Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
15
ලාබයි කියලා නිතර දෙවේලේ ගෝවා, රාබු කන්න එපා...

- ලාබයි කියලා නිතර දෙවේලේ ගෝවා, රාබු කන්න එපා...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9 Views

මල්වර සමයේ, ගැබිනි සමයේ කිරි දෙන කාලයේ වායුගෙඩි ඇතිවෙන්න පුළුවන්. එය ලෙඩක් නොවේ.


තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩු වුණොත් දරුවාගේ මොළය වැඩීමත් බාල වෙනවා.
 
උගුරේ මාළු කටු හිරවුණාට වායු ගෙඩි හැදෙන්නේ නෑ.
 
තයිරොයිඩ් ක්‍රියාකාරිත්වය අඩු අය මානසික අවපීඩනයට ලක්වෙනවා.
 
වායුගෙඩි කියන්නේ තයිරොයිඩ් ග්‍රන්ථියේ වායුව පිරීමක් නොවේ.
 
ශරීර ක්‍රියාකාරිත්වය මනාව පවත්වා ගැනීමට තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය ඉතා වැදගත් වේ. තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝග පිළිබඳ එතරම් කතාබහට ලක් නොකෙරුණත් නොසලකා හැරීමෙන් කායික හා මානසික වශයෙන් අහිතකර බලපෑම් ඇති විය හැකියි. අද ඔබ දැනුම්වත් කෙරෙන්නේ තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරීත්වය, අව ක්‍රියාකාරීත්වය හා ගලගණ්ඩය හෙවත් වායු ගෙඩි යන රෝගී තත්ත්ව හා ඒවායේ බලපෑම පිළිබඳවයි.
 
බෙල්ල ඉදිරිපස ඉදිමීම, එසේත් නැතිනම් ගෙඩියක් සේ ඉදිරියට නෙරා ඒමට හේතුව කුමක් ද?
 
බෙල්ලේ ඉදිරිපස ඉදිමුම් වැඩි ප්‍රමාණයකට හේතුව තයිරොයිඩ් ග්‍රන්ථියේ විශාල වීමයි. එහෙත් සමහර අවස්ථාවල වසා ගැටිති ඉදිමුම, සමේ හටගත් ගෙඩියක් හෝ ගෙලෙහි ඇති වෙනත් පටකයකින් පැන නැඟුණු ගෙඩියක් එලෙස ඉදිමීමක් ලෙස පෙනෙන්නට පුළුවන්. වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කර ගැනීමෙන් එය කවර රෝගී තත්ත්වයක් ද යන්න නිශ්චය කරගත හැකියි.
 
තයිරොයිඩ් ග්‍රන්ථි ඉදිමීම හෙවත් ගලගණ්ඩයට හේතුව අයඩින් ඌනතාව පමණ ද?
 
ආහාරයේ අයඩින් ඌනතාව නිසා ගලගණ්ඩය ඇති වෙනවා. ඒ නිසයි අයඩින් ලුණු භාවිතය නිර්දේශ කර තිබෙන්නේ. නමුත් ඊට අමතරව තයිරොයිඩ් ග්‍රන්ථියේ ආබාධ, ශරීරගත අන්තරා සර්ග පද්ධතියේ ඇතිවන්නා වූ රෝගී තත්ත්වයන් හේතුවෙන් ද ගලගණ්ඩය ඇතිවීමට පුළුවන්.
 
එතකොට තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය මොන වගේ ද?
 
සාමාන්‍ය තත්ත්වය යටතේ බෙල්ලේ ඉදිරිපස තයිරොයිඩ් ග්‍රන්ථිය ඇති බව අපට දැකගත නොහැකියි. එය ස්වාසනාලය ඉදිරිපස පිහිටි සමනලයකු ගේ හැඩය ගත් කුඩා ඉන්ද්‍රියයක්. ශරීරයේ සෑම සෛලයකටම පරිවෘත්තීය ක්‍රියා සඳහා අවශ්‍ය ට්‍රයි අයිඩොතයිරොසින් නමැති හෝමෝනයත්, තයිරොක්සින් නමැති හෝමෝනයත් නිෂ්පාදනය කරන්නේ තයිරොයිඩ් ග්‍රන්ථියෙන්.
 
තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරීත්වය හා ගලගණ්ඩය අතර සම්බන්ධතාවක් තිබෙනවා ද?
 
යම් සම්බන්ධයක් තිබුණත් ගලගණ්ඩය නැති කෙනකුගේ පවා තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරීත්වය ඇති විය හැකියි. එවැනි අවස්ථාවක හොඳින් ආහාරපාන අනුභව කළත් සිරුරෙහි බර අඩු වීම, කෙට්ටු වීම, උණුසුම දරා ගැනීමේ නොහැකියාව, සිරුරේ රස්නය ගතියක් දැනීම, අප්‍රාණිකත්වය, නිතරම කේන්ති යාම, දහදිය දැමීම, හිතේ නොසන්සුන් බව, වරින් වර පපුව ගැහෙනවා සේ දැනීම ආදි රෝගී ලක්ෂණ පෙන්නුම් කළ හැකියි. මෙවැනි රෝගීන් ගේ ඇතැම් විට හිසකෙස් හැලීයාම හා නියපොතු මෘදු වීම පවා සිදුවීමට පුළුවන්. කාන්තාවකගේ නම් තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරීත්වය නිසා ඔසප් චක්‍රය කෙටි වීම වගේම රුධිර වහනය අඩුවීමත් සිදුවිය හැකියි.
 
තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරිත්වය ඇති අයගේ ඇස් නිතරම රතු පැහැ ගැන්වෙනවා කියන කතාව ඇත්ත ද?
 
ඇස් රතු පැහැ ගැන්වීම පමණක් නොවෙයි. ඇසේ වියළි බව හෝ ඉදිමුම, ඇස් ඉදිරියට නෙරා ඒම සිදුවිය හැකියි. එහෙත් එම රෝග ලක්ෂණ ඇති වන්නේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය වැඩි අයගෙන් ඉතාම සුළු පිරිසකට පමණයි.
 
තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරීත්වයට හේතුව කුමක් ද?
 
ඒ සඳහා හේතු කිහිපයක් ම තිබෙනවා. ඉන් ප්‍රධාන වන්නේ ‘ග්‍රේව් ගේ’ රෝගය ලෙස හැඳින්වෙන ස්ව ප්‍රතිශක්ති රෝගයක්. මෙම රෝගය හටගත් විට සිරුරේ ඇතිවන ප්‍රතිදේහ මඟින් තයිරොයිඩ් ග්‍රන්ථියේ තයිරොක්සින් නමැති හෝමෝනය සෑදීමේ ක්‍රියාවලිය වේගවත් කරනවා.
 
එවැනි රෝගියෙකු සුව කළ හැකිවන්නේ සැත්කමකින් පමණ ද?
 
නෑ. ඒ සඳහා තවත් ප්‍රතිකාර ක්‍රම දෙකක් තිබෙනවා. බෙහෙත් පෙති වර්ග ලබා දීම ඉන් පළමුවැන්නයි. ඒවා මඟින් තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩු කරනවා. එහෙත් ප්‍රතිකාරය නතර කළ පසු නැවතත් රෝග ලක්ෂණ මතු විය හැකියි.
 
මීට අමතරව විකිරණශීලි අයඩින් ප්‍රතිකාරය ලබා දෙන්නට පුළුවන්. එය වඩාත් පහසු මෙන් ම ඵලදායී ප්‍රතිකාර ක්‍රමයක්. මෙහිදී සිදු වන්නේ රෝගියාට ලබාදෙන විකිරණශීලී අයඩින් සියල්ල තයිරොයිඩ් ග්‍රන්ථිය මඟින් උරා ගන්නා නිසා එහි ක්‍රියාකාරීත්වය අඩාළ වීමයි. එහෙත් තරුණ අයට සහ ගර්භණි අයට මෙම ප්‍රතිකාර ක්‍රමය ලබාදීමේ දී වඩාත් සැලකිලිමත් වෙනවා. ඊට හේතුව මෙම ප්‍රතිකාර ක්‍රමයේ දී ඉතා කලාතුරකින් වුවද තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා ඇතිවීමේ අවදානමක් ඇති නිසයි.
 
බෙල්ලේ ඉදිමුම ඇති අයටත් එම ප්‍රතිකාර සුදුසු ද?
 
