මහා අන්ත්‍රයේ ඇතිවන රෝග ඇති අයට අවදානම වැඩියි.
4. බඩවැලේ ගෙඩි තිබුණු අයට
5. පරම්පරානුගත පිළිකා රෝගයෙන් පෙළෙන අයට.
6. දියවැඩියා රෝගයෙන් පෙළෙන අයට ( diabtes type 2) අවදානම වැඩියි.
තවත් වළක්වා ගත හැකි අවදානම් තත්ත්ව තිබෙනවා
1. තරබාරු බව
2. දුම්බීම
3. මධ්‍යසාර පානය
4. ඌරු මස් හරක් මස් ආදී මාංශ සහ සොසේජස් වැනි පිළියෙල කරන ලද මාංශජනක ආහාර වැඩිපුර ගැනීම.
5. ව්‍යායාම නොකිරීම.
ඉතින් doctor මේ රෝගය වළක්වා ගන්න පුළුවන් කම තියෙනවා ද?
ඔව්
1. දිනපතා ව්‍යායාම වල යෙදීම.
2. දිනපතා පලතුරු වර්ග සහ එළවළු ආහාරයට ගැනීම
3. කොහිල වැනි කෙඳි අධික ආහාර නිතර ගැනීම.
4. කිරි ආහාර කැල්සියම් අවශ්‍ය ප්‍රමාණයෙන් ගැනීම.
5. ෆෝලික් ඇසිඩ් සහිත ආහාර ගැනීම.
6. ශරීරයේ විටමින් ඩී පදාර්ථය අවශ්‍ය ප්‍රමාණයෙන් තබාගැනීම.
ඒ වගේම අවුරුදු 50 ට පසු අවුරුදූ දෙකකට සැරයක් FOBT(fecal blood test) පරීක්ෂණය කර ගැනීම.
පවුලේ ලඟම ඥාතීන් අතර අවුරුදු 45 ට පෙර බඩවැලේ පිළිකා තිබුණේ නම් ඔවුනට පිළිකා හැදුණු වයසට අවුරුදු දහයකට කලින් සිට තමන් colonoscopy පරීක්ෂාව කර ගත යුතුයි.
මහා බඩවැලේ පිළිකා මුල් අවස්ථාවේදී හඳුනා ගැනීමෙන් අවුරුදු පහක් පිලිකාවෙන් තොරව ජීවත්වීමේ අවස්ථාව 90% වේ (5yr survival rate).
අනේ doctor ඔබතුමාට බොහොම ස්තුතියි. මම මේ තොරතුරු මගේ පවුලේ අනිත් අයටත් යහළු යෙහෙළියන් හැමෝටමත් දන්වන්නම්. ඒ වගේම වැසිකිළි යාමේ වෙනසක් ඇත්නම් පුළුවන් ඉක්මනින් වෛද්‍යවරයෙකු හම්බ වීමේ වැදගත්කම අවධාරණය කරන්නම්.
වෛද්‍ය හිමානි අබේරත්න.
උපුටා ගැනීමකි