Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
07
ලෙඩවලින් ගොඩ එන්න, කන්න හොඳම කෙසෙල් වර්ගය තාම දන්නේ නැහැ නේද?

- ලෙඩවලින් ගොඩ එන්න, කන්න හොඳම කෙසෙල් වර්ගය තාම දන්නේ නැහැ නේද?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

77 Views

හොඳින් ඉඳුණු කෙසෙල් ගෙඩියක් කන්න අකැමැති කෙනෙක් සොයා ගන්නට නොහැකි තරමට සෑම දෙනකුම පාහේ ප්‍රිය කරන පලතුරක් ලෙස කෙසෙල් හැඳින්විය හැකියි.


විවිධ වර්ගයන්ගෙන්, විවිධ රසයෙන් යුත් කෙසෙල් පැපුවා නිව්ගිනියා සිය නිජබිම ලෙස සලකන අතර ලොව පුරා ඉතා සුලබ වශයෙන් භාවිතයට ගන්නා පලතුරකි.

ලෝකය පුරා කෙසෙල් වර්ග 160ක් පමණ ව්‍යාප්ත ව පවතී. ලංකාවේ ද කෙසෙල් වර්ග 60ක් පමණ වගා කරනු ලබන අතර එයින් කෙසෙල් වර්ග 15ක් පමණ බහුල වශයෙන් ආහාරයට එක් කර ගනියි.

කෙසෙල්, මිලට සමාන ව ඉහළ රසයක් සහ ඉහළ පෝෂණ ගුණයක් දෙන සෑම වයස් කාණ්ඩයක ම සහ සෑම සමාජ තලයක ම වෙසෙන්නන්ට ආහාරයට ගත හැකි පලතුරකි. Musa Bulbacianaයන උද්භිද විද්‍යාත්මක නාමයෙන් ද රඹ සහ කදලිය යන නාමයන්ගෙන් ද හඳුන්වන රස ගුණ කෙසෙල් පිළිබඳ අද අපි දැනුම්වත් වෙමු.

ලංකාවේ අපි බහුල ව ආහාරයට ගන්නා කෙසෙල් වර්ග අතර ඇඹුල්, සීනි, කෝලිකුට්ටු, රත් කෙසෙල්, ආනමාලු, කැවෙන්ඩිශ්, ඇම්බුන් ආදිය මූලික වෙයි. නේත්‍රම්පලම් ලංකාවේ දි දැකිය හැකි විශාලත ම සහ මිලෙන් අධික ම කෙසෙල් වර්ගය වන අතර දැකගැනීම ද තරමක් දුර්ලභ ය.

ඇම්බුන් කෙසල් 1927 දී ලංකාවට හඳුන්වාදුන් කෙසෙල් වර්ගයක් ලෙස සලකනු ලබයි. ඒ කෙසේ නමුත් මුල් කාලයේ ඉන්දුනීසියාව, පිලිපීනය, මැලේසියාව වැනි අග්නිදිග ආසියානු රටවල ප්‍රචලිත ව පැවැති මෙම පලතුර මුල් වරට ලංකාවට හඳුන්වාදෙන ලද්දේ ලන්දේසින් විසින් විය යැයි විශ්වාස කරයි.

නමුත් වර්තමානය වන විට ලංකාවේ සෑම ප්‍රදේශයක ම පාහේ මෙම වගාව සරුවට සිදු වන බව නම් නොරහසකි. අද වන විට කැවෙන්ඩිශ් වැනි මිහිරි රසැති කෙසෙල් වර්ග අපනයනය කිරීම ද සිදු වේ.

ඇඹිලිපිටිය, සූරිය වැව, බරවකුඹුක, අඟුණ‍ෙකාළ පැලැස්ස, ජඳුර, පදලංගල, හත්පෝරුව, කිරි ඉබ්බන්ආර වැනි ප්‍රදේශවල කෙසෙල් ආර්ථික භෝග වගාවක් ලෙස සිදු කරයි. ඒ අතර අළු කෙසෙල් ආහාරයක් ලෙස ද අනෙක් කෙසෙල් වර්ග පලතුරු ලෙස ද වගා කරන අතර පත්‍ර ලබා ගැනීමේ අරමුණින් කෙසෙල් වගාව සිදු කරන පිරිස ද වෙයි.

කෙසෙල් කොළ සහ පට්ටා භාවිතයෙන් විවිධ විසිතුරු නිර්මාණ, ඇඳුම් සහ විසිතුරු ඇසුරුම් වෙළෙඳපොළට ඉදිරිපත් වෙමින් පවතින අතර අපනයන තත්ත්වයේ පවතින විශාල කර්මාන්ත ශාලා ද ඇත.

ඒනිසා ඇතැමුන් එම නිෂ්පාදන අවශ්‍යතාවය වෙනුවෙන් ද මෙම වගාව සිදු කරයි. නාගරික භෝජනාගාර තුළ කෙසෙල් පත්‍ර මත තබා ආහාර ගැනීම ප්‍රචලිත වෙමින් පවතින නිසා පත්‍ර අලෙවිය වගාව ලෙස කරන පිරිසටත් වෙළෙඳපොළක් සකස් වෙමින් පවතී.

ඉඳුණු කෙසෙල් භාවිත කරමින් කේක්, බිස්කට්, පාන්, සීරියල්, බීම, සැලඩ්, අයිස් ක්‍රීම් ආදී නිර්මාණාත්මක ආහාර ද සන්ධි රෝගීන් සඳහා බාම් වර්ග ද රූපලාවණ්‍ය ආලේපන ද නිෂ්පාදනය කරයි.