තයිරොයිඩ් ග්‍රන්ථිය විශාල වශයෙන් ඉදිමී තිබේ නම් මේ ප්‍රතිකාර ක්‍රම දෙකම සුදුසු වන්නේ නෑ. එමඟින් රෝග ලක්ෂණ පහව ගියත් බෙල්ලේ ඉදිමුම හෙවත් වැඩි දෙනෙක් කියන වායුගෙඩි තත්ත්වය අඩු වන්නේ නෑ. එවැනි අයට වඩාත් සුදුසු වන්නේ ශල්‍යකර්මයක් සිදු කිරීමයි.
 
ගලගණ්ඩයට ශල්‍යකර්ම කරන අයගේ කටහඩ නැති වෙනවා කියන කතාව ඇත්ත ද?
 
එවැනි සැත්කමක දී ස්වරාලය සම්බන්ධ ස්නායුව කැපී ගියහොත් කටහඬ නැති වීමට ඉඩ තිබෙනවා. මේ ශල්‍යකර්මය භයානක එකක් නොවෙයි. ඒ සඳහා කිසිසේත් බිය විය යුතු නැහැ.
 
ගලගණ්ඩය සාමාන්‍ය ව්‍යවහාරයේ දී වායුගෙඩි ලෙස හැඳින්වෙනවා. බෙල්ල ඉදිමෙන්නේ තයිරොයිඩ් ග්‍රන්ථියේ වායුව පිරීමක් සිදුවන නිසා ද?
 
නැහැ. ගලගණ්ඩය ඇති අයගේ තයිරොයිඩ් ග්‍රන්ථිය තුළ වායුව පිරීමක් සිදු වන්නේ නෑ. අප ආශ්වාස ප්‍රශ්වාස කරන ශ්වසන නාළයට යාබදව එයට ඉදිරියෙන් මෙම ග්‍රන්ථිය පිහිටා ඇති නිසාත්, එම ග්‍රන්ථිය විශාල වන විට ශ්වසන අපහසුතා ඇතිවන නිසාත් ඒවා වායුගෙඩි ලෙස ගැමි වහරේ හැඳින්වෙනවා. තයිරොයිඩ් ග්‍රන්ථිය තුළ ඇත්තේ තයිරොක්සින් හෝමෝන නිෂ්පාදනය කරන සෛල, එම හෝමෝන තැන්පත් කර තිබෙන කුටීර, රුධිර වාහිනී සහ ඒ හා සම්බන්ධ වෙනත් පටකයි.
 
ගලගණ්ඩය ඇති හැම කෙනෙක් ම ප්‍රතිකාර ගත යුතුම ද?
 
නෑ. ගලගණ්ඩය ඇති හැම කෙනෙක් ම රෝගියෙක් නොවේ. සාමාන්‍යයෙන් අපේ සමාජයේ සියයට පහළොවකට පමණ අතට දැනෙන හෝ ඇසට යාන්තමින් පෙනෙන ගලගණ්ඩයක් තිබිය හැකියි. විශේෂයෙන් ම ගැහැනු දරුවන් මල්වර වන වයසේදීත්, ගැබිනි සමයේදීත්, මවුකිරි දෙන කාලයේ දීත් තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය වේගවත් වන නිසා එය තරමක් විශාල විය හැකියි. එය සාමාන්‍ය තත්ත්වයක් මිස රෝගී තත්ත්වයක් නොවෙයි.
 
ගලගණ්ඩය ඇති හැම කෙනෙක් ම රෝගියෙක් නොවන බව ඔබ පැවසුවා. එවැනි තත්ත්වයක් සුළුවෙන් හෝ දැනෙන කෙනෙක් තමන් රෝගී ද නිරෝගී ද යන්න දැන ගන්නේ කොහොමද?
 
ගලගණ්ඩය ඇති සමහර අයගේ තයිරොක්සින් හෝමෝනය අඩු වෙන්න පුළුවන්. තව කෙනෙකු ගේ එකම තත්ත්වයේ තිබෙන්නත් පුළුවන්. මෙය රුධිර පරීක්ෂාවක් මඟින් නිශ්චය කරගත හැකියි‍.
 
තයිරොයිඩ් ග්‍රන්ථයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මූලික අවස්ථාවේ ම හඳුනා ගත හැකි ද?
 
