Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
14
පුංචි වුණාට මේක බෙහෙත් ගබඩාවක්..

- පුංචි වුණාට මේක බෙහෙත් ගබඩාවක්..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

32 Views

මේ කා අතරත් ජනප්‍රිය ආහාරයක්.. ගොඩක් දෙනෙක් මේ කෑම කන්න ආසයි..

ඒ වගේමයි ඒකේ ගුණ.. 


දේශීය වෙදකමේදී නෙල්ලිවලට හිමි වන්නේ ප්‍රමුඛ තැනක්. ඖෂධීය ගුණ මෙන් ම, කා අතරත් ජනප්‍රිය පලතුරක් ලෙස නෙල්ලිවලට ඇත්තේ ඉහළ වටිනාකමක්..

ජීව පදාර්ථ මෙන් ම, ඛනිජ පදාර්ථ රැසකින් පරිපූර්ණ නෙල්ලිවල උද්භිද විද්‍යාත්මක නාමය Phylantha emblica වන අතර, එය Euphorbiaceae කුලයට අයත් වේ. නෙල්ලිවල සංස්කෘත නාමය ආමලකි නම් වේ. වල් නෙල්ලි, ගම් නෙල්ලි ලෙස නෙල්ලි දෙවර්ගයකි..

නෙල්ලි ඝර්ම කලාපීය සදාහරිත ශාකයකි. නමුත් උප ඝර්මකලාපීය රටවලදී වසරේ එක් කාල සීමාවකදී පැරණි පත්ර වැටී නව පත්ර ඇති වේ. “ඛෙහෙත් නෙල්ලි” ලෙස සාමාන්ය ව්යවහාරයේදී හඳුන්වන නෙල්ලි විටමින් සී අධික පලතුරක් ලෙස වඩාත් ප්රචලිතය. පලතුරු අතර විටමින් සී බහුලම පලතුර ලෙස සැලකිය හැකි මෙහි නැවුම් පලතුරු පල්ප ග්රෑම් 100 ක විටමින් සී මිලි ග්රෑම් 250 - 1,800 ක් පමණ අඩංගුය. මෙහි ඉතා වැදගත් ප්රතිඔක්සිකාරක හා පොලිෆීනෝලද අඩංගු වේ.

එමෙන්ම නෙල්ලි ඖෂධීය ගුණයෙන්ද ඉතා අනූන අතර එහි සියළුම කොටස් ඖෂධීය ගුණයෙන් යුක්තය. නෙල්ලි වලින් විවිධ නිෂ්පාදන රාශියක් සකස් කළ හැකිය. නෙල්ලි වල ඖෂධීය ගුණය ආයූර්වේද පොත පතෙහි මනාව සඳහන් කොට ඇති අතර සෞඛ්යමත් ජීවිතයක් සඳහා මෙහි ඇති වැදගත්කමද හොදින් හඳුනාගෙන ඇත. එමෙන්ම නෙල්ලි තිත්ත, කහට, පැණි, ඇඹුල් හා ලවණ යන රස පහකින් සමන්විත වන බවද සැලකේ.

නෙල්ලි වගා කිරීමට පහසු, ගිනි ගැනීම් වලට ඔරොත්තු දෙන, තදබල රෝග හා පළිබෝධ හානි වලින් තොර, අවම වගා පාලන තත්ත්ව යටතේ වුවද හොඳින් වර්ධනය වන බෝගයකි. මෙය ගෙවතු බෝගයක් ලෙස ඉන්දියාවේ සහ ශ්රි ලංකාවේ ජනප්රිය වන අතර ඉන්දියාවේ වාණිජ වගාවන් දක්නට ලැබේ.

ශ්රි ලංකාව තුළ ඖෂධීය හා පෝෂණීය ගුණයෙන් සපිරි පලතුරක් ලෙස වසර පුරාම වාගේ සාමාන්ය වෙළදපොලෙහි නෙල්ලි දක්නට ලැබේ. මෙම නෙල්ලි සියල්ලම පාහේ නෙලා ගනු ලබන්නේ දැනට වියළි කලාපීය වනාන්තර වල තිඛෙන නෙල්ලි ශාක වලිනි. අතරමැදි හා තෙත් කලාපීය ප්රදේශ වල සමහර ගෙවතු වලද හොඳින් ඵල දරන නෙල්ලි ශාක දක්නට ඇති අතර ඔවුන් වාර්ෂිකව ඒවා අලෙවියෙන් හොඳ ආදායමක් ලබයි.