තන්තු, පිෂ්ඨය, ප්‍රෝටීන්, කැල්සියම්, යකඩ, මැග්නීසියම්, පොටෑසියම්, පොස්පරස්, කෙරටීන්, සින්ක්, මේදය, සෝඩියම් සහ විටමින් A, B,C,E,K B2,B3, B5, B6 අඩංගු පිළිකා මර්ධන ගුණයෙන් පොහොසත් ශාරීරික ශක්තිය වර්ධනය කරන ප්‍රතිශක්ති කරණ ගුණයෙන් ද ඉහළ ඉදුණු කෙසෙල් ගෙඩියක් දිනකට වරක් හෝ ආහාරයට ගත හැකි නම් එයින් සිරුරට ලබාගත හැකි ප්‍රයෝජන ඉමහත් ය.

පලතුරක් ලෙස ආහාරයට ගත් විගස ශරීර ශක්තිය ලබා දෙන කෙසෙල් විෂබීජ නාශක ගුණයෙන් ද යුතු බැවින් සමේ ඇති වන තුවාල ඉක්මනින් සුව කරයි. රුධිරගත සීනි ප්‍රමාණය අඩු කරන නිසා දියවැඩියා රෝගීන්ට ද හිතකර ප්‍රතිඵල ලබා දෙයි.

ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ද පෙහොසත් බැවින් ශරීරයේ වර්ණවත් භාවය ඇති කිරීමටත් හේතු වේ. ඊට අමතර ව අධික රුධිර පීඩනය, ආතතිය වැනි රෝග සමනය කිරීමටත් වකුගඩුවල ගල් සහ දෘශ්‍යාබාධා සහිත රෝගීන් සඳහාත් ඉඳුණු කෙසෙල් හිතකර ප්‍රයෝජන රාශියක් ගෙන දෙයි.

ඉඳුණු කෙසෙල් පෝෂණීය ගුණයෙන් ඉහළ බැවින් දැඩි කුසගිනි අවස්ථාවක දී කුසගින්න සමනය කර ගැනීමටත් ආහාර පාලනය කිරීමේ දී ගනු ලබන වෙනත් ඖෂධ සමඟත් කෙසෙල් ආහාරයක් ලෙස ගත හැකි ය. එහි ඇති ඉහළ ග්ලූකෝස් මට්ටම නිසා දිරවීමේ ක්‍රියාවලිය පහසු කර වන අතර වැඩෙන වයසේ දරුවන්ට ලබා දීම ද ඉතා යෝග්‍යයි.

රතඹලා කෙසෙල් කිරි දෙන මව්වරුන්ගේ ක්ෂිර (කිරි) නිෂ්පාදනය වර්ධනයට විශාල සහයක් ලබාදෙයි. සීනි කෙසෙල් (කොළඹ පූවාළු) ඉතා ඉහළ පෝෂණ ගුණයෙන් යුක්ත වන අතර මාංසපේෂී වර්ධනය සඳහා ද හිතකරය. ඊට අමතර ව මල බද්ධය සහිත රෝගීන් සඳහා ද හිතකර ඔසුවකි.

කැවුම් වැනි දේශීය රස කැවිලි සමඟත් බනිස්, පාන්, රොටී, බිස්කට් වැනි ආහාර සමඟත් කෙසෙල් ආහාරයට ගැනීම පුරුද්දක් වශයෙන් සිදු කරයි. එවන් විටෙක කෙසෙල් ගෙඩියේ රසයත් සමඟ කැවිලිවල රසය තවත් වැඩි වන අතර එය පෝෂණ ගුණයෙන් ද ඉහළ යයි. දකුණු පළාත් වැසියන් බත්, මීකිරි සමඟ කෙසෙල් ආහාරයට ගැනීමට පුරුදුව සිටිති.

ප්‍රධාන ආහාර වේලකින් අනතුරුව අතුරුපසක් ලෙසින් කෙසෙල් ගෙඩියක් හෝ කිහිපයක් ආහාරයට ගැනීම නම් බොහෝ දෙනෙක් පුරුද්දක් ලෙසින් සිදු කරයි. එහිදී බොහෝ දුරට කෙසෙල් මඟින් සිදුවන ආහාර දිරවීමේ ක්‍රියාවලිය පහසු කිරීම, මල බුරුල් කිරීම අපේක්ෂා කරයි. එමෙන්ම අතීසාරය වැනි මල දියරමය වශයෙන් පිටවන අවස්ථාවක මල ඝන බවට පත්කිරීමේ සුවිශේෂ හැකියාව ද ඉඳුණු කෙසෙල් සතුය.

ඉදුණු කෙසෙල් ආහාරයට ගැනීමේදී පැණි රසයක් දිවග‍ට දැණුනත් මධුර, අම්ල, තිත්ත, ලවණ, කටුක, කසට (පැණි රස, ඇඹුල් රස, තිත්ත රස, ලුණු රස, කටුක රස, කහට රස) යන රස හය ම පවතී. ඉදීමට ප්‍රථම ව නම් ඇඹුල් මිශ්‍ර කසට රසයක් පවතින අතර කෙසෙල් ගෙඩිය ඉදීමේ දි වෙනස්වන ජීව තත්ත්වයත් සමඟ එයින් මධුර රසයක් ඇති වේ.

හෘද රෝගීන්ට කෙසෙල් අඟුණ ද?

ඉඳුණු කෙසෙල්වල පොටෑසියම් බහුල ලෙස අන්තර්ගත වන නිසා හෘද රෝගීන්ට අගුණ තත්ත්වයක් ඇති විය හැකි ය. එහෙත් තමන් ආහාරයට ගන්නා කෙසෙල් වර්ගය වරින් වර වෙනස් කරන්නේ නම් එම අහිතකර තත්ත්වයෙන් අත්මිදිය හැකි යි.
උපුටා ගැනීමකි 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top