ඔව්. දියුණු රටවල නම් දරුවකු ඉපදුණු විට තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අනිවාර්යයෙන් ම පරීක්ෂා කරනවා. ඊට හේතුව කුඩා කාලයේ එහි ක්‍රියාකාරිත්වය නැතිවීම දරුවාගේ මොළය වර්ධනයට හා කායික වර්ධනයට බලපෑමයි. එහිදී ශරීරයේ තයිරොක්සින් ප්‍රමාණය අඩු නම් වහාම ප්‍රතිකාර ලබාදෙනවා. එසේ නැතහොත් දරුවා මන්ද බුද්ධික වීමට පවා ඉඩ තිබෙනවා.
 
අපේ රටේ අලුත ඉපදෙන දරුවන්ට එවැනි පරීක්ෂාවක් කෙරෙනවා ද?
 
නෑ. එවැනි පරීක්ෂාවක් සිදු නොකෙරු‍ණත් අලුත ඉපදුණ දරුවා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්වනවා නේ. දරුවාට එවැනි තත්ත්වයක් තිබෙනවා නම් එම වෛද්‍යවරයාට යම් වටහා ගැනීමක් කළ හැකියි. මෙවැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන දරුවන් ගේ පෙකනිය සාමාන්‍ය ප්‍රමාණයට වඩා ටිකක් විශාලයි. ශරීරය වියළි ස්වභාවයක් ගන්නා අතර හඬන විට කට හ‍ඬේ ගොරෝසු බවක් ඇති වෙනවා.
 
එවැනි ලක්ෂණවලින් දරුවාගේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වයේ වෙනසක් තිබේ දැයි සැක කළ හැකියි. නමුත් නිවැරැදි ක්‍රමය නම් රුධිරයේ තයිරොක්සින් මට්ටම බැලීමයි. අපේ රටේ ඇති සම්පත් ප්‍රමාණය ඒ සඳහා ප්‍රමාණවත් නෑ.
 
ගලගණ්ඩය පරම්පරාවෙන් පරම්පරාවට ඇතිවිය හැකි රෝගී තත්ත්වයක් ද?
 
පවුලේ කෙනෙකුට තිබූ පමණින් ගලගණ්ඩය සෑදීම අනිවාර්ය නෑ. එහෙත් සමහර පවුල්වල තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමීම, අන්තරාසර්ග පද්ධතියේ ඇතිවෙන්නා වූ ප්‍රශ්න තිබිය හැකියි. එවැනි තත්ත්වයක් ඇති වන්නේ කලාතුරකින්.
 
ගලගණ්ඩය රෝගීන්ගේ කටහ‍ඬේ වෙනසක් තිබෙනවා ද?
 
සාමාන්‍යයෙන් කටහ‍ඬේ වෙනසක් ඇති වෙන්නේ නෑ. එහෙත් කුඩා දරුවන්ගේ නම් ඉපදුණ අවස්ථාවේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වයේ වෙනසක් ඇති වුවහොත් කට හ‍ඬේ වෙනසක් ඇති විය හැකියි. තයි‍රොයිඩ් ග්‍රන්ථියේ සැත්කමකින් පසු කලාතුරකින් කෙන‍කුගේ කටහඬ නැතිවී යා හැකියි. එවිට හඬ පිටවන්නේ රහසක් කියනවා වැනි හඬකින්.
 
තයිරොයිඩ් ක්‍රියාකාරිත්වය අඩු වන විටත් ගලගණ්ඩය ඇති වෙන්න පුළුවන් ද?
 
ඔව්. තයිරෙ‍ායිඩ් ග්‍රන්ථියේ අව ක්‍රියාකාරිත්වයේදී එය ඉදිමීමේ අවස්ථාව වැඩියි. අප ගන්නා ආහාරවල අයඩින් ප්‍රමාණය අඩු නම් තයිරොක්සින් හෝමෝනය සෑදීමට අවශ්‍ය අයඩින් ප්‍රමාණය අඩුවෙනවා. ගෝවා, ‍රාබු, නෝකෝල්, මඤ්ඤොක්කා කොළ වැනි ආහාර නිතර නිතර ගන්නා විට තයිරොක්සින් නිපදවීමට ප්‍රශ්නයක් විය හැකියි. ඒ වගේ ම ඖෂධයක් ලෙස ‘රේඩියෝ ඇක්ටිං අයඩින්’ වැඩිපුර ගැනීමේදීත් තයිරොයිඩ් ක්‍රියාකාරිත්වය අඩුවෙන්නට පුළුවන්. ඒවා නියමිත මාත්‍රාවෙන් නියමිත වාර ගණන පමණක් ලබාගත යුතු වන්නේ ඒ නිසයි.
 
