විනෝදයට නිවස තුල සර්පයන් ඇතිකළ පරිසරවේදියෙකු සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් මියගොස් තිබෙනවා.
කරාපිටිය ශික්‍ෂණ රෝහලේ පැවැති පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී ඒ බව අනාවරණය වූ බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.
මියගිය පරිසරවේදී අමල් කිත්රුවන් ගාල්ල වක්වැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.
ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂකවරයා ඉදිරියේ පැවැති සාක්‍ෂි විභාගයේදී අමල් කිත්රුවන් විජේසේකරගේ පියා තවදුරටත් සාක්‍ෂි දෙමින් පවසා තිබුණේ මෙවැනි කතාවක්.
මේ මගේ වැඩිමහල් පුතා. මට පුතාල දෙන්නෙක් හා දුවෙක් ඉන්නවා. පුතාට අසනීපයක් නැහැ. විනෝදයට සර්පයන් ඇති කරනවා.
නිවසෙ ද සර්පයන් ඉන්නවා. පසුගිය 02 වැනිදා රෑ පුතා ගෙදර හිටියා. පසුදින උදැසන ඉස්‌සරහ ගෙදර දුව ඇවිත් කිව්වා අමල් අයියා ගෙදර ඉස්‌සරහ ගේට්‌ටුව ළඟ වැටිලා ඉන්නවා කියලා.
මම එතනට ගියා. පුතා මුණින් අතට වැටිලා හිටියා. ඇඟට අත තියලා බැලුවා. ඇඟ සීතල වෙලා තිබුණා. කතා කළේ නැහැ. පසුව මේ ගැන පොලිසියට දැනුම් දුන්නා.