දේශීය නෙල්ලි වල ඵල වල ප්රමාණය සහ බරෙහි විශාල විවිධත්වයක් දක්නට ලැබේ. මේ අනුව දේශීය නෙල්ලි ගෙඩියක බර ග්රෑම් 4.2 - 11.3 පමණ වේ. මෙරටට විදේශීය රටවලින් හඳුන්වාදී ඇති නෙල්ලි විශේෂයන්හි ගෙඩියක බර ග්රෑම් 14.8 - 45 ක් පමණ වේ. ජනතාව විශාල ගෙඩි සඳහා වැඩි කැමැත්තක්
දක්වන අතර කුඩා ගෙඩි වලට වඩා ඒවායේ වෙළදපල මිලද ඉහළ අගයක් ගනී.

දේශගුණය

නෙල්ලි ස්වාභාවිකව ඝර්ම කලාපීය හා උප ඝර්ම කලාපීය දකුණු ආසියාතික වියළි ප්රදේශ වල සහ මිශ්ර සදාහරිත වනාන්තර වල දක්නට ලැබේ. මෙහි සම්භවය නේපාලයේ දකුණු හිමාල පෙදෙසේත් ඉන්දියාවේ උතුරු ප්රදේශයේ සිට දකුණටත් ඉන්දියානු උප මහද්වීප රටවල් දක්වාත් පැතිර පවති. මේ රටවල් අතරට ශ්රි ලංකාව ද අයත් වේ.

ශ්රි ලංකාව තුළ වියළි හා අතරමැදි කලාපයේ විශේෂයෙන්ම බිබිල, බදුල්ල, මොණරාගල, ගල්ඔය, බුත්තල, අනුරාධපුර, රත්නපුර හා පොළොන්නරුව ආදී ප්රදේශ වල වනාන්තර තුළ ස්වාභාවිකව නෙල්ලි වගාවන් දැකිය හැකිය. තෙත් කලාපයේද ගෙවතු, ප්රසිද්ධ ස්ථාන සහ මහා මාර්ග දෙපස නෙල්ලි හොඳින් වැඩී තිඛෙනු දැකගත හැකිය. නෙල්ලි ශාකය මේ අනුව වියළි හා සෞම්ය දේශගුණ තත්ත්ව වලදී හොදින් වර්ධනය වන අතර දැඩි ශෂක දේශගුණ තත්ත්ව වලට ඔරොත්තු දීමේ ලකෂණ ද පෙන්වයි.
පෝෂණීය වටිනාකම
නෙල්ලි ඵල මාංශල ග්රෑම් 100 ක අඩංගු සංයුතිය

කැලරි
58
ජලය ග්රෑම්
81.3
ප්රෝටීන් ග්රෑම්
0.5
මේදය ග්රෑම්
0.1
කාබෝහයිඩ්රේට ග්රෑම්
13.7
තන්තු ග්රෑම්
3.4
ඛණිජ ලවණ මිලි ග්රෑම්
0.7
කැල්සියම් මිලි ග්රෑම්
50
පොස්පරස් මිලි ග්රෑම්
20
යකඩ මිලි ග්රෑම්
1.2
විටමින් ඒ මයික්රො ග්රෑම්
4.0
තයමින් මයික්රො ග්රෑම්