තයිරොයිඩ් ග්‍රන්ථියේ අවක්‍රියාකාරිත්වය සුලබ රෝගී තත්ත්වයක් ද?
 
තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරිත්වය ඇතිවන රෝගීන් මෙන් දෙගුණයක් අවක්‍රියාකාරිත්වයෙන්, පෙළෙන රෝගීන් සිටිනවා. මේ සඳහා හේතු කිහිපයක් ම බලපෑවත් ප්‍රධානතම හේතුව ස්වයංප්‍රතිශක්ති රෝගී තත්ත්වයක්.
 
දරුවන් ලැබුණු අලුත මවුවරුන්ගෙන් සියයට පහකට පමණ තාවකාලිකව ටික දිනක් යනතුරු මෙම රෝගය ඇතිවන්නට පුළුවන්. ඊට අමතරව විකිරණ ප්‍රතිකාර, පිටියුටරි ග්‍රන්ථියේ අර්බුද හා සමහර ඖෂධ වර්ග නිසා මේ තත්ත්වය ඇතිවිය හැකියි.
 
තයිරොයිඩ් ක්‍රියාකාරිත්වය අඩු අය මානසික අවපීඩනයට ලක්වෙනවා කියන්නේ ඇත්ත ද?
 
ඔව්. පර්යේෂණවලින් පෙනී ගොස් තිබෙන ආකාරයට මානසික අවපීඩනයෙන් හෙවත් ජීවිතය එපා වීමේ මානසික රෝගී තත්ත්වයෙන් පෙළෙන අයගෙන් සියයට විස්සක පමණ තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩු වී ඇති බව පැහැදිලි වෙනවා. සාමාන්‍ය තයිරොයිඩ් ක්‍රියාකාරිත්වයේ සිටින අය අතර දක්නට ලැබෙන මානසික අවපීඩන අනුපාතය මෙන් තුන් ගුණයක් තයි‍ෙරායිඩ් ක්‍රියාකාරිත්වය අඩු අය අතර දක්නට ලැබෙනවා.
 
මීට අමතරව තයිරොයිඩ් ක්‍රියාකාරිත්වය අක්‍රිය වුවහොත් ‘මික්සොඩීමා’ හෙවත් ‘හයිපො තයිරොයිඩිසම්’ නමැති රෝගී තත්ත්වය ඇති විය හැකියි. ශරීරයේ වියළි ස්වභාවය, සීතල ගතිය, කල්පනාව අඩුවීම, කට හඬ ගොරෝසුවීම, අලස ගතිය වගේ ම ශරීරයේ බර වැඩිවීමත් එහි ‍රෝගී ලක්ෂණ ලෙස පෙන්නුම් කරනවා.
 
මික්සොඩීමා රෝගය නිට්ටාවට ම සුව කරන්න පුළුවන්ද?
 
රෝගියා ගේ සැලකිලිමත් බව මෙහිදී ඉතාම වැදගත්‍. මෙහිදී ලබාදෙන හෝමෝනය රෝගියාට ගැළපෙන ප්‍රමාණයට අඩු හෝ වැඩි නොවන ලෙස ලබාගැනීම අනිවාර්යයෙන් කළ යුතු යි‍. දවසින් දෙකෙන් රෝගය සුව කිරීම අපහසුයි. සමහරවිට ජීවිත කාලය පුරාම මෙම රෝගීන්ට තයිරොක්සින් හෝමෝන පෙති ලබා ගැනීමට සිදුවෙනවා. මෙවැනි රෝගීන් වෛද්‍ය සායනවලට නොවරදවා සහභාගි වී, පරීක්ෂා කරවා ගැනීම සහ නියමිත ඖෂධ ප්‍රමාණයක් ලබාගැනීම වැදගත්.
 
උපතින් ම තයිරොයිඩ් ග්‍රන්ථිය අහිමි දරුවන් සිටිනවාද?
 