ඒ වගේමයි ගර්භණි සමය තුළ නෙල්ලි වලින් ලබාගත හැකි අරුම පුදුම ප්රයෝජන7 ක්
මෙම සුපිරි පලතුරේ ඇන්ටි ඔක්සිඩ්න්ට්, විටමින් c අනෙකුත් බොහෝ පෝෂණයන් අඩංගු වෙනවා කියා ඉන්දියාවේ Pachouli Spa and Wellness Center හි පෝෂණ වේදීයෙකු වන ප්රීති සෙත් පවසනවා.
මෙහි ඇති ඖෂධීය ගුණ නිසා බබාලා ලැබෙන්න ඉන්න අම්මලාට හරිම ගුණදායකයි. එක නෙල්ලි ගෙඩියක් හෝ දෙකක් දිනකට ගැනීමද ගර්භණි අම්මා කෙනෙකුට ප්රමාණවත්. හොඳම දේ තමයි නෙල්ලි වියළි වුනත් පිටි ආකාරයට වුවත් එහි ගුණයන් නැසෙන්නේ නැහැ.
බොහෝ විට ගර්භණි සමයේ ඇතිවන සංකූලතා වලට නෙල්ලි හොඳ විසඳුමක් සෙත් පවසනවා.
1. ඔබේ හැඟීම් ශුභදායක කරනවා
ගර්භණි කාලයේ අම්මලාගේ mood එක නැතිනම් හැඟීම් සිතුවිලි වෙනස් වෙනවා. හොර්මෝන වල බලපෑම ඊට විශේෂම හේතුවක්. පුංචි දේටත් ව්යාකූල වෙන්න වගේම කලබලයටත් පත් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ තත්වයන් සමනය කරන්න නෙල්ලි වලට පුළුවන්. එමගින් කෝපය සමනය කර ඔබව සන්සුන් කරනවා.
2. මළබද්ධය සමනය කරනවා
මළබද්ධය ගර්භණි කාලය තුළ සුලබ තත්වයක්. නෙල්ලි වල ඇති ජීරණය පහසු කරන ෆයිබර් අඩංගු නිසා වැසිකිළි යාම පහසු කරමින් මස්පිඩු සැහැල්ලු කරනවා. ඉන් ඔබට පහසුවක් දැනෙනවා.
3. තාවකාලික දියවැඩියාව
ගර්භණි කාලය තුළ ශරීරයේ ඉන්සියුලින් වල වෙනස් වීම් මත දියවැඩියා තත්වයන් ඇති විය හැකියි. නෙල්ලි වල ඇති දියවැඩියාව නැසීමේ ගුණය නිසා මෙලෙස එකවර ඇතිවෙන දියවැඩියා තත්වයන් ඇති වන්නේ නැහැ.
4. අඩු වයසින් දරුවන් ඇති වීමේ අවධානම අඩු කරනවා
නිතර නෙල්ලි කෑම නිසා අඩු වයසින් දරුවන් ඇති වීමේ අවධානම අඩු කරන අතර ඉපදෙන දරුවාගේ බුද්ධි මට්ටම වර්ධනය කරනවා. ඒ වගේම දරුවා ඉපදුනු පසු මවට මව් කිරි නිෂ්පාදනයට ද උදවු වෙනවා.
5. පපුවේ දැවිල්ල හා ඇසිඩ් ගතියට කදිමයි
හෝර්මෝන වල ක්රියාකාරිත්වය නිසා පපුවේ දැවිල්ල හා ඇසිඩ් ගතිය වැඩි වීම සුලබ තත්වයක්. මේ මගින් හානියක් නොවුනත් මවට එය ඉතා අපහසුදායකයි. නමුත් නෙල්ලි යුෂ පානය මීට කදිම විසඳුමක්.
6. යකඩ වලින් පරිපූර්ණයි
ගර්භණි කාලය තුළ ඇතිවෙන රක්තහීනතාවයට නෙල්ලි හරිම ගුණදායකයි. ඒ මගින් ශරීරයේ හිමොග්ලොබින් පාලනයට, යකඩ උරා ගැනීමට උදවු වෙන්නේ එහි ඇති විටමින් c නිසයි. මේ නිසා ගැස්ට්රික් හා මළබද්ධය ඇතිවීම වළකයි.
7. UTI වැනි ආසාදන වලින් ආරක්ෂා කරයි
නෙල්ලි වල ඇති විටමින් c මගින් ආසාදනයන් සමග සටන් කිරීමට ශක්තිය ලැබෙනවා. සෙත් සඳහන් කරනවා. විශේෂයෙන් ගර්භණි සමය තුළ මුත්රා අසාදන ඇතිවීමත් වැළක්වීමට නෙල්ලි කදිමයි.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top