ඔව්. මේ තත්ත්වය හඳුන්වන්නේ ‘ක්‍රිටනිසම්’ නමින්. එවැනි දරුවන්ට නිසි ප්‍රතිකාර නොකර නොසලකා හැරීමෙන් සිදුවන්නේ දිව සහ උදරය විශාල, පෙකණිය ඉදිරියට නෙරූ, මන්දබුද්ධික, කුරුමිටි අය බවට පත් වීමයි. ක්‍රිටනිසම් තත්ත්වය හඳුනාගෙන ප්‍රතිකාර කළත් ඊට පෙර ඇති වූ පසුගාමී බව නැති කිරීම අපහසුයි. සංවර්ධනය වූ රටවල උපදින සෑම ළමයකුගේ ම උපතේදීම තයිරොයිඩ් හෝමෝන තත්ත්වය පරීක්ෂා කර බලන්නේ ඒ නිසයි.
 
තයිරොයිඩ් ග්‍රන්ථිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන දරුවන් ජීවිතකාලය පුරාම තයි‍ෙරාක්සින් පෙති ගත යුතු ද?
 
ඔව්. දරුවාට ජීවිත කාලය පුරාම තයිරොක්සීන් නොකඩවා ලබාදුනහොත් ඔහුගේ මානසික හෝ කායික වැඩීමට බාධාවක් වන්නේ නැහැ. මේ හෝමෝනය ලාබදායි නිසා එතරම් ගැටලුවක් වන්නේත් නැහැ‍. පර්යේෂණවලට අනුව හෙළි වී තිබෙන්නේ දරුවන් 3,500 න් එක අයකුගේ තයිරොයිඩ් ග්‍රන්ථිය නිසි ලෙස ක්‍රියා නොකරන බවයි.
 
ගලගණ්ඩයට නිසි ප්‍රතිකාර නොලබන කෙනෙකුට අනාගතයේ පිළිකාමය තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් තිබෙනවාද?
 
ඔව්. එහෙත් එවැනි තත්ත්වයක් ඇතිවන්නේ ඉතා කලාතුරකින්. විශේෂයෙන් වායු ගෙඩියේ ගැට වගේ ඇති විට එය වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කරවා ගැනීම අනිවාර්යයෙන් කළ යුතුයි. විකිරණශීලී අයඩින් ලබා දී කරනු ලබන ස්කෑන් පරීක්ෂණය මගින් සහ එන්නත් කටුවක් ඉදිමුණු ග්‍රන්ථියට ඇතුළු කර ලබාගන්නා පටක අධ්‍යයනය මඟින් පිළිකා තත්ත්වයන් නිවැරදිව හඳුනා ගත හැකියි.
 
ඒ නිසා ගලගණ්ඩය එසේත් නැතිනම් වායු ගෙඩි ඇති රෝගීන් සැත්කමක් මගින් හෝ විකිරණශීලී අයඩින් ප්‍රතිකාර මගින් ප්‍රතිකාර කොට රෝගී තත්ත්වය සුව කර ගැනීම වැදගත්‍.
 
මීට අමතරව ගලගණ්ඩයට නිසි ප්‍රතිකාර නොගෙන සිටීමෙන් අවුරුදු දහයක් පහළොවක් පමණ ගෙවී ගිය පසු ඉදිමුම වැඩි වී ශ්වාසනාලයේ තද වීමක් ඇතිවිය හැකියි. ශ්වසන රෝග ඇතිවීමටත් ඉඩ තිබෙනවා.
 
මාළු කටු වැනි දෙයක් උගුරේ හිරවීමෙන් වායු ගෙඩි හටගන්නා බවට තියෙන මතයේ සත්‍යතාවක් තිබෙනවාද?
 
නෑ. එය බොරු විශ්වාසයක් පමණයි.
 
ගලගණ්ඩයට අයඩින් ලුණු භාවිතය හිතකර බව පැවසුවත් රුධිර සංසරණ වේගයට (ප්‍රෙෂර්) ලුණු අහිතකර බව කියනවා නේද?
 
ශරීරයට ලුණු නැතිවම බ‍ෑ. අපි මෙහිදී නිර්දේශ කරන්නේ අයඩින් සහිත ලුණු. වැඩිපුර ගැනීම අවශ්‍ය නෑ. යාන්තමින් ආහාරයට එක්කර ගැනීම ප්‍රමාණවත්. ප්‍රශ්නයක් වන්නේ වැඩිපුර ගැනීමෙන්.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top